මැතිවරණ කොමිසම අමාරුම ගැටයකට අහුවෙයි.. ගොඩයන්න නම් ජනපතිගේ අනුමැතිය පමණයි..
February 18, 2023 at 12:01 am | lanka C news
පළාත් පාලන මැතිවරණයට මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබා ගත යුතු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් සමග මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ය.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මැතිවරණ කොමිසන් සභාවට එහි දී දැනුම් දී ඇත්තේ ආර්ථික දුෂ්කරතා පවතින තත්ත්වයක් මත පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කිරීම ඉතා අසීරු බවයි.
පසුගියදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගය මත නිකුත් කරන ලද චක්‍රලේඛය මත මුදල් නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවද පවසා ඇති මුදල් ලේකම්වරයා මැතිවරණය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නැතැයි ද පෙන්වා දී ඇත.
අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන කාර්යයන් සඳහා මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ගේ අනුමැතිය ලබා ගත යුතුව ඇති බව ද ඔවුන් එහිදී පෙන්වා දී තිබේ

