ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්.
වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරීගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට ඇත මට කවියක්.![]()
අපිට ජීවිතේ දැනුනු ප්‍රශ්න ම සේකරටත් දැනිල තියෙනව.ප්‍රශ්ණය ලස්සනට විස්තර කරල තියෙනව.නමුත් උත්තරයක් නෑ.ඔහුත් දෙගිඩියාවෙන් වගේ.
සමාජවාදය දෙසට තමයි,ඔහුත් දෑස් දල්වන්නෙ.
පොත කියවපන් මචං , මමත් ඕක බොරැල්ලේ ගුණසේන එකෙන් ගත්තා 350/-කට.
මම මේ මාතෘකාව මතක්කළ නිසා මම එකදෙයක් කියන්නම් .... මේක සංවාදයටත් විවුර්තයි , ඕනෙනම් වෙනත් නුලක කථා කරමු ... මහගමසේකර මැතිතුමාගේ සාහිත්‍ය තුල තියන පවුර්ශය නිසාම බොහෝදෙනෙක් මෙහෙම කියන්න මැලිවෙනවා .... නමුත් මට අනුවනම් " ප්‍රබුද්ධ" කියන්නේ එක්තරා ආකාරයකට සමාජය දිහා යම්කිසි ආකාරයකට පැතලි ආකාරයකින් බලපු අවස්ථාවක් කියල
මෙතැනදී සේකරයන් මෙන්නමේවගේ පුර්ව නිගමනයක ඉදල තමයි මේක ප්‍රබන්න්ද කරන්නේ කියල මම හිතනවා : නාගරික ධනපති ඉහල පන්තිය උපතින්ම මෝඩ, හරසුන් , අහංකාර කොට්ටාශයක් ! ගමේ ඉන්න පහල මැදපංතිය තමයි අර්ථවත් සරල ජිවිත කතාකරන්නේ !!! එහෙම නැතිනම් බටහිර ජිවන රටාව හරසුන් ....සිංහල බවුද්ද ජිවනරටවේ තමා පරම හරය තියෙන්නේ කියලා ,...
අපි මහා අනර්ග කෘති කීවට මට ගෝර්කිගේ "අම්මා" කෘතිය ගැනත් මට ඔයවගේ විවේචනයක් තියනවා .....එහිදීත් ගෝර්කි තමා විස්වසකරන සමාජවාදී දැක්ම , විප්ලවය සාදාරනය කරන්න චරිත පෙරහැරක ආකාරයකට සකසනවා .....

මෙහෙම ලින්ක් එකක් දෙන එක වැරදියි කියල කෙනෙකුට කියන්න පුලූවන්...
ඒ වුණත් අද වෙන කොට කියවන එකෙක් හොයා ගන්න ලැබෙන එකත් සතුටට කරුණක්...
මහගම සේකරටත් උපහාරයක් වී, ඔහුගේ අදහස් සමාජගත කරන යහපත් චේතනාවෙනුත් ලින්ක් එක පහල දක්වමි....
http://www.mediafire.com/file/6w51duvz6evda26/prabudda.pdf
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි....


Rep++++
ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්.
වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරීගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට ඇත මට කවියක්.![]()

