ප්‍රශ්න! මම හිතුවා රටකින් රටකට පැන්නට පස්සේ ප්‍රශ්න ඉවර වෙයි කියලා. මිනිස්සු හිතන්නේ එහෙමයි, ප්‍රශ්න වලින් පැනලා දුවන්න.ප්‍රශ්න වලින් පැනල දුවන්න දුවන්න ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන් නෑ.
chef කෙනෙක් විදිහට training වෙන කාලේ ඒක ආතල් කියලා හිතුවට ටික කාලයක් යද්දී මට ඒක පට්ට අමාරු වෙන්න පටන් ගත්තා.පැය හයක් විතර එක දිගට courses තුනක මීල් හදනව කියන්නේ පට්ට අමාරු වැඩක් කියලා තේරෙන්න පටන් ගත්තා.
මම රටවල් දහයක විතර head chef ල එක්ක වැඩට පලයන් කියලා සතියකට වරක් මගේ බොසා එක එක තැන් වලට යැව්වා, එහෙම යද්දී එක එක විදිහේ cooking style එකම මෙනු එකට දාන විවිධ head chef ලා මට හම්බ උනා.
මාචි කියන්නේ ජැමෙයිකානු ජාතික chef කෙනෙක්, කල්ලෙක්.මාචි මම දැක්ක අනිත් chef ලා ගොඩකට වඩා පට්ට රැඩිකල් ඩයල් එකක්.kitchen එකක් කියන්නේ පීඩනය උපරීම වෙන, ප්‍රශ්න පිරිච්ච තැනක්.එහෙම තැනක මාචි මාර ලස්සනට ප්‍රශ්න එක්ක සෙල්ලම් කරනවා මම බලන් හිටියා. ප්‍රශ්න එක්ක සෙල්ලම් කරන මිනිස්සු ප්‍රශ්න ඇගට ගන්නෙත් නැතුව විසි කරන්නෙත් නැතුව ඒක එක්ක සෙල්ලම් කරනවා.
මාචි උදේම එයාගේ පොඩි speaker එකෙන් සින්දුවක් play කරන්න පටන් ගන්නවා, පොර උයන්නෙත් ඇවිදින්නෙත් ,පිගනක් හොදන්නෙත් අර මියිසික් එකේ තාලයට.මු ඇත්තටම කිව්වොත් kitchen එකේ නටනවා.මාචි ඩාන්ස් වලට, මියුසික් වලට ආස මනුස්සයෙක්.කොච්චර පීඩනයක් තිබ්බත් කිසිම වෙලාවක තමන්ගේ co workers ලට බනින් නෑ. හිනා වෙලා ඩාන්ස් එකක් දාගෙන වැඩ.මාචි කියන්නේ මගේ ජීවිතේ මේ මොහෙත ජීවත් වෙන්න,මේ මොහොතේ ආතල් එක ගන්න කියන කතා බොක්කටම උගන්වපු ගුරුවරයෙක්.
මේ අද වෙච්ච සිද්ධියක් නත්තල් හින්දා london බිසි, හැම තැබෑරැමක්ම හැම හෝටලයක්ම පට්ට බිසි.අද තිබ්බා 300 නත්තල් පාර්ටි එකක්. Head chef ඇතුළු assistant chef ලා 5ක් kitcen porters 2ක් kitchen එකේ. පීඩනයත් , ප්‍රශ්නත් ගොඩක්.මේ ඉස්සරහ ඉන්නේ මගේ බොස් පොර ඉන්දියන් .අපි පස් දෙනා staters , main course , desserts හදනවා.
අර එහා පැත්තේ ඉන්නේ අපේ reststurand එකේ ජෙනරල් මැනේජර්.නම පැට්.බ්‍රිතාන්‍ය ජාතිකයෙක්, ඉතාම ඉහල වැටුපක් ගන්න, පට්ට පොර සීන් එකේ ඉන්න පුළුවන් ඩයල් එකක්.මෑන් අද 12ට විතර kitchen එකට ආව.මෑන්ට තේරූන අද පට්ට බිසී කියලා.මෑන් 12 විතර පටන් ගත්ත පිගන් හේදිල්ල හවස 3න විතර වෙනකන් පිගන් හෝදනවා, වෝකිටෝකි එකෙන් අනිත් ඒව බැලන්ස් කරනවා. පැට් ඒක කරේ අකැමැත්තෙන් නෙවෙයි කරන්න ඕනිවටත් නෙවයි.මූ පිගන් හෝදන ගමන් මාර ආතල් එකක් ගන්න හැටි මමත් මගේ බොසත් බලන් හිටියා.
මම අද ඇත්තටම ස්ප්රරයිස් වෙච්ච දවසක්. Ego එක ගැන සෑහෙනට හිතපු දවසක්. මෑන්ටත් රෑම් එකට වෙලා CCTV ටික බලාගෙන ආතල් එකේ ඉන්න පුළුවන් කම තියෙද්දී මෙහෙම කරද්දී පොරගේ තියෙන management qulites ගැන ඉගෙන ගත්ත දවසක්.
ඇත්තටම මාචි වගේ පැට් ව්‍යංගයෙන් ප්‍රශ්න එක්ක සෙල්ලම් කරන හැටි කියලා දුන්න.ප්‍රශ්න මැරෙනකම්ම ඉවර වෙන් නෑ.මැරුනට පස්සෙත් ඉවර වෙන් නැතුව ඇති.එකක් ඉවර වෙද්දී ඊට වඩා පොඩි හරි ලොකු හරි ප්‍රශ්න වැලක්.දක්ෂ මිනිස්සු ප්‍රශ්න එක්ක සෙල්ලම් කරන්න දක්ෂයි.ඒකට ඉස්සෙල්ලම කරන්න ඕනි දේ පොළෙවේ පය ගහලා ජීවත් වෙන්න ඕනි වගේම මොක මොන බයිලා කිව්වත් තමන්ට ඕනි විදිහට තමන් ජීවත් වෙන්න පරිසරය හදා ගන්න ඕනි.
- Roy Dinol - (LinkedIn)