ප්‍රථම උපාදිය පිටරටින්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ප්‍රථම උපාදිය පිටරටින්

    ප්‍රථම උපාදිය පිටරටින් ගන්න එක ගැන මොකද හිතෙන්නේ ?

    මේ දවස් ටිකේම නිව්ස් වල තියෙන්නේ අරෙහෙන් සිසුන් මෙච්චරක් ආවා මෙහෙන් සිසුන් මෙච්චරක් ආවා ගගා. බලපුවම සෑහෙන සෙට් එකක් පිට රට ගිහින් ඉගනගන්නේ.

    මට හිතෙන්නේ මෙහෙමයි.
    පස්චාත් උපාදි, ගුවන් නියමු වගේ රටේ පහසුකම් නැති ඒවාට පිට රට යන එක ඔකේ. ඒ රටවල් ඉදන් පාර්ට් ටයිම් කරලා සල්ලි හොයන් ඉගනගන්නවා නම් තවත් හොදයි. නමුත් ඉන්දියාවේ වගේ යනවා කියන්නේ එහෙමත් බැ නේ.
    ඉන්දියාවේ එහෙම ගොඩක් යනවා ඇත්තේ මෙඩිසින් කරන්න. අනිත් රටවලටත් එහෙම තමයි. ඒක තේරුමක් නැති වැඩක් කියලයි මට හිතෙන්නේ. මට ෂුවර් නැ ඔය උපාදි අරන් එන අය මෙහෙ ඇවිල්ල බෙහෙත් දෙනවද කියල වත්.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    ඉන්දියාවේ ගොඩක් යන්නේ මෙඩිසින් වලට නෙවෙයි. මෙඩිසින් වලටම යන රටවල් ගොඩක් තියනවා. ඉන්ඉදියාවේ හොරමෙඩිකල් කැම්පස් වැහිවැහැලා නිසා එච්චර කට්ටිය යන්නැ මෙඩිසින් වලට. ඉන්දියාව ගොඩක් යන්නේ එහෙන් ලංකා රජය එක්ක තියන ගිවිසුම් අනුව ශිෂ්‍යත්ව ගොඩක් ලැබෙනවා. අනික ස්කොල් නැතත් ගාන අඩුවෙන් ඉගෙන ගන්න පුලුවන්. ලිවින් කොස්ට් අඩුයි.

    ඉන්දියාවේ යන ගොඩක් අය කරන්නේ සංගිතය හා කලාව වගේ ආට් සම්බනද් ඒවා, බයෝටෙක්, අයිටි,ඉන්ජො වගේ සබ්ජෙක්ට්.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් කටුනායකට

    lankadeepa.lk

    අපේ රටේ අධ්‍යාපනය හොදයි කියලා පම්පෝරි ගැහුවට දැන් බැලුවාම ලංකාවේ ගොඩක් ළමයි ඉගෙන ගන්නේ පිටරටවල් වල. සමහර අය "දියුණු' යැයි සැලකෙන රටවල ඉගෙන ගත්තත් බොහෝ දෙනෙක් ඉගෙන ගන්නේ ඉන්දියාව, බංග්ලාදේශය පකිස්ථානය වගේ රටවල. ඇයි ක්‍රමයක් හදන්න බැරි මේ නිකරුනේ රටින් පිටවන ඇති විශාල මුදල් කන්දරාව ඉතිරි කර ගන්න. පෞද්ගලික විශ්ව විද්‍යාල රටකට අවශ්‍යයි. නමුත් ඒ සදහා බදවා ගැනීම් කිරීමේදී යම් මුලික සුදුසුකම් සපුරා ඇති අයව පමණක් බදවා ගැනීමත් සියලුම බදවා ගැනීම් විනිවිද භාවයකින් යුතුව පවත්වා ගැනීමත් කළ යුතුයි.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ගුවන් නියමුවෙක් නම් ඉංග්ලිෂ් ස්පිකින් කන්ට්‍රි එකක ඉංග්‍රිසියෙන්ම පිලිගත්ත ස්කුල් එකක කරන එක හොදයි. නැත්තම් කැරියර් එකේදි කට්ටක් කන්න වෙනවා, මොකද එහෙම නොවන රටකින්/ස්කුල් එකකින් කරොත් අවුරුදකට පාරක්ද කොහෙද ඉංග්‍රිසි ටෙස්ට් එකකට මුහුන දෙන්න වෙනවා. එකෙන් මාක් දෙනවා. මුල් විදිහට කරපු කෙනෙක්ට ෆ්ලුවන්ට් ලකුනු 5ම නිකං ලැබෙනවා. වසරක් පතා එක්සැම් නැ.

    මම දන්න එංගලන්ත යාලුවෙක්(මිනිහා නේටිව්) ඉගෙන ගත්තේ ජර්මන් වල පයිලට් ස්කුල් එකක. අදටත් නේටිව් උනත් එයාලා එක්සැම් එක කරන්න ඕනා. මිනිහා නාහෙන් අඩනවා උන්ගේ uk වල අනෙක් යාලුවෙනේට ඒක නැ කියලා. ඌට ඇත්තටම ඒක ගේමක් නැ නමුත් විකාරයක්නේ.