නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක් තුලදී එරට වැසියන් 6 දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ලක් රජය නවසීලන්තයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
ඕක්ලන්ඩ් නගරයේ නිව් ලින් ප්‍රදේශයේ පිහිටි ලින් මෝල් නැමති සුපිරි වෙළඳ සංකීර්ණය තුළදී අද මෙම සිදුවීම වාර්තා වුණා.
වෙළඳ සංකීර්ණය තුළට පිවිසි පුද්ගලයෙකු එහි අලෙවි කිරීමට තිබූ පිහියක් ගෙන එම ස්ථානයේ රැදී සිටි පුද්ගලයින් පිරිසකට පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි නවසීලන්ත පොලිසිය සඳහන් කළේ.
ප්‍රහාරය එල්ල කිරීමත් සමඟම තත්පර 60ක් තුළ ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රහාරකයා වෙළඳසැල තුලදීම වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.
පිහි ඇණුමින් තුවාල ලැබූ 6 දෙනාගෙන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නවසිලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඉන් 62 හැවිරිදි පුද්ගලයෙකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබනවා.
ප්‍රහාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් සඳහන් කළේ මෙම ත්‍රස්තවාදි ප්‍රහාරය සිදුකර ඇත්තේ 2016 වසරේ සිට නවසිලන්ත පොලිසියේ නිරීක්ෂණය යටතේ සිටි ශ්‍රී ලංකිකයෙකු බවයි.
ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ බවට පැවසෙන ඡායරූපයක් ද නවසීලන්ත මාධ්‍ය ප්‍රසිද්ධ කර තිබූ අතර අගමැතිණි ජසින්ඩා ආඩන් කියා සිටියේ සැකකරු 2011 වසරේ ඔක්තෝම්බර් මාසයේදී එරටට සංක්‍රමණය වී ඇති බවයි.
ඔහු අයි.එස්. සංවිධානයේ ආභාෂය ලැබූවෙකු වන අතර අන්තවාදී මත සහ හැසිරීම් හේතුවෙන් 2016 වසරේ සිටම ඔහු පිළිබඳව නවසීලන්ත ආරක්ෂක අංශ නිරන්තරයෙන් නිරීක්ෂණය කර තිබුණා.
සැකකරු සුදුරුදු පරිදි ග්ලේන් ඊඩ්න්හි පිහිටි සිය නිවසේ සිට පැමිණ වෙළඳ සංකිර්ණයට ඇතුලු වී ඇති අතර එම අවස්ථාවේදීත් ආරක්ෂක අංශ ඔහු පිළිබඳ අවධානයෙන් සිටි බවයි නවසිලන්ත පොලිස් කොමසාරිස් ඇන්ඩෲ කෝස්ටර් ප්‍රකාශ කළේ.
පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදු කරනතුරු සැකකරු අත්අඩංගුවට නොගත්තේ මන්දැයි එහිදී මාධ්‍ය පොලිස් කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කර සිටියා.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර බන්ධනාගාර ගත කිරීමට තරම් වරදක් කර නොමැති වීම හේතුවෙන් ඔහුව නිදහස් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ සිදුවීම හෙළා දකින අතර, අවශ්‍ය ඕනෑම ආකාරයකින් නවසීලන්ත බලධාරීන් සමඟ කටයුතු කිරීමට සූදානම් බවයි.
ප්‍රහාරකයා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නවසීලන්ත බලධාරීන් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම ප්‍රසංශා කරන අතරම, සිද්ධියෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මීට පෙර 2019 වසරේදී නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකක් තුළද සුදු ජාතිකයෙකු අන්තවාදි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කරනු ලැබුවා.