ප්‍රභාකරන් කැප්පෙටිපොල වගේ!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,943
    113
    canada
    ප්‍රභාකරන් කැප්පෙටිපොල වගේ!!!!!!!!!!!!!!!!!!

    උතුරට ස්වයං පාලනයක්

    ඒකීය ශ්‍රී ලංකාවක ස්වයං පාලනය අරමුණු කර ගත් දේශපාලන විසදුමක් පතා අපි ක්‍රියා කරන්නෙමු.අපි අහිංසාවෙන් ස්වයං පාලනය කරා යන්නෙමු. අපි මේ රටේ කොටස් කරුවෝ වෙමු.බදු කරුවෝ නොවෙමු ,අපි බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීනට එරෙහිව සටන් කළෝ වෙමු.අපේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන අරමුණු ඉටු කරගනිමින් අනාගතයේදී ස්වයං පාලනය සදහා වන සටන අරඹන්නෙමු.’
    උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා එහි මංගල සභා රැස්වීම අමතමින් එසේ ප්‍රකාශ කළේය .
    ‘ප්‍රභාකරන් ගැන ඡන්ද කාලයේ මා කියු කතාවලින් ඇතැමෙක් සතුටු වුහ.ඇතැමෙක් කෝප වුහ.ප්‍රභාකරන් කැප්පෙටිපොල දිසාවේ හා සමාන කිරීමට මම කැමැත්තෙමි .’
    උතුරු පළාත් සභාවේ මංගල සැසිය ඊයේ (25) පෙරවරු 9 ට යාපනයේ කයිනඩියේ පිහිටි නව පළාත් සභා ගොඩනැගිල්ලේ දී රැස්වීය.
    බෞද්ධ, හින්දු ,කතෝලික මුස්ලිම් ආගමික නායකයෝ ද මේ අවස්ථාවට සහභාගී වුහ.උතුරු පළාත් ආණ්ඩුකාර මේර්ජ ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි හෝ හමුදා නිලධරයෝ පළාත් සභා මංගල රැස්වීමට සහභාගී නොවීය. පොලීසිය සහභාගී විය. යාපනය මහ දිසාපති සුන්දරෙයි අරුණනෙයිනායගම් මහතා ඇතුළු රාජ්‍ය නිලධරයෝද සහභාගී වී සිටියහ.
    එහිදී උතුරු පළාත් සභාවේ සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සංධානයේ සී වී කේ ශිවඥානම් මහතා තේරී පත් විය.උප සභාපති ලෙස ඇන්ටන් ජෙගනාදන් හා විපක්ෂ නායක ලෙස එන් කමලේන්ද්‍රන් මහත්වරු තේරි පත් වුහ.
    දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීටී කුරකුලරාජා මහතා ඔහුගේ නමයෝජනා කළේය. දෙමළ ජාතික සන්ධානයේ පී අයින්ගරනේෂන් මහතා එම යෝජනාව ස්තීර කළේය.අනතුරුව එම යෝජනාව ඒකමතිකව සම්මත විය.

    උතුරු පළාත් සභාව රැස් වීමට පෙර පළාත් සභා ගොඩනැගිල්ලල විවෘත කළ අතර උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි හා උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වුහ.
    ඒකීය ශ්‍රී ලාංකාවක ස්වයං පාලනය උතුරු පළාත් සභාවේ අරමුණ බවත් පැවසු ඔහු කෙට් කාළින හා දීර්ඝ කාලීන සැළැසුම් ඉදිරිපත් කළේය.දීර්ඝකාලීන ඉලක්ක යුද හමුදාව කදවුරුවලට යවා මෙම ඉඩම් හිමිකරුවනට දිය යුතු බවත් මහ ඇමැති සාමාන්‍ය වැසියන් පස් දෙනකුට සෙබළකු බැගින් සිටින බව කී මහ ඇමැති පියවරෙන් පියවර හමුදාව ඉවත් කරන බව සදහන් කළේය.
    අන්තර්ජාතික ප්‍රජාවගේ සහායෙන් සෙබළුන් සාමාන්‍ය ජන ජීවීතයට හුරු කළ යුතු බව කී මහ ඇමැති අතුරු සන්නද්ධ කණ්ඩායම් සතු අවි ඔවුන්ගෙන් ඉවත් කළ යුතු බවද සදහන් කළේය.
    උතුරේ ආණ්ඩුකාරවරයා හමුදා නිලධරයකු බව කී මහ ඇමැති සාමාන්‍ය කෙනකු එම පදවියට පත් කළ යුතු බවත් කීවේය.
    උතුරට දෙමළ කතා කරන පොලීසියක් අවශ්‍ය බව කි මහ ඇමැති අස්ථාන ගත වු මුස්ලිම් ජනයා යළි පදිංචි කරවන බවද කීවේය.
    අල්ලස දුෂණය හා දේශපාලන ඇගිලි ගැසීම්වලට උතුරු පළාත් සභාවේ ඉඩක් නැතැයි කී මහ ඇමැති ජනපද පිහිටුවීමේ නාමයෙන් හමුදා සහාය ඇතුව කොළණි පිහිටවීමට විරුද්ධ බවද මහ ඇමැති පැවසීය.

    source lankadeepa
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒකීය ශ්‍රී ලාංකාවක ස්වයං පාලනය උතුරු පළාත් සභාවේ අරමුණ බවත් පැවසු ඔහු කෙට් කාළින හා දීර්ඝ කාලීන සැළැසුම් ඉදිරිපත් කළේය.
    ෆුකෙනුත් හිනා බං.....................
    ඒකීය රටක කොහොම ද ස්වං පාලනයක් පවතින්නේ....................
    මේ හරක් හදය හිතං ඉන්නේ අපි මෝල්ලු කියලා................
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දෙශපාලකයන් ජනතාව ඉස්සරහා විරයො වෙන්න ඔහොම කියනවා ආයෙ යුද්දයක් එන තැනට වැඩ කරන එකක් නැහැ ඔය යකා මොකද යුද්දෙන් උන්ට තියෙන වරාප්‍රසාදනෙ නැති වෙන්නෙ අනික එක එකගෙ පදෙට නටන්නත් වෙනවා උන්ට ඔක්කොම දෙශපාලන කතා විතරයි
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    නටන්න ගියොත් නම් Heads off වෙයි තමයි..........

    ඔව් හමුදාපතිත් කියල තිබ්බ ඕකම.

    බෙදුම්වාදයට ආවොත් හිස කඳින් වෙන් වෙන්න පුළුවන් කියල.


     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හී හී... මූ හෙන වාසනාවන්තයි.. මුගේ පෙර පිනකටද කොහෙද අද කැප්පෙටිපොල තුමා ජීවතුන් අතර නෑ.. හිටිය නම් මෙලහකටත් මූව මෙලහකටත් පෙති ගහලා..
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ෆුකෙනුත් හිනා බං.....................
    ඒකීය රටක කොහොම ද ස්වං පාලනයක් පවතින්නේ....................
    මේ හරක් හදය හිතං ඉන්නේ අපි මෝල්ලු කියලා................

    Federal yako federal. indiyawe thynne. nodanna kama pradarshanaya karanna epa :lol: