ප්‍රවේගය (නොකියූ කතාව)
ප්‍රවේගය
(නොකියූ කතාව)
මම තවදුරටත් වෛද්‍ය සිසුවෙක් නොවෙමි.
මට තවදුරටත් නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කළ නොහැකියි. මට වැරදි කරන්නට අවසරයක් සමාවක් නැත.
අද රෝගීන් පමණක් නොව මා යටතේ සිටින හෙද සහ සුලුසේවක සියලු දෙන මගේ මාර්ගෝපදේශනය බලාපොරොත්තුවෙන් සිටිති.
මීට පෙර වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස සායනික පුහුණුව අතර මුහුණ දුන් සත්‍ය සිදුවීම් ඇසුරින් ලියැවෙන "නොකියූ කතාව" ඒ දවස්වල facebook ඉන්න අය කියවන්න ඇති.
අද සිට මා ඔබ වෙත ගෙන එන්නේ සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස මා මුහුණ දුන් ඒ සත්‍ය අත්දැකීම්ය.
සියලුම වර්ගයේ කමෙන්ට්ස් බාර ගනු ලැබේ. චෝදනා ප්‍රශංසා සහ නව අදහස් වලට උනත් මම විවෘතයි.
අවවාදයයි : සංවේදී අය කියවීමෙන් වලකින්න. රෝගීන්ගේ අනන්‍යතාවය සුරැකීම සඳහා කතෘ අභිමතය පරිදි නම් ගම් වෙනස් කර ඇත.
------------------------------------------------------------------------------
පළමු කොටස
පස් වසරක වෛද්‍ය අධ්‍යාපනයේ නිමාව සනිටුහන් කරන අවසන් විභාගයට මා පසුගිය වසරේ මුහුණ දුන් බව ඔබට මතක ඇති. සිතුවාටත් වඩා ඉක්මණින් ප්‍රතිඵල නිකුත් විය. මා වෛද්‍ය හා ශල්‍ය විද්‍යාව පිළිබඳ ශෞරව උපාධියක් සහිතව වෛද්‍ය පීඨයෙන් සමත්වූයෙමි. ඉන් අනතුරුව අගනුවරින් බැහැර දුෂ්කර පෙදෙසක මූලික රෝහලකට මාගේ මුල්ම පත්වීම ලබා මා පැමිණියේ පසුගිය නොවැම්බර් මාසයේදීය.
මාහට වෛද්‍ය පීඨයට ඇතුලුවන්නටත් පෙර සිටම ශල්‍ය වෛද්‍යවරයෙකු වීමේ දැඩි ආශාවක් තිබුනි. සීමාවාසික පත්වීම ලබා පැමිණි මා ඇතුලු අනෙකුත් නවක වෛද්‍යවරුන්ට පළමු දිනයේම තමන්ගේ ලකුණු මට්ටමට අනුව කැමති සය මාසික පත්වීම් දෙකක් තෝරා ගන්නට ඉඩකඩ ලැබිනි. ඒ අනුව පළමුව ශල්‍ය වෛද්‍ය විද්‍යාවත් දෙවනුව වෛද්‍ය විද්‍යාවත් තෝරා ගන්නට ඉඩකඩ ලැබෙන කීපදෙනා අතර පැමිණෙන්නට මාහට වාසනාව ලැබිනි.
මා දැනට සේවය කරන රෝහලේ ඇත්තේ එක ශල්‍ය වාට්ටුවක් බැවින් එම ප්‍රදේශයේ සියලු හදිසි අනතුරු හා ශල්‍ය වෛද්‍යමය රෝගීන්ට ප්‍රතිකාර කිරීම පැය 24 පුරාවටම සිදුකෙරේ. කියන්නට නොකියූ කතා බොහෝ ඇතත් අධික කාර්යබහුලතාවය මධ්‍යයේ දුන් පොරොන්දු කඩකරමින් සිව් මසකින් කිසිම දෙයක් ලියන්නට හැකියාවක් නොලැබිනි. පණිවිඩ එවූ අයට පිළිතුරක් වත් එවන්නට නොහැකි වූයේ මුහුණු පොතට පැමිණෙන්නට වත් වෙලාවක් නොලැබුනු නිසාය.
අද වන විට මා සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නට පටන් ගෙන තුන් මසක් සම්පූර්ණය. මා ඉගෙන ගත් දේ බොහෝය. ඉගෙන ගන්නට ඇති දේ අනන්ත අප්‍රමාණය.
වෛද්‍ය විද්‍යාලයෙන් පසු ඉගෙන ගැනීම නතර නොවේ. ඉගෙනීමේ ආරම්භය එතනයි.

අද කාලේ බොහෝ තරුණයින්ගේ සිහින වාහනය යතුරු පැදියක්. පැදීමේදී ඇති ආශ්වාදය පමණක් නොව වියදම අඩුවීමත් එයට හේතුවී ඇත. වෛද්‍ය ශිෂ්‍යයෙක්ව සිටි කළ මාත් යතුරු පැදියක් භාවිතා කළෙමි. නමුත් දිනෙන් දින වැඩිවන නමුත් අඩුවක් නැති වාහන අනතුරු නිසාම දෙමව්පියන්ගේ දැඩි විරෝධය මැද වෛද්‍යවරයෙකු වීමෙන් අනතුරුව යතුරු පැදිය විකුණා දැමීමට මට අකැමැත්තෙන් හෝ සිදුවිය. නමුත් අද වන විට මා එම තීරණය පිළිබඳව කණගාටුනොවෙමි.
රාත්‍රී වැඩමුර සෑම දින හතරකටම වරක් මාරුවෙන් මාරුවට කරන්නට සීමාවාසික වෛද්‍ය වරුනට සිදුවේ. අදාළ දිනයේ රාත්‍රී 10 සිට පසුදින උදෑසන 8 දක්වා කාලය තුළ පැමිණෙන සියලු රෝගීන්ගේ වගකීම මෙම වෛද්‍යවරයාගේ උරමත පැටවේ.
ඒ මා සේවය ආරම්භ කර දෙවැනි සතියයි.
මැදියම් රෑ පසුවන්නටත් පෙර මගේ ජංගම දුරකථනය නාදවන්නට පටන් ගත්තේ පළමු රෝගියා පැමිණ ඇති බව ඉඟිකරමිනි.
“ඩොක්ට RTA (Road Traffic Accident) දෙකක් ඇවිත්. එක්කෙනෙක් PCU (Primary Care Unit) එකේම death වෙලා. Ward එකට අනිත් එක්කෙනාව ගෙනාවා. එයාගෙත් GCS අඩුයි. ඩොක්ට පොඩ්ඩක් ඇවිත් බලනවද?” ඒ රාත්‍රී වැඩමුරභාර හෙදියයි.
“හරි මට විනාඩියක් දෙන්න”
මධ්‍යසාර දුගඳ හමන ඔහුගේ නිසල සිරුර වාට්ටුව මැදට ගෙනැවිත් තිබුනි. සුලුසේවක නිමල් කලබලවී වාට්ටුවට ඇතුලුවෙන්නට හදන ඔහුගේ පවුලේ අය යැයි සිතිය හැකි කීපදෙනෙක් ඉවත් කරන්නට අසාර්ථක උත්සහයක යෙදෙමින් සිටියේය.
“මේ ඔයාලා පොඩ්ඩක් එළියට වෙලා ඉන්නවද? මෙතන ඇතුලට ඇවිත් ලෙඩා බදාගෙන ඇඬුවට ලෙඩාට සනීප වෙන්නේ නෑනේ. ඩොක්ට ඇවිත් ඉන්නේ එයාට ප්‍රතිකාර කරන්න ඉඩ දුන්න නම් නේද හොඳ?”
“නම මොකක්ද?”
තැලී ලේ වැගිරෙන මුහුණ නිසොල්මන්ය.
පපුව මැදට අත තබා තද කර ඔහුව සෙලෙව්වෙමි.
ඔහු කෙඳිරි ගාන්නට විය.
“හොඳටම alcohol ඩොක්ට. දැන් ඉතින් වෙරි බහිනකං head injuryද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? අම්මප මුන්ට 25000ක් දඩ ගහල මදි” හෙදියගේ ගෝරණාඩුව.
මධ්‍යසාර යනු ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩුකරන සංයෝගයකි. මධ්‍යසාර අධිකව භාවිතා කළ අයෙකුත් හදිසි අනතුරකට ලක්ව මොළයට ලේ ගැලීමක් සිදුවූ අයෙකුත් බොහෝ දුරට හැසිරෙන්නේ එකම ආකාරයකටයි. සායනිකව මෙම දෙවර්ගය වෙන්කර හඳුනාගැනීම ඉතා අසීරුය.
රෝගියාගේ මව යැයි සිතිය හැකි අයෙකු මගෙන් ඔහුව බේරා දෙන මෙන් වැඳ වැටී ඉල්ලමින් අඬන්නට වූවා.
“CT වලට transfer කරන්න තමයි වෙන්නෙ තව ටිකක් බලල improve වුනේ නැත්තම්.” මම බිම බලාගෙන කීමි. අනෙකුත් පරීක්ෂණ කටයුතු අවසන් කර මම ඔහුගේ ලේඛනයේ සටහන් තැබුවෙමි.
Patient drowsy.
GCS=11/15.
Pupils slowly reactive to light.
Pulse rate : 102/min
Blood pressure 90/60mmHg.
තත්වය සුබදායක නැත. වහාම ජේෂ්ඨ වෛද්‍යවරයෙකු ඇමතූ මා තත්වය ඔහුට සැලකර සිටීමි.
“මල්ලි මම සර්ට inform කරන්නම්. සර් කරන්න දෙයක් කියයි. හුඟක් වෙලාවට transfer කරන්න වෙයි. X-Rays ආවම මට කතා කරන්න.”
මූලික රෝහලක් වන අපේ රෝහලේ CT පරීක්ෂණ සඳහා පහසුකම් නෑ. ඒ සඳහා කොළඹ ජාතික රෝහලට රෝගියා මාරු කර යැවීමට සිදු වෙනවා. මොළය අභයන්තරයේ ලේ ගැලීම් වලටද මෙහිදී ශල්‍යකර්ම කරන්නට හැකියි.
X-Ray ඡායාරූප ශිල්පියා එනතුරු රුධීර වහනය අවම කරන්නත්, පහත වැටෙමින් පැවතුනු රුධිර පීඩනය සාමාන්‍ය අගයට ගෙන ඒමට අදාළ ප්රතිකර්මත් මා ඇතුලු හෙදිය විසින් සිදු කෙරුනා.
හිස්කබලේ X-Ray ඡායාරූපයත් අස්ථි පිපිරුමක් විනිශ්චයට එතරම් විශ්වාසදායක නැහැ. ඒ එය හරස්කඩ දෙකකින් පමණක් ගැනෙන නිසා. මේ රෝගියාගේත් එහි කිසිවක් පෙන්නුම් කෙරුනේ නෑ.
නමුත් පැය භාගයක් තුළ ඔහුගේ තත්වයේ වර්ධනයක් නැති නිසා අවසානයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ අණින් ඔහුව වෛද්‍ය කාර්යය මණ්ඩලයත් සමඟ කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට තීරණය කෙරුනා.
සාමාන්‍යයෙන් අසාධ්‍ය තත්වයේ රෝගීන් මාරු කර යැවීමේදී අතරමඟ රෝගියාගේ ජීවිතයට තර්ජණයක් ඇතිවීම වැලැක්වීමට වෛද්‍ය කාර්යය මණ්ඩලයද ඒසමඟ යවනු ලබනවා. වෛද්‍යවරයෙක්, හෙදියක් සහ සුලුසේවකයෙකු මේ කණ්ඩායමට ඇතුලත්. හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන සියලු වෛද්‍ය උපකරණ සහ බෙහෙත් සමඟයි මොවුන් මේ ජීවිතයත් මරණයත් අතර සිටින රෝගියාව අදාළ ගමනාන්තයට ආරක්ෂාකාරීව ගෙනයන්නේ.

මා එදා ගිලන් රථයක රෝගියෙකු ගෙන ගියේ පළමු වතාවටයි.
රෝගියාගේ හදවත ගැහෙන වේගය පරයමින් මගේ හදවත ගැහෙන බව මාහට නොදැනුනා නොවේ. මා තවදුරටත් නීරීක්ෂකයෙකු නොවන බව මට යලි යලිත් සිතේ දෝංකාර දෙන්නට වූවා. මොහුව කෙසේ හෝ තව පැය දෙකකට ආසන්න කාලයක් ජීවතුන් අතර තබාගත යුතුයි.
“ඩොක්ට! Oxygen Saturation බහිනවා නේද? ටියුබ් කරන්න වෙයිද?”
හෙදිය හදිසියේ කියූ දෙයින් මා කල්පනා ලෝකයෙන් නැවත පියවි සිහියට පැමිණියෙමි.
SpO2=90%
කිසියම් හේතුවක් නිසා ඔහුගේ රුධිරගත ඔක්සිජන් සාන්ඳ්රණය සෙමින් පහත වැටෙමින් තිබුණා. මෙය දිගටම පහත වැටෙන්නට වුවහොත් එය මරණයෙන් කෙලවර විය හැකිය.
“ඩොක්ට අපි මොකද කරන්නේ? ලඟ හෝස්පිටල් එකකට දාගෙන ටියුබ් එකක් දාගමුද?” හෙදියත් කලබලවීලාය.
අසළ රෝහලකට ගොස් ටියුබ් එකක් දාගෙන වඩා හොඳින් ඔක්සිජන් ඔහුගේ පෙනහලුවලට යවාගන්නට හැකිය. නමුත් එම කාලය තුළ ඔහුගේ මොළයේ රුධිර වහණය නතර වන්නේ නැත. එසේ වුවහොත් ඔහුගේ හිස්කබල තුළ පීඩණය වැඩිවී මොළය මියයාමටත් ඉඩක් නැතුවා නොවේ.
කාලයේ වටිනාකම මේ වන විට රන් වල වටිනාකමත් පරයමින් තිබුනි.
“මොකද ඩොක්ට අපි කරන්නේ?”
මා ඉක්මණින් තීරණයක් ගන්නා තුරු හෙදියත් ගිලන්රථ රියදුරුත් නොඉවසිල්ලෙනි.
-මතු සම්බන්ධයි-
සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.
චන්දිම [19-02-2017]