ප්‍රසිද්ධ දේශපාලඥයින්ට පට බැඳ ඇති නම්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ප්‍රසිද්ධ දේශපාලඥයින්ට පට බැඳ ඇති නම්

    සමහර දේශපාලඥයො තමන්ගේ ඡන්ද ව්‍යාපාර වලදි තමන්ම විවිධ නම් වලින් හඳුන්වාගනු ලබනවා. අභීත සිංහයා, පළාතේ රණහඬ, ජනතා හිතවතා, ලොවක් දකින ප්‍රාඥයා වගේ නම්. හැබැයි ඉතින් මේ බොහොමයක් වචන ජනතාවටනම් විහිලු පමණයි. ඒ බොහොමයක් අයගෙ වැඩකටයුතු අනුව ජනතාව දෙන නම් නං ඊට හාත්පසින්ම වෙනස් ඒවා. අද වෙද්දි නම් බහුතරයක් දේශපාලඥයින්ට හැදිල තියන නම් මේ වගේ ලිපියකින් කියන්න බැරි තරම් ලැජ්ජා සහගතයි. ඒ නිසා ඒ ගැන කියන්න අපි වචන නාස්ති කරන්නේ නෑ.
    අපි මේ කියන්න යන්නේ දේශපාලනය මගින් රටට සහ ජනතාවට සේවයක් කරපු නිසා ආඩම්බර විය හැකි සුවිශේෂී නම් වලින් හඳුන්වනු ලැබූ දේශපාලඥයින් 12 දෙනෙක් ගැනයි.



    1. නිදහස් අධ්‍යාපනයේ පියා – සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර

    Famous-SL-Nicknames-aniwa-01-768x403.jpg




    බ්‍රිතාන්‍ය ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවේ පළමු ලාංකික අධ්‍යාපන ඇමති ලෙස ගරු බුහුමනට පාත්‍රවන මෙතුමා 1884 ඔක්තෝබර් මස 13 වෙනි දින රන්දොඹේ ග්‍රාමයේ උප්පත්තිය ලැබුවා. 1923 දී මන්ත්‍රණ සභාවට තේරී පත්වුණු මෙතුමා ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබාදීමට හැකිවන ලෙස එවකට පැවතුනු අධ්‍යාපන පනත සංශෝධනයකට ලක් කර, බහුතර දරුවන් රැසකට අධ්‍යාපනය ලබා දෙන්නට ක්‍රියාකල නිසා මෙතුමාව මේ නමින් හැඳින්වුවා.



    2. කොස් මාමා – ආතර් වී දියෙස්

    Famous-SL-Nicknames-aniwa-02-768x403.jpg




    1886 වර්ෂයේ පානදුර දී උපත ලැබූ ආතර් වී දියෙස් මහත්මා අවිහිංසාවාදියෙකු වගේම අධිරාජ්‍ය වාදයට සහ මත්පැන් වලට එදිරිව තමන්ගේ සටන ගෙන ගිය කෙනෙක්. එතුමා රජයේ ධනය තමන්ට වියදම් කළා නොව තමන් ඉපයූ ධනය රටට වියදම් කල කෙනෙක් වුනා.
    මේ මහතා දෙවැනි ලෝක මහා යුද්ධ සමයේ රට පුරාම ඇතිවුණු සාගතයට සාර්ථකව මුහුණ දෙන්නට කොස් දෙල් අල බතල සිටවීමේ වැදගත් කම ගැන වැඩමුළු පවත්වමින් රට පුරා එකල සංචාරය කළා. ඒ වගේම අඩු කාලයකින් පීදී ඵල ලබාදෙන කොස් ඇට බෙදා දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කල ආතර් වී දියෙස් මහත්මයාට “කොස් මාමා” නාමය පට බැඳුනේ එතනින් පසුවයි.



    3. බත් දුන් පියා – ඩඩ්ලි සේනානායක

    Famous-SL-Nicknames-aniwa-03-768x403.jpg




    සිව් වතාවක්ම අගමැති පදවියට පත් වූ දේශපාලකයෙකු වුනු ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා, එතුමාගේ පාලන කාලය තුලදී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මනා සේවයක් කල දේශපාලකයෙක්. ගොවීන්ට සහතික මිලක් ලබාදීම, කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ඇති කිරීම වගේම, මහඉලුප්පල්ලම වියලි කලාපිය ගොවිබිම් දියුණු කිරීමත් එතුමාගේ කාලය තුල සිදුවුනා. ඒ වගේම මිලදී ගන්නා සහල් සේරුවකට තවත් සහල් සේරුවක් නොමිලයේ ලබාදෙන්නට කටයුතු කල නිසා ඩඩ්ලි සේනානායක මහතාව එකල “බත් දුන් පියා” නමින් හඳුන්වනු ලැබුවා.
    මෙතුමාගේ අභාවයෙන් පසුව එකල ජනතාව ප්‍රාර්ථනා කලේ “බත්දුන් පියා වී ගහට පිටදී බුදුවේවා” කියායි.



    4. කෝට්ටේ සිංහයා – ඊ ඩබ්ලිව් පෙරේරා

    Famous-SL-Nicknames-aniwa-04-768x403.jpg




    දේශපාලනයේ වූ කාර්ය ශුර බව සහ එඩිතර බව නිසා කෝට්ටේ සිංහයා නමින් නම ලද ඊ ඩබ්ලිව් පෙරේරා මහතා ලංකාවේ දේශපාලනය හැරවුම් ලක්ෂයක් ගෙන දුන් නායකයෙක් කිව්වට කිසිම වරදක් නැහැ.
    නිදහසට පෙර ලංකාව පාලනය කල සුදු ජාතිකයින් ගෙනගිය අත්තනෝමතික පාලනයට විරුද්ධව සිය සටන මෙහෙයවපු පෙරේරා මහතා, එංගලන්ත රාජාණ්ඩුව වෙත ලංකාවේ සිට පෙත්සමක් රැගෙන ගියේ සපත්තුවක සඟවාගෙනයි. වෘත්තියෙන් අධි නීතිඥවරයෙකු වූ එතුමා හොරණ ආසනය වෙනුවෙන් තරඟ කල හොඳම මන්ත්‍රී වරුන්ගෙන් කෙනෙක් බව අදටත් ජනතාව කතා වෙනවා.



    5. බොරලුගොඩ සිංහයා – පිලිප් ගුණවර්ධන

    Famous-SL-Nicknames-aniwa-05-768x403.jpg




    අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සිය සටන මෙහෙයවපු දේශපාලකයෙකු වුනු මෙතුමා සමසමාජ පක්ෂය පිහිටුවා එහි ආරම්භක සාමාජිකයෙක් බවට පත් වූ කෙනෙක්. ඒ වගේම පිලිප් ගුණවර්ධන මහතා ලංකාවේ ප්‍රථම වාමාංශික දේශපාලකයින් කිහිප දෙනා අතර කියවෙන නමක් වෙනවා.
    දේශපාලනය කරත්දී එතුමා දක්වපු එඩිතර භාවය නිසා මේ බොරලුගොඩ සිංහයා නම පටබැඳුනා කියල කියනවා. ඒ වගේම එතුමාගෙන් පසු පරම්පරාවත් දේශපාලනය කර රට කරවන්නට තවමත් දායකත්වය සපයන බව නොකියාම බැහැ.



    6. රබර් රජ්ජුරුවෝ – විල්මට් ඒ පෙරේරා

    Famous-SL-Nicknames-aniwa-06-768x403.jpg




    හොරණ ආසනයට තරඟ කල දේශපාලකයෙකු වූ විල්මට් ඒ පෙරේරා මහතා ජනතාවගේ මතකයේ වැඩිපුරම රැඳෙන්නේ එතුමා විසින් අධ්‍යාපනයට කල සේවය නිසයි. රබින්ද්‍රනාත් තාගෝර්තුමාට ලංකාවට ආරාධනා කොට එතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීපාලි මණ්ඩපය ආරම්භ කල මෙතුමා හොරණ ප්‍රදේශයට මතකයේ රැඳෙන සේවයක් කළා. දක්ෂ ව්‍යාපාරිකයෙක් වූ මෙතුමාගේ පියාට මෙන්ම මෙතුමාවද ජනතාව හඳුන්වනු ලැබුවේ රබර් රජ්ජුරුවෝ යන නමින්. මේ නම පට බැඳුනේ එකල දේශපාලනය කල කෘතහස්ත ව්‍යාපාරිකයෙක් වූ ඔහු අක්කර දහස් ගණනක් වන රබර් වගාවක හිමිකරුවෙක් ද වූ නිසයි.



    7. පරිප්පු මහත්තයා – ඇන් ඇම් පෙරේරා

    Famous-SL-Nicknames-aniwa-07-768x403.jpg




    සමසමාජ පක්ෂයේ මුල් කණුවක් වන පෙරේරා මහතා, දේශපාලනය පිලිබඳ මනා පරිචයකින් යුතුව භාවිතාවක් කල නායකයෙක් බවට පැවසෙනවා. ක්‍රීඩාව සහ දේශපාලනය එකසේ දත් මෙතුමාට පරිප්පු මහත්තයා නම පට බඳින්නට හේතුව වුයේ ලංකාවේ මැලේරියාව උත්සන්න වූ කාලයක දෙහි දෙහිඕවිට, උදුබාගේ, දැරණියගල ආදී ප්‍රදේශ වල පයින් යමින් රෝගයෙන් පීඩාවට පත් ජනතාවට පරිප්පු බෙදු නිසයි.



    8. බනිස් මාමා – විජයානන්ද දහනායක

    Famous-SL-Nicknames-aniwa-08-768x403.jpg




    දේශපාලනය තුල මතක හිටින වර්ගයේ දේශපාලකයින් ඉතා හිඟයි. එහෙත් කවදාවත් ලංකාවේ දේශපාලනයට බනිස් මාමා ව අමතක වුනේ නැහැ. ඒ තමයි විජයානන්ද දහනායක මහත්මයා. එතුමා අධ්‍යාපන ඇමති වෙලා සිටි කාලයේ සෑම පාසල් දරුවෙකුටම දිවා ආහාරයට කිරි විදුරුවක් සහ බනිස් ගෙඩියක් ලබා දියයුතු බව නියම කළා. මේ නිසා ජනතාවගේ ආදරය බොහෝ තරමින් දහනායක මහත්තයාට හිමි වුනා.



    9. නිදහසේ පියා/ ජාතියේ පියා – ඩී එස් සේනානායක

    Famous-SL-Nicknames-aniwa-09-768x403.jpg




    ලංකාවට අධිරාජ්‍යවාදීන් විසින් අඩන්තේට්ටම් කරමින් මර්ධනය කරන මොහොතක රටේ උන්නතිය වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා කටයුතු කල දේශපාලකයෙකි ඩී එස් සේනානායක මහත්මයා. එතුමා රට පුරා ගමන් කරමින් ගොවි ජනපද ව්‍යාපාර ඇති කරමින් රට බත බුලතින් සරු සාර කරන්නට, සෞභාග්‍යමත් කරන්න මනා පිටු වහලක් සැපයුවා. ඒ වගේම ලංකාව සුදු පාලකයින් ගෙන් මුදාගන්නට තමන්ගේ ධනය බලය කාලය කැප කරපු මෙතුමා විසින් කල කැප කිරීම නිසා ජාතියේ පියා සහ නිදහසේ පියා ලෙසින් හඳුන්වා දෙනු ලැබුවා.



    10. ආසියාවේ රිදී සීනුව – එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක

    Famous-SL-Nicknames-aniwa-10-768x403.jpg




    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්බකයා වෙන බණ්ඩාරනායක මහත්මයා, පංච මහා බලවේගය එකසත් කරමින් ලංකාව තැනීමට මුල් ගල තැබූ දේශපාලකයා වුනා. ඒ වගේම එතුමාගේ චතුර කථිකත්වය නිසා ආසියාවේ රිදී සීනුව ලෙසින් නම් පට බැඳුනේ එතරම් චතුර කථිකත්වයක් විදේශික නායකයෙකුට වත් නොතිබුනු නිසයි.



    11. රුහුණේ සිංහයා – ඩී එම් රාජපක්ෂ

    Famous-SL-Nicknames-aniwa-11-768x403.jpg




    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනපති තුමාගේ පියාගේ සොහොයුරා වෙන ඩී එම් රාජපක්ෂ දේශපාලනයේ දක්වපු එඩිතර බව සහ දක්ෂ බව නිසා රුහුණේ සිංහයා යන නමින් හැඳින්වුවා. ඒ වන විට මෙරට නිදහස් සටන සාර්ථකව ඉදිරියට යන සමයක්. දේශ හා ජනතා හිතෛෂීයකු වූන එතුමා තම නායකත්ව මෙහෙවර රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළත්, පිටතත් නොඅඩුව සැපිරුවා. සිය ජනතාවට ඉඩම් වගා අවසර පතේ සිට ඔවුන්ගේ ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනික, ප්‍රජා පොදු පහසුකම් ලබාදීමට කැපවූ දේශපාලකයෙක් වුනා.



    12. නිකවැරටිය පොඩි පුතා – මුදියන්සේ තෙන්නකෝන්

    Famous-SL-Nicknames-aniwa-12-768x403.jpg




    56 පාර්ලිමේන්තුවට පත් වුනු ලාබාලම මන්ත්‍රී වුනු මුදියන්සේ තෙන්න්නකෝන් එවකට පාර්ලිමේන්තුවේ ලාබාල මන්ත්‍රී වරයා වෙනවා. ඒ වගේම එතුමාට තම ප්‍රදේශයේ වගේම එවකට අගමැති වුනු බණ්ඩාරනායක මහතාත් ආමන්ත්‍රණය කලේ පොඩි පුතා කියලයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශ්‍රාම වැටුපක් ලබා දියයුතු බවට යෝජනාව මුලින්ම සභාගත කලේ ඒ මහතා වුනත් එකල ඒ යෝජනාව නිෂ්ප්‍රභා වුනා.


    http://www.aniwa.lk/2016/12/19/1612194-sl-politicians-nicknames/
     
    • Like
    Reactions: sudu23 and rt razor

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    දැන් ඉන්නේ රත්තරන් , චොක මල්ලි ,සරුව සුනිල්,මිස්ටර් 10% වගේ අය
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් ඉන්නේ බං ඔයිට වැඩිය පට්ට සෙට් එකක්

    පඹය
    රූකඩය
    ටැබ් දුන් පියා
    අප්පච්චී
    රට බේරා ගත් එකාගෙන් රට බේරා ගත් එකා
    බ්‍රා සිරා
    නළුවෙක් නොව මොලයක්
    පකයා
    රුපියල් සීයේ හිඟන්නා
    ගූ විමලේ
    බැලුන් හරීන්
    2500න් මාසයක් කන බොක්සර් බල්ලා
    සමලිංගික මංගල
    ගල කැපු අගමැති
    පොට්ට අම්මණ්ඩි
    ව්‍යාග්‍රා ජෝන්
    කබර කටා
    දත් දොස්තර
    කකුස්සි කටා
    තව අම්බානට ඉන්නේ ඔය

    ඒ එතින් ඒ කාලේ හිටපු දේශපාලකයෝ වාසනාවන්.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    දැන් ඉන්නේ බං ඔයිට වැඩිය පට්ට සෙට් එකක්

    පඹය
    රූකඩය
    ටැබ් දුන් පියා
    අප්පච්චී
    රට බේරා ගත් එකාගෙන් රට බේරා ගත් එකා
    බ්‍රා සිරා
    නළුවෙක් නොව මොලයක්
    පකයා
    රුපියල් සීයේ හිඟන්නා
    ගූ විමලේ
    බැලුන් හරීන්
    2500න් මාසයක් කන බොක්සර් බල්ලා
    සමලිංගික මංගල
    ගල කැපු අගමැති
    පොට්ට අම්මණ්ඩි
    ව්‍යාග්‍රා ජෝන්
    කබර කටා
    දත් දොස්තර
    කකුස්සි කටා
    තව අම්බානට ඉන්නේ ඔය

    ඒ එතින් ඒ කාලේ හිටපු දේශපාලකයෝ වාසනාවන්.

    bump
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    10. ආසියාවේ රිදී සීනුව – එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක

    Famous-SL-Nicknames-aniwa-10-768x403.jpg




    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්බකයා වෙන බණ්ඩාරනායක මහත්මයා, පංච මහා බලවේගය එකසත් කරමින් ලංකාව තැනීමට මුල් ගල තැබූ දේශපාලකයා වුනා. ඒ වගේම එතුමාගේ චතුර කථිකත්වය නිසා ආසියාවේ රිදී සීනුව ලෙසින් නම් පට බැඳුනේ එතරම් චතුර කථිකත්වයක් විදේශික නායකයෙකුට වත් නොතිබුනු නිසයි.



    මුගෙ සීනුවෙ සද්දෙ අහල තියෙනව නම් ඔහොම කියන්නෙ නෑ.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    දැන් සමහරුන්ගේ ඇත්ත නමට වැඩිය පට බදිච්චනම් තමයි මතක...ඒවා ප්‍රසිද්ද රහස් නිසා
     
    • Like
    Reactions: jodubaba

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මුගෙ සීනුවෙ සද්දෙ අහල තියෙනව නම් ඔහොම කියන්නෙ නෑ.

    එක තමයි මචන් මත අහල තියන විදිහට බණ්ඩාරනයක මහත්තය එදා කන්නන්ගර මැතිතුමා නිදහස් ඉංගිරිසි අධ්‍යාපනයක් ලබාදෙන්න යද්දී . එක වෙනුවට සිංහල රාජ්‍ය බාෂාව කරලා . බෂා සටන ඇති වෙන්නත් හේතු ඇති කරා කියල තියනවා , එක හේතුවක් උන කියනව මෙච්චරක් කල් ඇදුනු වියරු යුද්ධය ඇති වෙන්නත් .
    ඒවගේම එදා හම්බන්තොට වරාය හදන්න කියන්න හදාදී එක අත ඇරලා දාපු නිසා ආර්ථිකය පැත්තෙන් අද සිංගප්පුරුවක් වෙන්න තිබ්බ රට ආපස්සට යන්න හේතුවක් උන කියනවා .
    මන් අහල තියන දේවල් හරිද වැරදිද කියල දන්නා ය කියන්න හොදේ . දැනගන්නත් එක්ක අහන්නේ .:yes::yes::yes::yes::yes: