ඕක මේ නියපොත්තෙන් කඩන්න් තිබ්බ දෙයක්.. ඉන්දියන් දේශපාලකයොයි, ලංකාවේ දේශපාලන පක්ෂයි එකතු වෙලා මේක වවාගෙන කෑවා... මොනවා උනත් අගය කලයුතු කාරනාවක් සිංහල මිනිස්සු ලග තියනවා, ඒ තමයි 80 ගණන්වල මොනවා උනත් ඔය කොටි සන්විදානයක් හැටියට ත්රස්තවාදී වැඩ කරන්න ගත්තට පස්සේ කොලබ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට අරියාදු කලේ නැ. මට හිතාගන්න බැ එහෙම උනේ ඇයි කියලා. ඒ හොද මම අදත් සිංහල මිනිස්සුන්ගේ දකිනවා. කොටි එන්න කලින් සිංහල මිනිස්සු දෙමල මිනිස්සු මරගත්තට කොලබ,මේ කොටි මහා දවාලේ කොලබ බොම්බා පුපුරනකොටවත් සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට මුකුත් කලේ නැ කොලබ හිටපු.. මොන හේතුවක් උඩ හරි සිංහල මිනිස්සු තේරුම් අරන් තිබ්බා දෙමල ඔක්කොම කොටි නෙමෙයි කියලා. එත් දෙමල මිනිස්සු මම දන්නවා කොලබ ඉදන් මේකට උදව් කරපු, ඒවත් වැරදියි.. මම නම් මගේ ජීවිතේට එක රුපියලක්, ඩොලර් එකක් දීලා නැ කිසිම ත්රස්තවාදී සන්විදානෙකට.