ප්‍රයෝගික බුදු දහම - ද්වේශය පාලනය කිරීම

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? මේ වගේ අවස්ථාවකට මුහුණ දීමට ප්‍රයෝගික අදසහක් දෙන්න බැරි බුදු ධහමෙන් ඇති වඩේ මොකක්ද?

    එම නිසා සරල අදහසකින් තේරෙන බුදු දහම පහදා දෙන්න මට හිතුනා.

    මේක ඇත්තටම අයිති වන්නේ "උපාය මාර්ගික චින්තනය" නැතිනම් "stragtegic thinking" කියන විෂයට. මේක ආගමක් නොවේ.

    බුදු දහම මුල් තැන දෙනවා "අරිය ප්රියේශනයට". මේකෙන් කරන්නේ තමන්ගේ හිතේ මේ අවස්ථාවේ ගොඩනැගෙන රැල්ල හදුනා ගැනීම.

    ඒ රැල්ල පටන් ගන්න පෙර හදුනා ගන්නේ නැතිනම් හිත කිලිටි වෙනවා. මේකෙන් තමන්ට ලොකු කරදරයක්, බරක්, බයක් ගෙන දෙනවා.

    එතකොට අපි හිතමු මෙහෙම.

    1. කරදරයට මුහුණ දෙන්න සිදු වෙනවා.
    2. හිතේ තරහක්, බයක් ඇතිවෙනවා.
    3. මේ වගේ පසුබිමක කරදරයට මහුණ දෙනවා.

    එතකොට, රැල්ල හැදෙන්නේ 2 වෙනි පියවරේදී. 3න් වෙනි පියවරේදී කරදරයට මුහුණ දෙන්නේ කුණාටුවක් වැනි තත්වයක් ඇති පසුබිමක.

    අරිය ප්රියේශනය කරන එක්කෙනා හදුනා ගන්නවා රැල්ලේ මුල. එයාට තේරෙනවා තරහක් එනවා කියලා. මේ මොහොතේ එයා මේ රැල්ල ඉස්සෙල්ලා තුනී කරනවා මේ ආකාරයට.

    -> මමද, සියලු සත්වයෝද නිරෝගී වෙතවා, සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා.

    මෙතන භාවිත වන තාක්ෂනය හදුනා ගන්න. මේක කරන්නේ පලමුව අර රැල්ල බදා කරන එක. ඔයාගේ තරහ කාරයා දකින්නේ නැහැ ඔයා එයාගේ සුව පතනවා කියලා. එමනිසා ලජ්ජා වෙන්න දෙයක් නැත. නමුත් මේක බොක්කෙන්ම කරන්න අවශ්‍යයි නැතිනම් වැඩක් වෙන්නේ නැත.

    දෙවෙනුව, රැල්ලට මුල් වන සුළගත් නැති කරන්න අවශ්‍යයි. ඒක කරන්නේ මෙහෙමයි.

    -> (අනිච්ච්යි) මම මේ තරහ ගන්නේ මගේ කෑමැත්තට මයි - වෙන අය තරහ ගන්න බල කරන්නේ නැහැනේ!
    -> (අනාතයි) නමුත් මම රැල්ල ගොඩනගන්න ආධාර වුනාට, මට උවමනා ආකාරයට මේ රැල්ල පාලනය කොරන්න බැහැ
    -> (දුක්ඛයි) මේ තරහ බයක් , දුකක් දීලා කවද හරි අඩුවෙලා, නැති වෙලා යනවා. එමනිසා මම තරහ ගන්නේ නැහැ.

    දෙවනි පියවර කරන්න අවශ්‍යයි තරහට මුල් වුන අදහස හිතෙන් අයින් වෙනකන්. දැන් ඔබට ගොඩනැගුනේ "ප්‍රඥාව" කියල බුද්ද ඥානයක්. මේක නිසා ඔබ කරදර බාධා වලට මුහුණ දෙන්නේ මෙහෙමයි.

    1. කරදරයට මුහුණ දෙන්න සිදු වෙනවා.
    2. හිතේ තරහක්, බයක් ඇතිවෙනවා - නමුත් පාලනය කරලා එය නැති කරනවා.
    3. දැන් කරදරයට මහුණ දෙනෙනේ හිත ශක්තිමත්ව, බයක්, බරක් නැතිව. එම නිසා කරදරයට මහුණ දෙන්න විවිද උපාය මාරග එලි වෙනවා.

    -> ඉසිපතන මිගදාය සද්ධම්ම මණ්ඩපය
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox