ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    යාලුවනේ.. මම මීට කලින් දාපු ත්‍රෙඩ් එක ගැන ඔයාලා කියවල ඇතිනේ. ඒ ගැනම තමයි ටිකක් වැඩියෙන්..

    මචන්ලා.. මට ප්‍රපෝසල් එකෙන් ආපු මේ කෙල්ල ගැන මට මහා අමුත්තක් දැනුනා මුල ඉඳලම​. මෙයා අනික් කෙල්ලෝ වගේ නෙමෙයි... සමහර විටෙක හැසිරෙන්නේ අවුරුදු 10-12ක පුන්චි කෙල්ලෙක් වගේ. හැබයි ගොඩාක් ආදරේ කලා ඒ කාලේ මට​... මම ලගින් ඉදලා කතාකරපු දවසෙත් මෙයා මට වැලමිටෙන් ගැහුවා.. හරියට නිකම් අපි 3/ 4 වසරේ ඉස්කෝලේ ඉන්නකොට කරන්නේ... "ඇයි ඔයා ආ?" කියකිය​... ඒත් මම මේ ගැන ෆුල් ඉග්නොර් කලා.. හිතුවේ ආදරයට කියලා..

    ඒ විතරක් නෙමෙයි ගොඩාක් දවසට​.. ෆෝන් එකෙන් රෑට කතාකලාම​.. "ටක් ටක්..." වගේ සද්ද දානවා.. හලෝ කියන්නේ නැතිව​.. එක්කෝ පූසියෙක් වගේ ඥාව් ඥාව් ගානවා.... මම කිව්වම ඇයි එහෙම කරන්නේ කියලා... එයා කිව්වා "ඒ මගේ හැටි.. මම පූසියෙක් කියලා...".

    උදේට ඇහැරිලා මට කෝල් කරලා කියනවා එයා ලග රෑ පූස් කෙනෙක් නිදා ගත්තලු... මම කෝල් කරනකොට ගියාලු... :(

    ඒ වගේම මෙයාට කිසිම දෙයක් හරියට කරන්න බැහ​. ගෙදර වැඩ කරන්න අම්මවත් දෙන්නේ නැතිලු. මොකද කියලා ඇහුවම.. බඩු කඩන නිසාලු. දවසක් මෙයා ස්ටූල් එකක් උඩ තව ස්ටූල් එකක් තියලා නැගලා අල්මාරිය උඩ බඩුවක් ගන්න ගිහින් වැටිලා... තැලුම් එක්ක ගොඩක් කල් දුක් වින්දා..

    මචන්ලා.. මේකිව බදින්න මම කියලා තිබුනත්.. මට හැමදාම උදේට උදේට ඇහරිලා මහා භයක් දැනුනා.. ඒ ලෙවල් 2x වරක් මෙයා ෆේල්. රස්සාවක් නැති ගැනියෙක්ව කොහොමද බන් අරගෙන​?
    මම දාල යන්න තීරණය කලෙත් ඒකයි.

    උඹලාට මේ වගේ අත්දැකීම් තියෙනවද​? ඒකි සමහරක් වෙලාවට හොදට කතා කරනවා හැබයි. මේකිට මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තියෙනවද යාලුවනේ?

    මෙහෙම කියන එකත් පව්.. ඒත් මට මහා වදයක්..

    mage soulmate :love:
    mata diyakoooo
    man kmthi ohoma ayata