ප්‍රවේශමෙන්: රොටා උණ හැමතැනම

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ප්‍රවේශමෙන්: රොටා උණ හැමතැනම

    දැනට පළාත් කිහිපයකම පැතිර පවත්නා රොටා (ROTA) නැමැති වෛරස් උණ රෝගය සඳහා පැරසිටමෝල් නමැති ඖෂධය හැර වෙනත් ප්‍රතිජීවක නොගන්නා ලෙසත් දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    එම රෝගයෙහි ලක්ෂණ වමනය, තද උණ, තද හිසරදය, උදරාබාධ, පාචනය වන අතර එම රෝග ලක්ෂණ පහළ වී ඇත්නම් එය රොටා නම් වෛරස් උණ විය හැකි බවත් එය අසාධ්‍ය නොවන බවත් පවසන වෛද්‍යවරයා පාචනය සහ වමනය හේතුවෙන් විජලනය ඇතිවුවහොත් හෝ මල පහ කිරීමේදී රුධිරය පිටවන්නේ නම් වෛද්‍යවරයෙකුගෙන් විශේෂඥ ප්‍රතිකාර ලබාගත යුතු බවත් වෛද්‍ය දීපාල් පෙ‍රේරා මහතා පවසයි

    ආහාර මාර්ගයෙන් මුඛ මාර්ගයෙන් මේ උණ රෝගය බෝවිය හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    http://www.dinamina.lk/2015/03/17/_art.asp?fn=n1503178


    රාජා වෛද්‍යසේකර
    තිස්සමහාරාම විශේෂ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    podi lamainta thamai wadiyen hadenne. hadunahama sahenna windawanawa podi aya.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට අද හෙම්බුරිස්සාව හදිල බෙහෙත් ගන්න ගියා. ඩොකා කිව්ව උන හැදුනොත් ආයෙත් වර කියල.