ප්‍රශ්ණ හයක්

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    කාන්තාවකගෙන් පිරිමියෙක් කිසිදිනෙක නොඇසිය යුතු ප්‍රශ්ණ හයක්

    avid DeAngelo යනු 'Double Your Dating' නම් පොතෙහි කතෘවරයා වන අතර සම්බන්ධතා ගොඩනැගීම සඳහා උපදෙස් ලබාදීමේ ප්‍රවීණයෙකු වේ. ඔහු මුලදී කාන්තාවන් සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීමට නොහැකිව සිට ඇති අතර පසුව ඒ පිලිබඳ හදාරා පුද්ගලයන් අවබෝධ කරගෙන සම්බන්ධතා ඇතිකරගැනීම සම්බන්ධ වූ මනෝ විද්‍යාවද හදාරා ඇත. ඉන් අනතුරුව ඔහු සාර්ථක සම්බන්ධතා ගොඩනගා ගන්නෙකු වී ඇති අතර පසුව ඔහු විසින් සොයාගත් ක්‍රමෝපායන් පොතක් ඔස්සේ එලි දක්වා තිබේ. එම පොතෙහි ඩේවිඩ් විසින් පිරිමියෙකු, කාන්තාවකගෙන් කිසිදා නොඇසිය යුතු කරුණු හයක් පෙන්වා දී තිබේ. එම කරුණු හය බලන්න පහතින්.

    1. Can I Kiss You? (මට ඔයාව සිප ගන්න පුලුවන්ද?)
    පළමුව පිරිමියෙකු විසින් කාන්තාවකගෙන් ඇයව සිප ගැනීමට නොඇසිය යුතුයි. සිප ගැනීමට ඇසීමෙන් වෙන්නේ ඔබ තවමත් කුඩා ළමයෙකු ලෙස ඇය සිතීමට පටන් ගැනීමයි. එයට ඇය අකමැති වන අතර ඇය එයට කැමති වුවත් එකඟ වන්නේ ඇගේ ඇති නිහතමානි කමට වන අතර ඇගේ අභ්‍යන්තරයෙන් ඔබ පිලිබඳ අකමැත්තක් හටගනු ලබයි.

    2. Avoid Bragging (පුරසාරම් දොඩන්න එපා)
    කවදාවත් ඔබ සතුව ඇති මෝටර් රථය ගැන, නිවහන ගැන කාන්තාවන් ඉදිරියේ පුරසාරම් බාන්න එපා. එය ඔබගේ ප්‍රතිරූපය වර්ධනයට ඉවහල් වන්නේ නැත. කෙදිනක හෝ ඇය ඒවා නිරායාසයෙන්ම දැනගත් කල ඇය ඔබ කෙරෙහි ඇතිකරගන්නා ප්‍රතිරූපය ඉතා වටිනා එකක් වේ.

    3. Do Not Be Clueless (ඊළඟට කළයුතු දේ අහන්න එපා)
    කවදාවත් කාන්තාවකගෙන් ඇය කිරීමට කැමති මොනවාදැයි අසන්න එපා. කාන්තාවන් ඉලක්කයක් අදහසක් නොමැති පුද්ගලයන්ට අකමැති වන අතර ඔබ සතුව සෑම විටම සූදානම් කරගත් සැලසුමක් තිබිය යුතුවේ. මන්ද කාන්තාවන් ඊළඟට කරන්නේ මොකද්ද යනුවෙන් ලත වෙමින් සිටීමට අකමැති හෙයිනි.

    4. Green-eyed Monster! (පිරිමි යහළුවන් ගැන අහන්න එපා)
    කාන්තාවගේ පිරිමි යහළුවන් ගැන කවදාවත් කතා කරන්න එපා.විශේෂයෙන්ම ඔබ ඔවුන් ගැන හොදින් නොදන්නා වටපිටාවක. ඔබ එසේ කතා කිරීමට ගියහොත් ඔබ එසේ කරන්නේ ඊර්ෂ්‍යාවෙන් බව ඇය වටහාගන්නවා ඇත.

    5. Insecurity Is Dangerous (නිදහසට හේතු අහන්න එපා)
    ඔබ ඊයේ රාත්‍රියේ යැවූ කෙටි පණිවිඩයට ඇය තවමත් උත්තර එව්වේ නැද්ද? ඔබ එයට නිදහසට හේතු විමසීමට සිතනවාද? එසේනම් එසේ කිරීමෙන් වලකින්න. එසේ කිරීමෙන් ඔබ ඔබේ දුර්වල පැතිකඩ කාන්තාවට ප්‍රදර්ශනය කරනු ලබයි. එයට අමතරව කාන්තාවට ඔබ කෙරෙහි අනාරක්ෂිත හැඟීමක් ද ඇතිවිය හැක..

    6. How Many Sex Partners? (කොපමණ සහකරුවෝ සිටියාද?)
    කවදාවත් මෙයට පෙර ඇය පැවැත්වූ සම්බන්ධතා ගැන අහන්න එපා. එවැනි දේ දැනගැනීමට අනවශ්‍යය උනන්දුවක් දැක්වීමෙන් කාන්තාවන් ඔබ කෙරෙහි අමනාප වනු ඇත. එය ඇගේ කැමැත්තෙන් පවසනවානම් පමණක් එය ඇසීමට කාරුණික වන්න.
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    පිස්සුද බං...
    මොන කෙල්ලෙක් වුනත් ඒකිට ඕන ඕන පදේට නටන්න බෑ යකෝ.
    ඇහුවම කහනවා නම් යන්න කියපන්.
    මොන හුයන්නකටද එච්චර පු_ දීලා තියගන්නේ...​

    :angry::angry::angry:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    පිස්සුද බං...
    මොන කෙල්ලෙක් වුනත් ඒකිට ඕන ඕන පදේට නටන්න බෑ යකෝ.
    ඇහුවම කහනවා නම් යන්න කියපන්.
    මොන හුයන්නකටද එච්චර පු_ දීලා තියගන්නේ...​


    :angry::angry::angry:

    මෙන්න කොල්ලො
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ
    කසාද බදින්න හිතාගෙන කෙල්ලෙක්/කොල්ලෙක් ආශ්‍රය කරනවානම් කලින් හැමදේම හොයල බලන්න ඕනේ..
    පස්සේ කෙල වුනාම, තමන් අහුවුනා කියල තේරෙනකොට avid DeAngelo එන්නේ නැනේ අපේ පිහිටට...
    :angry::angry: