~ප්‍රථම විප්ලවය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~ප්‍රථම විප්ලවය~

aprilwiruwan.jpg
 
  • Like
Reactions: sudunone

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
විප්ලවයන් නමින් ඒ කරපිටින්ම නැග ඇවිත් රජ සම්පත් භුක්තිවිඳිමින් ඉන්න අය මතු පරපුර වෙනුවෙන්, උදාවෙන හිරුවෙනුවෙන් සටන කරති තම පැවැත්ම උදෙසාම. ඔවුන් එතරම්ම ජනතා සෙවයේ කැපවෙලා.

ඔවුන්ගේ ගමනට උරදුන් වාහනය අබලන්... එහි රෝදවල කැරකැවීමට වෙහෙසුන බෙයාරින් ගෙවිලා - ගලවා විසිකර... බොරළු පාරේ හැම ගැස්සිල්ලකටම උරදුන් දුනු-කොල කැඩිලා - පරන යකඩවලට විකුණා...
කුමට නම් රෙපෙයාර් ද වාහනය පරේ පැත්තක දූවිලි කයි වසරකට වරක් මැයි දිනය එනතුරු බොල් කබොල්ල ප්‍රදර්ශණයට.

ඇස් ඇරලවාලන අගනා නිර්මාණයක් සොයුර.
 
බොහොම ස්තුතියි සොයුර.. විප්ලවය හොඳටෝම අබලන් කරලා කට්ටිය යස ඉසුරු මාවතේ පොර කකා රොක් වෙලා...
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මැරුණු විරුවන්ගේ කර පිටින් දැන් බොරුවට සද්දෙ දානවා , මොන සමාජ විප්ලවයක්ද? උන් උන් හොයාගන්නවා ඇරෙන්න
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මැරුණු විරුවන්ගේ කර පිටින් දැන් බොරුවට සද්දෙ දානවා , මොන සමාජ විප්ලවයක්ද? උන් උන් හොයාගන්නවා ඇරෙන්න

    ඒක ඇත්ත..ස්තුතියි අදහස් දැක්වීමට...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තම කියන්න මට හරියටම ඔලුවට ගියෙ නැහැ අයියා "ප්‍රථම විප්ලවය" කියලා අදහස් කරන්නෙ ප්‍රංශ විප්ලවයද නැත්නම් 1971 අපේ කොල්ලනගෙ විපලවය ද කියලා. ඒක ගැන මට සමාවෙන්න අයියේ. නමුත් ඒ දෙකෙන් මොකක් වුනත් ඒ දෙකම සැබෑ විප්ලව. ලෙයින් ලියවිච්චි වීර කතා...

    නමුත් දුක, ඒවා විකුනගෙන කන, ඒවා මතින් තමන්ගෙ මඩි පුරවාගන්න ක්‍රම හොයා ගන්න රෑනක් බිහිවෙලා ඉන්න එකයි. තරුන හිත් කොහොමත් වීරත්ත්වයට ආසයි. ඒ හිත් අසහනයෙන්නම් විප්ලවයකට තියෙන නැඹුරුව තවත් වැඩියි. ඒ හිත් තමන්ගෙ සෙල්ලම් පිටි කරගත්තු සමහර පුස්සෝ වචන හරඹ වලින් මනාප ලයිස්තු වල මුල් තැනට ඇවිත් ගරු ඇමතිලා වෙනවා. අපේ අසරණ කොල්ලො කෙල්ලො ටික හිටිය තැනමයි...

    ඇස් ඇරවන නිර්මානයක් අයියේ... අයියා පුරවන්නෙ ලොකු නිර්මාන හිඩැසක්. අපේ එකෙක් හරි ඕක කියවලා තේරුම් ගත්තොත් අයියට ඒකම ලොකු පිනක්. තව තවත් මෙවන් නිර්මාන කරන්නට අයියට මම දිරි පතනවා. එතෙක් අයියට මගේ සහෝදර ආචාරය....
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහෝ මතකයන් අවදි කළ නිර්මාණයක් අය්යා. සාධාරන ලෝකයක් වෙනුවෙන් ජීවිත පූජා කළ අය, වසරකට වරක් සිහි කරන්නේ පවා ජීවත් වෙන අයගේම සෝබනය පිණිස. ඔවුන් ජීවිතය දුන් පරමාර්ථ ගැන මතකයක්වත් නැහැ.
    දිනෙක මතුදා
    අහස බලනා
    හෙට පරපුරට
    නොනවතින අරගලයක
    සෝදුපත් කියවන්නට~

    කල් නොයවා, අහස බලන්නට හිතුණා මටත්.
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    rally nice ayya...oya lassanata liyala thiyenawa,ath samahara than nam mata theren na.ath godak lassani
     
    මං ප්‍රථම විප්ලවය වශයෙන් අදහස් කලේ අපේ රටේ 1971 ඇතිවූ මෙතෙක් ලංකා ඉතිහාසයේ විශාල බුද්ධිමතුන් ප්‍රමාණයක් පිබිදුනු, නැගි සිටි හා මිනීමරු පාලකයන් විසින් අමු අමුවේ ඔවුන්ව සමුල ඝාතනය කල විප්ලවයටයි....

    නිර්මානකරුවෙකු හැටියට මල්ලියා මේක මගේ යුතුකම හා වගකීම හැටියටයි මං සලකන්නේ.. ..

    අද දවසේ තරුණයින් බොහොමයක් තුට්ටු දෙකේ හින්දි සිනමාවක වීරත්වය ඇඟට අරන් තමයි පාරේ යන්නෙ එන්නේ, කන්නේ බොන්නේ, අඳින්නේ පලඳින්නේ හා කථා බහ කරන්නේ..

    ඒ කවුරුත් මොහොතකට හිතුවද දන්නේ නෑ මෙහෙම සැබෑ තරුණ තරුණියෝ ටිකක් මැරෙන්න ඉස්සරවෙලා මිනීමරු පාලකයින්ගේ දස වධ හිංසාවන්ට ලක්වෙලා උන් වෙනුවෙන් උන්ට හෙට දවස හදල දෙන්න දිවි පූජා කලා කියල...

    එහෙම අයට හිතන්න යමක් වශයෙන් තමයි මෙය අකුරු කලේ...

    මල්ලියගේ අගනා විචාරයට බොහොමත්ම ස්තුතියි.....
     
    ඒක අපේ පින්භූමියේ සැදැහැවත් සාධුජනයාගේ ප්‍රබල ගති සොබාවක්නේ...

    පරමාර්ථ අරමුණූ ඒවා තඹයකට මායිම් නැහැ...

    අනෙකාගේ කර පිටින් හරි ගොස් ඌ මරාගෙන හරි තමන්ට යෙහෙන් වැජඹෙන්න ඕනෙ කරන බලයම ලබා ගන්න පොර කන බඩ ගැත්තරයෝ රැලක්...

    බොහොමත්ම ස්තුතියි ඔබේ අගනා විචාරයෙන් මගේ නිර්මානය නිවැරැදිව තේරුම් ගෙන මෙසේ අගය කලාට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    rally nice ayya...oya lassanata liyala thiyenawa,ath samahara than nam mata theren na.ath godak lassani

    බොහොම ස්තුතියි නංගියා නිර්මානය අගය කලාට..

    මම මින්දද මල්ලිට ලියපු සාරාංශය පුලුවන් නම් ටිකක් කියවා බලන්න. එතැන මං කෙටියෙන් ලියලා ඇති මොකක් ගැනද මං ලිව්වේ කියලා...
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මං ප්‍රථම විප්ලවය වශයෙන් අදහස් කලේ අපේ රටේ 1971 ඇතිවූ මෙතෙක් ලංකා ඉතිහාසයේ විශාල බුද්ධිමතුන් ප්‍රමාණයක් පිබිදුනු, නැගි සිටි හා මිනීමරු පාලකයන් විසින් අමු අමුවේ ඔවුන්ව සමුල ඝාතනය කල විප්ලවයටයි....

    නිර්මානකරුවෙකු හැටියට මල්ලියා මේක මගේ යුතුකම හා වගකීම හැටියටයි මං සලකන්නේ.. ..

    අද දවසේ තරුණයින් බොහොමයක් තුට්ටු දෙකේ හින්දි සිනමාවක වීරත්වය ඇඟට අරන් තමයි පාරේ යන්නෙ එන්නේ, කන්නේ බොන්නේ, අඳින්නේ පලඳින්නේ හා කථා බහ කරන්නේ..

    ඒ කවුරුත් මොහොතකට හිතුවද දන්නේ නෑ මෙහෙම සැබෑ තරුණ තරුණියෝ ටිකක් මැරෙන්න ඉස්සරවෙලා මිනීමරු පාලකයින්ගේ දස වධ හිංසාවන්ට ලක්වෙලා උන් වෙනුවෙන් උන්ට හෙට දවස හදල දෙන්න දිවි පූජා කලා කියල...

    එහෙම අයට හිතන්න යමක් වශයෙන් තමයි මෙය අකුරු කලේ...

    මල්ලියගේ අගනා විචාරයට බොහොමත්ම ස්තුතියි.....
    මා දන්න තරමට 71 කැරැල්ලෙදි මිනීමැරීම අවමයෙන් උනේ. 71 කැරැල්ලෙනෙ :nerd::nerd:
    77,89 දි හිටිය පාලකයන්ට වඩා 71 පාලකයින් මානුශිකව කැරැල්ල මැඩ පැවැත්තුව නේද?
    මන් අහල තියෙන්නෙ 71 කැරැල්ලෙන් බාර උන අයව පුනුරුත්තපනය කරල නිදහස් කල කියල. 77,89 කලෙ නම් කෙලින්ම එයාලව පරලොව යැව්වනේ. :nerd:
    මට 71 කැරැල්ල ගැන කියලදුන්නෙ අපෙ සර් කේනෙක්. එයා මට මතක හැටියට 71 කැරැල්ලෙ 4 වෙනි විත්තිකාරය :nerd:
     
    71 කැරැල්ල බහුතරයක් සංවිධානය කලේ තරුණ පිරිස්. එදා විප්ලවයට බුද්ධියෙන් ඉතා ඉහල මට්ටමක සිටි පිරිසකගේ නියෝජනයක් තිබුනද යුධ පුහුණුව අතින් හා සමස්තයක් වශයෙන් ගත් කල පවතින රජයක් හා මුහුණට මුහුණ හෝ සැඟවී සටන් කරන්නට ඇවැසි යුධ ශක්තිය කොහෙත්ම ඔවුන් අතර තිබුනේ නැහැ. තිබුනේ අසාධාරණය වෙනුවෙන් කෑකෑරුන එඩිතර ලේ හා නිර්ධන පංති අරගලය කෙසේ හෝ දිනිය යුතුයි යන පරම චේතනාවයි..

    එදා අරගලයේ ගිනිදැල් වැඩිපුර පැතිර ගියේ දකුණේ හා මධ්‍යම පලාත් ආශ්‍රිතවයි..

    එදා ජනගහනය හා සාපේක්ෂව බලද්දිත්, ප්‍රධාන නායකත්වය ඒ වෙනකොටත් සිර අඩස්සියේ සිටීම නිසාත්,අවම යුද පුහුණුවත්, අරඹන්නට කොහෙත්ම සැලසුම් නොකල මොහොතක අරගලය හිතු මතේට අරඹන්න සිදුවීමත්, රටේ තරුණ තරුණියන් හැර අනෙකුත් බහුතරයක් ජනතාවට එදා තිබුණු දේශපාලන වාතාවරණයෙන් අත් මිදෙන්නට හෝ වෙනසක් දකින්නට කොහෙත්ම ඇවැසි කම නොතිබීමත් හේතුකොට ගෙන එම අරගලය අසාර්ථක වුවා සේම පාලකයින්ට කල් නොයවා එය මර්ධනය කර ගත හැකි වුවත් පාලකයින් විසින් ඒ වෙනකොටත් දළ වශයෙන් තරුණ ජීවිත 20,000 කට ආසන්නයේ බිල්ලට අරගෙන අවසන්...... වෙනස මේ මරා දැමීම් කලේ ඉතා කෙටි කාලයක් තුලයි.....

    පුනරුත්ථාපනයේ මුවාවෙන් කඳවුරුවල රඳවා අතුරුදහන් කල පිරිසත් බොහෝයි..ඒවා ගනනය කර නෑ... ලොකු ලොකු අයගේ ඕනෑ එපාකම්වලට වරින් වර නිදහස් කල අයත් හිටියා..එක නිදසුනක් වශයෙන් ජේ.ආර් විසින්ම තමන්ගේ දේශපාලන වාසි තකා රෝහණ විජේවීරට සමාවක් දෙන නියායෙන් ඔහුව නඩුවෙන් නිදහස් කලා. ජේ. ආර් නමැති සුක්ෂම දේශපාලකයාට අවශ්‍ය වුනේ එවකට විදේශ විනිමය වංචා රැසක් වෙනුවෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ඉදිරියේ තීරනයක් දෙනතුරු සිරගත කර සිටි මහා ධනපතියන් රොත්තක් එම නඩු තීන්දුවෙන් මුදවා ගෙන නිදහස් කර ගැනීම හා එක ගලින් තමන්ට ඕනෑ කරන කුරුල්ලන් ගොඩක් බා ගැනිමේ න්‍යායයි.....

    87-89 වකවානුවේ ඇතිවු දෙවන පිබිදීමේදී අරගලය බොහෝ කලක් පැවතීම තුල හා රාජ්‍ය තන්ත්‍රයට එදාට වඩා ප්‍රබල අයුරින් පහර ගසන්නට අරගලකරුවන් සන්නද්ධ වී සිටීම නිසාත් බොහෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ නායකයින් මරා දමන්නට අරගල කරුවන්ට හැකිවීම නිසාත් බොහෝ සේ කිපුණූ ජේ ආර් හා ප්‍රේමදාස ආණ්ඩු මහා පරිමානයෙන් ඔවුන්ව සමූලඝාතනය කලා.

    අද වෙනකොටත් මරා දැමු පිරිසේ දළ නිශ්චිතයක් නෑ...

    ඔය ඉහත කී කරුණුවලට සාපේක්ෂව හා 87-89 ජනගහනයත් එක්ක සසඳා බලන විට 71 මරල දාපු පිරිස වැඩි වෙන්න පුලුවන්...

    බොහොම ස්තුතියි මල්ලියා මේ තරම් කරුණු මගෙන් ඇදල ගන්න පුළුවන් ප්‍රශ්නයක් මතු කලාට හා නිර්මානයට අදහස් දැක්වුවාට....
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මමත් අහල තිබුණෙ 71 විප්ලවයෙන් මිය ගිය සංඛ්‍යාව ඉතාම අඩු ගණනක් හැටියට. ස්තුතියි රොන් අය්යා අපව දැනුවත් කළාට.
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ලස්සන නිර්මාණයක් අයියේ.අතීතයේ කරණු ගැන අපිව දැනුවත් කරන අයියට ගොඩාක් පින්.:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මමත් අහල තිබුණෙ 71 විප්ලවයෙන් මිය ගිය සංඛ්‍යාව ඉතාම අඩු ගණනක් හැටියට. ස්තුතියි රොන් අය්යා අපව දැනුවත් කළාට.

    පිටින් බලනා ඕනෑම කෙනෙකුට බැලු බැල්මට එහෙම පේන්න තිබුනත් නිවැරදි දත්තයන් හා කාල වකවානුවල ජනගහන සමානුපාතය හා සසඳා බලන කල්හී ප්‍රතිශතයේ විශාල වෙනසක් පැහැදිලිව තියෙනවා.

    71 කැරැල්ල පටන් ගන්න පෙර සිටමයි (හොරෙන් සංවිධාන වන හා පංති මාලා පවත්වන අවධියේ) එවකට රජය විශ්ව විද්‍යාල තරුණ තරුණියන් සොය සොයා ගෙවල්වලට ගොස් මර්ධනය කරනා මුවාවෙන් මරා දැම්මේ..ඒවයේ සංඛ්‍යා ලේඛන අදටත් අතුරුදහන්....

    හරි නිශ්චිත ඉලක්කමක් නැති හින්දත් එවකට ජනගහනය හා කැරැල්ලට ක්‍රියාකාරී සහභාගිත්වය දුන් පිරිස වැඩි නිසාත් ඇස් පනාපිට ඔවුන්ගේ මල සිරුරු ජනතාවට දැක ගන්න බුරුතු පිටින් ප්‍රසිද්ධියේ ගොඩ ගහල තිබුන නිසාත් 87-89 කාලය තුල මරා දැමූ සංඛ්‍යාව ලොකු කර පෙන්වීමක් ඇති වුනා කියලයි මට හිතෙන්නේ...
     
    Last edited:

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    71 කැරැල්ල බහුතරයක් සංවිධානය කලේ තරුණ පිරිස්. එදා විප්ලවයට බුද්ධියෙන් ඉතා ඉහල මට්ටමක සිටි පිරිසකගේ නියෝජනයක් තිබුනද යුධ පුහුණුව අතින් හා සමස්තයක් වශයෙන් ගත් කල පවතින රජයක් හා මුහුණට මුහුණ හෝ සැඟවී සටන් කරන්නට ඇවැසි යුධ ශක්තිය කොහෙත්ම ඔවුන් අතර තිබුනේ නැහැ. තිබුනේ අසාධාරණය වෙනුවෙන් කෑකෑරුන එඩිතර ලේ හා නිර්ධන පංති අරගලය කෙසේ හෝ දිනිය යුතුයි යන පරම චේතනාවයි..

    එදා අරගලයේ ගිනිදැල් වැඩිපුර පැතිර ගියේ දකුණේ හා මධ්‍යම පලාත් ආශ්‍රිතවයි..

    එදා ජනගහනය හා සාපේක්ෂව බලද්දිත්, ප්‍රධාන නායකත්වය ඒ වෙනකොටත් සිර අඩස්සියේ සිටීම නිසාත්,අවම යුද පුහුණුවත්, අරඹන්නට කොහෙත්ම සැලසුම් නොකල මොහොතක අරගලය හිතු මතේට අරඹන්න සිදුවීමත්, රටේ තරුණ තරුණියන් හැර අනෙකුත් බහුතරයක් ජනතාවට එදා තිබුණු දේශපාලන වාතාවරණයෙන් අත් මිදෙන්නට හෝ වෙනසක් දකින්නට කොහෙත්ම ඇවැසි කම නොතිබීමත් හේතුකොට ගෙන එම අරගලය අසාර්ථක වුවා සේම පාලකයින්ට කල් නොයවා එය මර්ධනය කර ගත හැකි වුවත් පාලකයින් විසින් ඒ වෙනකොටත් දළ වශයෙන් තරුණ ජීවිත 20,000 කට ආසන්නයේ බිල්ලට අරගෙන අවසන්...... වෙනස මේ මරා දැමීම් කලේ ඉතා කෙටි කාලයක් තුලයි.....

    පුනරුත්ථාපනයේ මුවාවෙන් කඳවුරුවල රඳවා අතුරුදහන් කල පිරිසත් බොහෝයි..ඒවා ගනනය කර නෑ... ලොකු ලොකු අයගේ ඕනෑ එපාකම්වලට වරින් වර නිදහස් කල අයත් හිටියා..එක නිදසුනක් වශයෙන් ජේ.ආර් විසින්ම තමන්ගේ දේශපාලන වාසි තකා රෝහණ විජේවීරට සමාවක් දෙන නියායෙන් ඔහුව නඩුවෙන් නිදහස් කලා. ජේ. ආර් නමැති සුක්ෂම දේශපාලකයාට අවශ්‍ය වුනේ එවකට විදේශ විනිමය වංචා රැසක් වෙනුවෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ඉදිරියේ තීරනයක් දෙනතුරු සිරගත කර සිටි මහා ධනපතියන් රොත්තක් එම නඩු තීන්දුවෙන් මුදවා ගෙන නිදහස් කර ගැනීම හා එක ගලින් තමන්ට ඕනෑ කරන කුරුල්ලන් ගොඩක් බා ගැනිමේ න්‍යායයි.....

    87-89 වකවානුවේ ඇතිවු දෙවන පිබිදීමේදී අරගලය බොහෝ කලක් පැවතීම තුල හා රාජ්‍ය තන්ත්‍රයට එදාට වඩා ප්‍රබල අයුරින් පහර ගසන්නට අරගලකරුවන් සන්නද්ධ වී සිටීම නිසාත් බොහෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ නායකයින් මරා දමන්නට අරගල කරුවන්ට හැකිවීම නිසාත් බොහෝ සේ කිපුණූ ජේ ආර් හා ප්‍රේමදාස ආණ්ඩු මහා පරිමානයෙන් ඔවුන්ව සමූලඝාතනය කලා.

    අද වෙනකොටත් මරා දැමු පිරිසේ දළ නිශ්චිතයක් නෑ...

    ඔය ඉහත කී කරුණුවලට සාපේක්ෂව හා 87-89 ජනගහනයත් එක්ක සසඳා බලන විට 71 මරල දාපු පිරිස වැඩි වෙන්න පුලුවන්...

    බොහොම ස්තුතියි මල්ලියා මේ තරම් කරුණු මගෙන් ඇදල ගන්න පුළුවන් ප්‍රශ්නයක් මතු කලාට හා නිර්මානයට අදහස් දැක්වුවාට....
    :D:D sthuthi aiyya karunu walata.
    man ahala thibba katawa tikak wenas hindai ahuwe :)