මුහුණු පොතෙන් උපුටාගත් පැනයකි .. කිරිවාසින්ගේ අදහස් දැනගැනීමට අවැසි බැවින් මෙහි පල කරමි..............
අපේ සෞරග්රහ මණ්ඩලයට ආසන්නම තාරකාව වන්නේ Proxima Centauri b තාරකාවයි. එයට ඇති දුර ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 4 යි. එනම් ආලෝකයේ වේගයෙන් ගමන් කරන යානයක් යොදාගතහොත් ඒ වෙත ගමන් කර නැවත පැමිණීමට අවුරුදු 8 ක් ගතවේ.
අනුර සහ රනිල් යනු සම නිවුන් සහෝදරයන් වේ. ඔවුන්ගේ 30 වන උපන්දිනය යෙදුණ 2020 ජනවාරි 01 වනදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් Elon Musk ගෙන් තෑගි ලැබුණු ආලෝකයේ වේගයෙන් ගමන් කළ හැකි Starlink නම් යානයක නැඟුණු අනුර, එදිනම Proxima Centauri b වෙත ගමන්කර නැවත පැමිණීමට පිටත් විය. ගමනේ ආරම්භක මොහොතේ සිටම යානය ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ යැයි උපකල්පනය කලහොත්;
1. අනුර පෘථිවිය කරා ලඟා වන්නේ කවදාද ?
2.අනුර පෘතුවිය කරා ලඟාවන විට ඔහුගේ වයස කීයද ?
3.අනුර පෘතුවිය කරා ලඟාවන විට රනිල්ගේ වයස කීයද ?
4.උපන්දිනය වෙනුවෙන් මහින්ද මාමාගෙන් තෑගි ලැබුණු ඩිජිටල් ඔරලෝසු දෙකක් එම කාලය මුළුල්ලේම ඔවුන් දෙදෙනා ලඟ තිබුණේ නම් අනුර පෘථිවියට පැමිණි පසු ඒවායේ සඳහන් දිනය කුමක්ද ?
