ප්රතිවාදීන් පුදුම කිරීමට ගිය ශ්රී ලංකා
ප්රතිවාදීන් පුදුම කිරීමට ගිය ශ්රී ලංකා පිල, පළමු තරඟයේ ප්රේක්ෂකයන් පුදුම කරයි…
By Isuru Weerarathna -
May 22, 2017
0
307
Share on Facebook
Tweet on Twitter
චැම්පියන්ස් කුසලානය ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් වේලාසනින් ශ්රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්රී ලංකා කණ්ඩායම තම පළමු පුහුණු තරඟය ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම කැපී පෙනුනි.
ප්රතිවාදීන් පුදුම කරනවා යයි පවසමින් එංගලන්තයට ගිය ශ්රී ලංකා කණ්ඩායම ප්රතිවාදීන් කෙසේ වෙතත් ශ්රී ලංකා ක්රිකට් ප්රේක්ෂකයන් සහ ශ්රී ලංකා ක්රිකට් ඉහල මට්ටමකට ගෙනා අතීත ක්රීඩකයන් පුදුම කරමින් ස්කොට්ලන්තය හමුවේ දරුණු පරාජයක් ලැබුවේ කිසිඳු තරඟයක්ද නොදෙමිනි.
ස්කොට්ලන්ත පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 50 ක්රීඩා කිරීමට පවා නොහැකි වූ ශ්රී ලංකා පිතිකරුවන් අතරින් චාමර කපුගෙදර පන්දු 50 තුල ලකුණු 71 ලබා ගත් අතර චන්දිමාල් සහ කුසල් ජනිත් අර්ධ ශතක ලබාගත්තද ඔවුන්ගේ ලකුණු ගණනට වඩා පන්දු ප්රමාණය වැඩි වීම නිසා ස්කොට්ලන්තය වැනි කණ්ඩායමක් හමුවේ එම දක්ෂතා ප්රමාණවත්ද යන ප්රශ්නය පැන නැගුනි.
පන්දුවාර 49.5 තුල ශ්රී ලංකාව සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 287 ලබාගැනීමේදී ස්කොට්ලන්තය වැය කලේ කඩුලු තුනක් පමණක් වන අතර,ආරම්භක කඩුල්ලේ සම්බන්දතාවය ලකුණු 201 වීමෙන් ශ්රී ලංකා පන්දු යවන්නන්ගේ තරම මැනගත හැක.
ස්කොට්ලන්තය වැනි කණ්ඩායමකත් කඩුලු තුනක් පමණක් දවා ගත හැකි ශ්රී ලංකා පන්දු කරන බලකායක් දකුණු අප්රිකාව ,ඉන්දියාව වැනි රටවල් කෙසේ පාලනය කරයිද යන්න සිතාගැනීමට පවා නොහැක.

Last edited: