ප්‍රඥාව ඇති කර ගැනීමට - ප්‍රඥා පාරමිතාව පිරිය හැකි වීමට - ප්‍රඥාව ඇතිවීමේ හේතූන් දැන ගෙන තිබීමත් ප්‍රයෝජනවත් ය. ප්‍රඥාව ඇති වීමට හේතු බොහෝ ය.
ත්‍රිහේතුක ප්රතිසන්ධිය ඇති බවය,
ප්‍රඥාව පතා කළ පින් ඇති බව ය.
හොඳින් වැඩුණු අංග සම්පූර්ණ ශරීරය ඇති බව ය.
නිරෝගී බව ය,
ප්‍රඥාව ආවරණය කරන අතීත අකුශලකර්ම නැති බව ය,
නා නා ශිල්ප - නා නා ශාස්ත්‍ර දන්නා බව ය,
ධර්මය දන්නා බව ය,
විමසන බව ය,
නුවණ මෙහෙයා කළ යුතු කර්මාන්තවල යෙදෙන බව ය,
ශාස්ත්‍රීය වැඩ වල යෙදෙන බව ය,
දහම් දෙසීම ය,
දහම් ඇසීම ය,
ගැඹුරු ධර්මය ගැන කල්පනා කිරීම ය,
පණ්ඩිතයන් හා සාකච්ඡා කරන බව ය,
පණ්ඩිතයන් ඇසුරු කරන බව ය,
මෝඩයන් ගෙන් දුරුව වාසය කරන බවය,
සමාධිය වැඩීම ය,
කෙලෙස් තුනී කර ගැනීම ය,
වාසස්ථාන හා ශරීරයත් ඇඳුම්
පැළඳුනුත් පිරිසිදුව තබා ගන්නා බව ය,
ප්‍රඥාව වැඩෙන බෙහෙත් ආහාර වැළඳීම ය, යනාදිය ය.
ප්‍රඥාවට බාධක කරුණු
ප්‍රඥා පාරමිතාව පුරන්නා විසින් ප්‍රඥාවට බාධක කරුණු ද දැන සිටිය යුතු ය. ප්‍රඥාවට බාධක කරුණු සැටියට ප්‍රධාන වශයෙන් කිය යුත්තේ නීවරණය පස ය.
මහණෙනි, සිත වසන්නා වූ කුශල ධර්මයන් වසන්නා වූ සිත පෙළන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෝ පස් දෙන මොවුහය.
1).මහණෙනි, කාමච්ඡන්දය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක,
2).මහණෙනි, ව්‍යාපාදය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක,
3).මහණෙනි, ථිනමිද්ධය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක,
4).මහණෙනි, උද්ධච්ච කුක්කුච්චය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක.
5).මහණෙනි, විචිකිච්ඡාව සිත වසන්නා වූ කුශලය ආවරණය කරන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක.
මහණෙනි, මේ ධර්මයෝ පස් දෙන සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෝ ය.
නීවරණ පස අතුරෙනුත් කාමච්ඡන්ද, ව්‍යාපාද දෙක වඩාත්ම ප්‍රඥාවට බාධක ය. ඒ දෙක නිසා මෙ ලොවත් මහ දුකට පත්ව මරණින් මතු ද අපා ගත වන්නෝ බොහෝ ය. චරියා පිටක අටුවාවෙහි ප්‍රඥාවට බාධක මෝහයට හේතු වන කරුණු බොහෝ ගණනක් දක්වා තිබේ.මේ චරියාපිටක අටුවාවෙහි සම්මෝහ කාරණයන් දක්වා ඇති ආකාරය ය.
උකටලී බව ය,
පමා වෙවී වැඩ කරන බව ය,
ඇඟ ඒ මේ අත අඹරවන හිරි අරින ගතිය ය,
අලස බව ය,
බොහෝ දෙනා හා එක්ව විසීමෙහි ඇලීම ය,
බොහෝ නිදන බව ය,
ඒ ඒ දෙය විනිශ්චය නො කර ගන්නා ස්වභාවය ය,
ඥානයෙහි නො කුහුල් බව ය, (ඤාණස්මිං අකුහුලතා යනු තේරුම් ගැනීම දුෂ්කර ය.)
වරදවා සිතා ගැනීම ය,
අනුන්ගෙන් නො පිළිවිසින ස්වභාවය ය,
ශරීරය මනා කොට පරිහරණය නො කරන බව ය,
නොසන්සුන් සිත් ඇති බව ය,
නුවණ නැතියන් සේවනය කරන බව ය,
නුවණැතියන් කරා නො යන බව ය,
තමාට ම අවමන් කර ගන්නා බව ය,
වරදවා කල්පනා කිරීම ය,
යම් යම් කරුණු වරදවා විනිශ්චය කර ගෙන සිටීම ය,
ශාරීරික දාහය අධික බව ය,
සංවේග නැති බව ය,
පඤ්චනීවරණයෝය, යන මොහු චරියා පිටක අටුවාවෙහි දැක්වෙන සම්මෝහ හේතුහු ය.