ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හද&#3535

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හද&#3535

    ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හදා බලයි


    59006c417522ca38008b6733-750-500.jpg




    චීනය එරට නිෂ්පාදිත පළමු ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව පළමුවරට මුහුදේ අත්හදා බැලීම් සිදු කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. චීනය තම නාවික හමුදාව නවීකරණය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව නිෂ්පාදනය කළේය.
    මෙම නෞකාව ‘ටයිප් 001ඒ’ යනුවෙන් හැඳින්වෙන අතර පළමුවරට මුහුදේදී අත්හදා බැලීම් කර ඇත්තේ සෙනසුරාදා (12) දිනයේදීය. ඊසන දිග චීනයේ වරායකින් එරට වේලාවෙන් ඊයේ උදෑසන 6.45ට පමණ මෙම නෞකාව අත්හදා බැලීම් සහ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
    යුද නෞකාව දියත් වන අයුරුත්, එහි තිබෙන ප්‍රහාරක ගුවන් යානා අහසට ගමන් අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් චීනයේ රාජ්‍ය රූපවාහිනි සේවය වන සී.සී.ටීවී රූපවාහිනි සේවය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි.

    03-china-aircraft-carrier.jpg


    නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතිය මුහුදේදී අත්හදා බලන පළමු අවස්ථාව මෙය යැයි ද සී.සී.ටීවී පුවත් සේවය වාර්තා කළේය. මෙම නෞකාව නිල වශයෙන් දියත් කරනු ලැබුවේ මීට වසරකට පෙර වුවත් නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතියය සහ ප්‍රචාලනය (ඉදිරියට ගමන් කිරීම) අත්හදා ලැබුවේ පළමු වරට බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්විණි.
    මෙම නෞකාව අධිකාරිධුරයට පත්කිරීම 2020 වසරේදී සිදු කිරීමට නියමිතය. මෙම නෞකාවත් සමඟ චීනය සතුව ඇති ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා සංඛ්‍යාව දෙකක් බවට පත්වේ.
    තායිවානය නිදහස් අරගලයක් දියත් කළහොත් එය සීමා කිරීමටත් දකුණු චීන මුහුදේ තම බලය තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් චීනය බලාපොරොත්තු වේ. චීනය සතු අනෙක් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව සෝවියට් නිෂ්පාදනයක් වන අතර එය යුක්රේනයෙන් මිලදී ගත්තකි. එම නෞකාව 2012 වසරේදී මෙහෙයුම් ආරම්භ කළේය. එම නෞකාව ‘ලියෝනින්ග්’ නම් වේ.
    මෙම නෞකාව නිෂ්පාදනය කිරීමත් සමඟ තම රටේම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවක් නිෂ්පාදනය කළ සහ කරන රටවල් කිහිපය අතරට චීනයද එක් වේ. ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ බි්‍රතාන්‍යය තම රටේදීම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා නිෂ්පාදනය කළ අනෙකුත් රටවල් වේ.
    කෙසේ නමුත් මෙම නෞකාව න්‍යෂ්ටික බලය සහිත ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11න් එකකට වත් සමාන නොවේ. ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11 න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ අතර ප්‍රමාණයෙන් අවි ආයුද ශක්තියෙන් අනෙකුත් රටවල ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවලට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් පසුවෙයි.
    කෙසේ වෙතත් චීනය තම නාවික හමුදාවද ඇතුළුව රට ත්‍රිවිධ හමුදාව නවීකරණය කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. චීන ත්‍රිිවිධ හමුදාව මිලියන 2ක මිනිස් බලයකින් සමන්විත වන එය ලොව විශාලතම හමුදාවද වේ.

    චීනය මේ වනවිට තම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව ද නිෂ්පාදනය කරමින් සිටින අතර තෙවැනි නෞකාවක් ද නිෂ්පාදනය කරන බවට වාර්තා වුවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
    චීනය මේ වසරේ ආරක්ෂාව වෙනුවෙන් යුවාන් ටි්‍රලියන 8.1ක් (ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 175ක්) වෙන් කර තිබෙන අතර එය සියයට 8.1කි. කෙසේ නමුත් එම මුදල් ඇමෙරිකා එක්සත් ජනපදය ආරක්ෂාව වෙනුවෙන් වෙන් කරන මුදලෙන් හතරෙන් එකක් පමණි.
    ඒ.එෆ්.පී


    1027268169.jpg
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවෙත් ඉන්නවා බන් බෝට්ටු නැව් හදන්න පුලුවන් උන්. මේ වෙනකල් ලංකාවෙ හිටපු උන්ගෙන් ප්‍රභාකරන් විතරයි ඒ වගේ උන්ව පාවිච්චි කරල තියෙන්නෙ :angry:
     

    Similar threads