ප්‍රහාරකයා ගැන, රජය නවසීලන්තයෙන් තොරතුරු ඉල්ලයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,495
    47,613
    113
    නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක් තුලදී එරට වැසියන් 6 දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ලක් රජය නවසීලන්තයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

    ඕක්ලන්ඩ් නගරයේ නිව් ලින් ප්‍රදේශයේ පිහිටි ලින් මෝල් නැමති සුපිරි වෙළඳ සංකීර්ණය තුළදී අද මෙම සිදුවීම වාර්තා වුණා.

    වෙළඳ සංකීර්ණය තුළට පිවිසි පුද්ගලයෙකු එහි අලෙවි කිරීමට තිබූ පිහියක් ගෙන එම ස්ථානයේ රැදී සිටි පුද්ගලයින් පිරිසකට පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි නවසීලන්ත පොලිසිය සඳහන් කළේ.

    ප්‍රහාරය එල්ල කිරීමත් සමඟම තත්පර 60ක් තුළ ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රහාරකයා වෙළඳසැල තුලදීම වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

    පිහි ඇණුමින් තුවාල ලැබූ 6 දෙනාගෙන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නවසිලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

    ඉන් 62 හැවිරිදි පුද්ගලයෙකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබනවා.

    ප්‍රහාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් සඳහන් කළේ මෙම ත්‍රස්තවාදි ප්‍රහාරය සිදුකර ඇත්තේ 2016 වසරේ සිට නවසිලන්ත පොලිසියේ නිරීක්ෂණය යටතේ සිටි ශ්‍රී ලංකිකයෙකු බවයි.

    ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ බවට පැවසෙන ඡායරූපයක් ද නවසීලන්ත මාධ්‍ය ප්‍රසිද්ධ කර තිබූ අතර අගමැතිණි ජසින්ඩා ආඩන් කියා සිටියේ සැකකරු 2011 වසරේ ඔක්තෝම්බර් මාසයේදී එරටට සංක්‍රමණය වී ඇති බවයි.

    ඔහු අයි.එස්. සංවිධානයේ ආභාෂය ලැබූවෙකු වන අතර අන්තවාදී මත සහ හැසිරීම් හේතුවෙන් 2016 වසරේ සිටම ඔහු පිළිබඳව නවසීලන්ත ආරක්ෂක අංශ නිරන්තරයෙන් නිරීක්ෂණය කර තිබුණා.

    සැකකරු සුදුරුදු පරිදි ග්ලේන් ඊඩ්න්හි පිහිටි සිය නිවසේ සිට පැමිණ වෙළඳ සංකිර්ණයට ඇතුලු වී ඇති අතර එම අවස්ථාවේදීත් ආරක්ෂක අංශ ඔහු පිළිබඳ අවධානයෙන් සිටි බවයි නවසිලන්ත පොලිස් කොමසාරිස් ඇන්ඩෲ කෝස්ටර් ප්‍රකාශ කළේ.

    පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදු කරනතුරු සැකකරු අත්අඩංගුවට නොගත්තේ මන්දැයි එහිදී මාධ්‍ය පොලිස් කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

    ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර බන්ධනාගාර ගත කිරීමට තරම් වරදක් කර නොමැති වීම හේතුවෙන් ඔහුව නිදහස් කර තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ සිදුවීම හෙළා දකින අතර, අවශ්‍ය ඕනෑම ආකාරයකින් නවසීලන්ත බලධාරීන් සමඟ කටයුතු කිරීමට සූදානම් බවයි.

    ප්‍රහාරකයා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නවසීලන්ත බලධාරීන් ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීම ප්‍රසංශා කරන අතරම, සිද්ධියෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    මීට පෙර 2019 වසරේදී නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකක් තුළද සුදු ජාතිකයෙකු අන්තවාදි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කරනු ලැබුවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    මුන්ට පුදුම හදිස්සියක් නේ යකෝ තියෙන්නේ.
    අපේ 300 ක් මරිලාත් ඔච්චර හදිස්සියක් නැ. ඇයි මුන්ටත් ඕක චන්ද දෙක තුනක් ඇදගෙන යන්න.
    නොදකින් නවසිලන්තේ උන්. PR දාන්න හිටියේ. දැන් දාන්නේ නැ කියලා හිතාගත්තා.
    TFS Bro (y)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ISIS කියලා දැන ගැනිමම අත් අඩංගුවට ගන්න ප්‍රාමානවත්. මුං දැන් එක ශෙප් කරගන්න තප්පර 60න් මැරුවා ගාන්නෙ.
    මොනවා පුද්ගලයාගේ නම එලිකරන්නෙ නැත්නම් ඉතිං බොරු කියන්නෙ නවසීලන්තේ අගමැති. 6 දෙනෙක්ට පිහියෙන් ඇන්නා කියලා ටීවී එකෙ කතා කරන්න ඔනය. එයා තමා හොදටම කරේ කියන්න බොරු ශෝ දානවා.


     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ISIS කියලා දැන ගැනිමම අත් අඩංගුවට ගන්න ප්‍රාමානවත්. මුං දැන් එක ශෙප් කරගන්න තප්පර 60න් මැරුවා ගාන්නෙ.
    මොනවා පුද්ගලයාගේ නම එලිකරන්නෙ නැත්නම් ඉතිං බොරු කියන්නෙ නවසීලන්තේ අගමැති. 6 දෙනෙක්ට පිහියෙන් ඇන්නා කියලා ටීවී එකෙ කතා කරන්න ඔනය. එයා තමා හොදටම කරේ කියන්න බොරු ශෝ දානවා.



    from reddit

    NZ'er here:
    Weeks ago he was arrested for planning a terrorist attack - he had the weapon, the plan, had posted about it and his views online, and had ISIS literature he was studying.
    The judge released him without charge because planning a terrorist attack is not strictly illegal. This loophole was already in the process of being closed, and was close to going through Parliament when this occurred. I presume he felt the feds were closing in, and he had to act while Afghanistan was still relevant.
    The court may have released him, but the police maintained 24 hour surveillance since, including following him everywhere he went. As soon as his attack started, police were right there, guns drawn, trying to stop it, and ended up quickly cancelling his birthday.
    Why a supermarket? That's the only place in Auckland where there are people, as a delta outbreak has locked the city down. Why was he not deported? That is for Immigration New Zealand to answer for.
    Six people injured; two critically, one serious, two moderate, one released.
    At first I thought it was covid-related, like someone had finally snapped about the lockdowns, masks, limits on people in stores etc. Was not at all expecting fundamentalist extremism.
    Mu kiyanne unge neethiye danata terrorrist attack ekakata plan karana eka illegal nathilu, dan e nithiya wenas karannalu yanne.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    from reddit


    Mu kiyanne unge neethiye danata terrorrist attack ekakata plan karana eka illegal nathilu, dan e nithiya wenas karannalu yanne.


    නවසීලන්ත ටොයියෙක් වෙන්න ඇති. වැරැද්ද වහ ගන්න කියන.
     
    • Like
    Reactions: TNHM

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    කෝට් එකෙන් නිදහස් කරා නම් කන්ටේනරයක් වත් තිබ්බෙ නැද්ද යට කරන් යන්න.

    සුපර් මාකට් එක ඇතුලට ආම්ඩ් අන්ඩ කවර් ඒජන්ට් කෙනෙක් යවල තිබ්බ නම් ඩැමේජ් එක තව අඩු කරගන්න තිබ්බා. උපරිම දෙන්නෙක්ට මූ අනී. ඒ එක්කම තියනවනෙ ඔළුවටම.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    කෝට් එකෙන් නිදහස් කරා නම් කන්ටේනරයක් වත් තිබ්බෙ නැද්ද යට කරන් යන්න.

    සුපර් මාකට් එක ඇතුලට ආම්ඩ් අන්ඩ කවර් ඒජන්ට් කෙනෙක් යවල තිබ්බ නම් ඩැමේජ් එක තව අඩු කරගන්න තිබ්බා. උපරිම දෙන්නෙක්ට මූ අනී. ඒ එක්කම තියනවනෙ ඔළුවටම.
    එහෙම ආපු උන් නේද තියල තියෙන්නෙ.
     
    • Like
    Reactions: TNHM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    from reddit


    Mu kiyanne unge neethiye danata terrorrist attack ekakata plan karana eka illegal nathilu, dan e nithiya wenas karannalu yanne.



    නීතියෙ අවුල් තියෙනව නම් නීතිය ක්ෂණිකව සංශෝධනය කරනවා. අන්න එහෙමයි දියුණු රටවල්. නොදියුණු වලපල්ලට යන රටවල් වල පම්පෝරියයි, රෙද්දෙ ගහගත්ත තරුයි විතරයි.
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මුන්ට පුදුම හදිස්සියක් නේ යකෝ තියෙන්නේ.
    අපේ 300 ක් මරිලාත් ඔච්චර හදිස්සියක් නැ. ඇයි මුන්ටත් ඕක චන්ද දෙක තුනක් ඇදගෙන යන්න.
    නොදකින් නවසිලන්තේ උන්. PR දාන්න හිටියේ. දැන් දාන්නේ නැ කියලා හිතාගත්තා.
    TFS Bro (y)
    හදිසි නැත්නම් යකෝ තවත් පාස්කු එකක් තමයි. වූට ලංකාව කනෙක්ෂන් තිබ්බාද ? මූ isis වුණේ ලංකාවෙන් ද ?......
    අන්තිමට ඔවා හොයන්නෙ නැතුව මුගේ නැයෙක් හරි මොකෙක් හරි පුපුරගත්තොත් කියන්නේ හොයලා බැලුවේ නැහැ කියලා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුන්ට පුදුම හදිස්සියක් නේ යකෝ තියෙන්නේ.
    අපේ 300 ක් මරිලාත් ඔච්චර හදිස්සියක් නැ. ඇයි මුන්ටත් ඕක චන්ද දෙක තුනක් ඇදගෙන යන්න.
    නොදකින් නවසිලන්තේ උන්. PR දාන්න හිටියේ. දැන් දාන්නේ නැ කියලා හිතාගත්තා.
    TFS Bro (y)
    Unuth kalin danan idan danagena
    6k marenakal inna dunnane

    lankawe case eka ekka compare karanna epa (eke parishana ikkman madi)
    habyi new Zealand unuth methana ape ayata nodeweni deyak thamayi kare.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කෝට් එකෙන් නිදහස් කරා නම් කන්ටේනරයක් වත් තිබ්බෙ නැද්ද යට කරන් යන්න.

    සුපර් මාකට් එක ඇතුලට ආම්ඩ් අන්ඩ කවර් ඒජන්ට් කෙනෙක් යවල තිබ්බ නම් ඩැමේජ් එක තව අඩු කරගන්න තිබ්බා. උපරිම දෙන්නෙක්ට මූ අනී. ඒ එක්කම තියනවනෙ ඔළුවටම.
    Mrs fail 🥴
     
    • Haha
    • Like
    Reactions: TNHM and ruchira55

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Karapu ekage pic ekak thiyanawa. Eeth thawama danna bee. 24hrs වාරනයක් තියනවා. හෙට උදේ වෙනකොට ඒක අලුත් උනේ නැත්තම් දාන්නම්.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,625
    6,181
    113
    The individual who committed yesterday's attack arrived in New Zealand in October 2011. He was 22 years old and traveling on a student visa. It was not known that he held extreme views about violence and terrorism at that time.
    In 2016 he came to the attention of the police after he expressed sympathy on Facebook for recent terrorist attacks, violent war-related videos and comments advocating violent extremism. He was spoken to by the Police twice, once in April of 2016, and then again in May.
    This activity online continued though and in May of 2017 he was arrested at Auckland International Airport. Police believed at that time he was heading to Syria

    Just saw this when browsing ......
     
    • Like
    Reactions: TNHM