ප්‍රහාර_ලත්_දේවස්ථාන

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ප්‍රහාර_ලත්_දේවස්ථාන

ප්‍රහාර ලත් දේවස්ථාන වලට ‘ආරක්ෂාව නෑ’

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජනවාරි 12 ඉරිදා - 17:25 GMT

140112145154_lanka_church_tamil_512x288_bbc_nocredit.jpg

ප්‍රචණ්ඩ ප්‍රහාරයකට ලක් වූ බද්දේගම පිහිටි තම දේවස්ථාන වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැතැයි ක්‍රිස්තියානි දේවගැති වරු පිරිසක් බිය පළ කරති.

ප්‍රහාරයෙන් දේපළ වලට බරපතල ලෙස අලාභ හානි සිදු වී ඇතැයි පවසන හික්කඩුව බද්දේගම පාරේ ලංකා දේව සභා සංගම් දේවස්ථානයේ ප්‍රධානී චින්තක ප්‍රසන්ත දේවගැති තුමා බීබීසී සංදේශයට කියා සිටියේ ප්‍රහාරකයන් සමග සිටි භික්ෂුන් වහන්සේ නමක් තමනට මරණීය තර්ජන පවා කළ බවයි.
ලංකා දේව සභා සංගමයේ හික්කඩුවේ පිහිටි යාඥා මධ්‍යස්ථාන දෙකකට ඉරිදා පෙරවරුවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කොට ගත් පිරිසක් පහර දෙනු වාර්තා කරුවන් හට දැක ගන්නට ලැබුනි.

බෞද්ධ භික්ෂුන් වහන්සේ

ප්‍රහාර දියත් කරන අවස්ථාවේ සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේලා හඳුනා ගෙන ඔවුන්ගේ නම් ද පොලිසියට ලබා දුන් බවත් ඔහු කියා සිටියේය.

යාඥා මධ්‍යස්ථාන වසා දමන්නට එක් වන ලෙස සෙනසුරාදා අන්තර් ජාලය ඔස්සේ කර තිබූ කැඳවීමක් සම්බන්ධයෙන් කලින් පැමිණිලි කළ ද, ප්‍රමාණවත් පොලිස් භට පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා නො තිබුනු බවයි චින්තක ප්‍රසන්ත දේවගැති තුමා පවසන්නේ.

ප්‍රහාරකයන් වලක්වා ලන්නට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනා දැරූ වෙහෙස පලවත් නොවූ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පොලිසියේ ‘අක්‍රිය භාවයක්’

තම මධ්‍යස්ථානයට පහර දීමෙන් නො නැවතුණු ප්‍රචණ්ඩ පිරිස බද්දේගම නගරයේ පිහිටි කල්වාරි නිදහස් සභාව වෙත ගොස් ඊටත් පහර දී පෙරලා පැමිණ මහ මග වාඩි ලා ගෙන උද්ඝෝෂණයක නිරත වූ බව ද හික්කඩුව බද්දේගම පාරේ ලංකා දේව සභා සංගම් දේවස්ථානයේ ප්‍රධානී චින්තක ප්‍රසන්ත දේවගැති තුමා ප්‍රකාශ කළේය.

බීබීසීය කළ විමසීමකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පොලිසියේ ‘අක්‍රිය භාවයක්’ පැවැති බව පිලි ගත්තේ ය.ඊට හේතුව ලෙස ඔහු දැක්වුයේ ප්‍රමාණවත් පොලිස් බලයක් නොතිබීමයි.

කෙසේ වෙතත්, වීඩියෝ පට වල දැක්වෙන සාක්ෂි විමසා බලා නීති විරෝධී කටයුතු කළ කිසිවකු වේ නම් ඊට එරෙහිව පියවර ගන්නා බවයි, අජිත් රෝහණ පොලිස් ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

BBC Sinhala Sandeshaya
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ වෙලාවේ හැටියට නම් මෙව්වා ජාතියන්තර අවදානේ දිනාගන්න වැඩ, හැබැයි ඉතිබ් මහ හිසරද තමා.. ලන්කාවට ආගම් වැඩියි දැන්නම්.. අනිවා සීමා කරන්න නිතියක් ගේන්න ඔනා.. ඔය මදැ.. දැන් උඩහා පැත්තේ මම දැක්කා මොකක්ද හින්දු මිශන් එකක් යනවා..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනවහරි ප්‍රශ්නයක් තියනවනම් ඒක විසද ගන්න ක්‍රමයක් තියනව......මැරයො වගේ පොලු මුගුරු අරන් ප්‍රශ්න විසදන්න බෑ.... සිව්‍ර රු දා ගත්තම හිතන්නෙ රටේ නීතිය උන්ට බලපාන් නෑ කියල.... මේ පලවෙනි සැරේ නෙවේනෙ....කාල කන්නි ටික හොද පාඩමක් ඉගෙන ගන්නව ලගදිම.......
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Aniwa They will learn a good lesson

    මොනවහරි ප්‍රශ්නයක් තියනවනම් ඒක විසද ගන්න ක්‍රමයක් තියනව......මැරයො වගේ පොලු මුගුරු අරන් ප්‍රශ්න විසදන්න බෑ.... සිව්‍ර රු දා ගත්තම හිතන්නෙ රටේ නීතිය උන්ට බලපාන් නෑ කියල.... මේ පලවෙනි සැරේ නෙවේනෙ....කාල කන්නි ටික හොද පාඩමක් ඉගෙන ගන්නව ලගදිම.......
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මැරුනට පස්සෙ යන ස්පොට් එකයි , එලම ස්පොට් එකට යන හරිම තියරියයි වෙනුවෙන් මරා ගැනිම .... ආගමක් අදහනව කියන්නෙ ලෙසි නැහැනෙ ? ආමි එකට යනව වගෙ තමයි:D

    1522077_679039092147316_2086057510_n.jpg
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Yako oka aththtama agamak adahana minissunta karagena gya ekak nam mehema deyak kawadawath wene na,,,ee unata oken kare minissunta salli deela agamata badawa gaththa eka,oka awrudu ganak thisse unaa,,yako oya palliya dala thibune maha palu gedaraka,,mukuth nodana katha karannepa,,,ee unata ethana gaththa kriyamargaya mama anumatha karanne naa,,ee unata owa ohoma hari ayn kare naththe issarahata wenne mkdda kiyala hithaganna puluwanne,,,,
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,273
    113
    ඕවා ආණ්ඩුවේ වැඩ..උන්ට ඕන මිනිස්සු කොටවන්න..
     
    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    මොනවහරි ප්‍රශ්නයක් තියනවනම් ඒක විසද ගන්න ක්‍රමයක් තියනව......මැරයො වගේ පොලු මුගුරු අරන් ප්‍රශ්න විසදන්න බෑ.... සිව්‍ර රු දා ගත්තම හිතන්නෙ රටේ නීතිය උන්ට බලපාන් නෑ කියල.... මේ පලවෙනි සැරේ නෙවේනෙ....කාල කන්නි ටික හොද පාඩමක් ඉගෙන ගන්නව ලගදිම.......

    :yes:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අඩෝ මමත් හික්කඩුවේ යකෝ ඔවා කුඩු කරලා මදි ගිනිතියන්න ඕන, සල්ලි වලට ආගම විකුණන පර බල්ලෝ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Yako oka aththtama agamak adahana minissunta karagena gya ekak nam mehema deyak kawadawath wene na,,,ee unata oken kare minissunta salli deela agamata badawa gaththa eka,oka awrudu ganak thisse unaa,,yako oya palliya dala thibune maha palu gedaraka,,mukuth nodana katha karannepa,,,ee unata ethana gaththa kriyamargaya mama anumatha karanne naa,,ee unata owa ohoma hari ayn kare naththe issarahata wenne mkdda kiyala hithaganna puluwanne,,,,

    අපි ගියොත් අපිටත් දෙයිද බන් ? දෙයියො ඉන්නව පොර තමයි පට්ටම බුවා කියලනෙ සින්දු කිය කිය කියන්න ඔනි , කොහොමද දන්නෙ නැහැ ඔෆර් එක ,, හොද ඔෆර් එකක් එනවනම් ඔවත් වැඩද බන් ?දෙන්නම්කො එකෙන්ම "නමො මරියනි" හැබැයි හොද ඔෆර් එකක් එන්න ඔනි නිකන් ලපයි සිපයි ඔෆර් හරි යන්නෙ නැහැ....

    මචන් තමන්ට කැමති ඔනි කොමිටලයක් විස්වාස කරගෙන ඉන්න ඔනි මිනිහෙක්ට පුලුවන් , විස්වාස කරගෙන ඉන්න කොමිටලෙ වැරදියි කියල හිතුනොත් වෙන කොමිටලයක් විස්වාස කරන්න පුලුවන් එකත් වැරදියි කියල හිතුනොත් විස්වාස නොකර ඉන්න පුලුවන් එහෙමත් බැරිනම් ඔය ඔක්කොම මික්ස් කොරල එඩිට් කොරල තමුන්ට කැමති වෙනම මොඩල් එකක් විස්වාස කොරගන්න පුලුවන් ... කරන එකාට කැමතිනම් කාටවත් ඇයි වෙදනා , බොන එකා බිපුදෙන් නොබොන එකාට කහනවද ? මස් කන එකා කාපුදෙන් නොකන එකාට කසනවද ? මිනිස්සු කල්පන කරන දෙ , මිනිස්සු කන්න ඔනි දෙ , මිනිස්සු විස්වාස කරන්න ඔන දෙ තිරනය කරන්න උබල ලන්කාව කියන ස්පොට් එකෙ ඉපදෙන මිනිස්සුන්ගෙ මොලවල අයිති කාරයොද ?:D:D
     
    Similar threads