ප්‍රශ්න..

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
DhammaChakkaL.png

ධර්මය ගැන හදාරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඒ ගැන ප්‍රශ්න මතු කිරීම. ඒ ප්‍රශ්න ධර්මය ගැන සැක මතු කිරීමේ අරමුණෙන් නැතිව ධර්මය ගැන දැන ගැනීමේ අරමුණෙන් වීම ඉතා වැදගත්. අද අපෙන් හුඟක් වෙලාවට කට්ටිය අහන්නේ ධර්මය ගැන සැක මතු කිරීමේ ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන එක බෞද්ධයෙක්ගේ අරමුණත් එක්ක කිසිම සම්බන්‍ධයෙක් නෑ.

කොහොම වුනත් අපි ධර්මය ගැන කථා කරනවා කියන්නේ නිවන් අව‍‍බෝධ කිරීමේ ගමනේ පියවරක් ගමන් කරනවා කියන එකයි. ඉතින් බලන්න පහල අහන ප්‍රශ්න වලට ඔයාලට උත්තර හොයන්න පුළුවන්ද කියලා. මන් ඇප වෙනවා මේ ප්‍රශ්න වලට තමන් තුලින්ම විසඳුම් හොයා ගන්න පුළුවන් ඇත්තො අනිවාර්යෙන්ම උත්තම වූ නිර්වාණ සම්පත් ලබා ගන්න සමර්ත වෙන බවට.

1. භික්ෂුව කියන්නේ කවුද ?
2. ඔබත් භික්ෂුවක්ද ?
3. භික්ෂුවගේ ආයුෂයට කාරණය කුමක්ද ?
4. භික්ෂුවගේ වර්ණයට කාරණය කුමක්ද ?
5. භික්ෂුවගේ සැපට කාරණය කුමක්ද ?
6. භික්ෂුවගේ සම්පතට කාරණය කුමක්ද ?
7. භික්ෂුවගේ බලයට කාරණය කුමක්ද ?​

මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒ උත්තරවලින් තමුන්ට පිහිටක් ලබා ගන්න පුළුවන් වෙනවා. ධර්මය තමුන්ට පිහිටක් කරගන්න පුළුවන් වෙනවා.

තෙරුවන් සරණයි..​