ප්‍රාණඝාතය සිදුවන්නේ මෙහෙමයි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ප්‍රාණඝාතය සිදුවන්නේ මෙහෙමයි

    314732_345175182225750_243321589_n.jpg


    ප්‍රාණඝාතය සිදුවන්නේ මෙහෙමයි

    සබ්බෙ තසන්ති දණඩස්ස

    සබ්බෙ භායන්ති මච්චුනො

    අත්තානං උපමං කත්වා

    න හනෙය්‍ය න ඝාතයෙ

    සියලු සතුනට සිය දිවිය ප්‍රියය. තමා උපමා කොට සිතා අන් සතුනට ඇළීම් පෙළීම් නැසීම් නොකොට වැළකිය යුතු ය. මෙලොව වසන්නා වූ සියලුම සත්වයන් අත් පා දඬු මුගුරු සැත් ආදීන්ගෙන් කෙරෙන ශරීර වේදනාවන්ට තැති ගැනෙති. සියලු දෙන මරුට බිය වෙති. තමා උපමා කොට අනුන් නොනසන්නේ ය. නො නසවන්නේ ය. හිංසා පීඩා කිරීම් ආදිය තමා විසින් හෝ අනුන් ලවා හෝ නොකළ යුතු ය. “සබේබසං ජීවිතං පියං” සියල්ලන්ටම ජීවිතය පි‍්‍රය වන්නේ ය. දෙවි මිනිස් තිරිසන් ආදී සියලු සත්ත්වයෝම තම ජීවිතය උතුම් කොට සලකති.

    මේ ලෝකයෙහි රහතුන් හැර සෙසු සියලු සත්ත්වයෝම ජීවිතය පිළිබඳ පිනවීමෙන් යුතුව කල් යවති.

    “සුඛ කැමැති භූතානි” සැප කැමැති සත්ත්වයන් ප්‍රාණඝාත කර්මයට බිය වෙති. මෙලොව වසන පුහුදුන් සත්ත්වයන් නිරතුරු සැප ඇමැත්තෝ වන්නාහ. එවන් සතුන්ගේ දිවි තොර කිරීම අපමණ දුක් පීඩාවන්ට පමුණුවන ක්‍රියාවකි.



    “පරපණ නැසුවොත් කවර උපායෙ

    අපමණ දුක් දෙයි සතර අපායෙ “

    සතර අපායෙහි අප්‍රමාණ දුක්විඳීමට සිදුවන කර්මයකි. ප්‍රාණඝාතය. සත්ත්වයකුගේ ජීවිතය කිසියම් උපක්‍රමයකින් පවතින්නට යුතු තරම් කාල පරිච්ඡේදයක් පවතින්නට ඉඩ නොතබා විනාශයට පත් කිරීම ප්‍රාණඝාත නම් වේ. මෙම ප්‍රාණඝාත කර්මය සිදුවීම කොටස් කිහිපයක් යටතේ බෙදී යයි. ඒ අතර ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාත කර්මය සිදුවීමට මූලිකාංග පහක් සම්පූර්ණ විය යුතු ය.

    “පාණෝ භවේ පාණ සඤ්ඤි

    වධක චිත්ත මුපක්කමො

    තේන ජීවිතනාසොච

    අංගා පඤ්ච වධස්සිමෙ”

    01. පණ ඇති සතෙකු වීමය.

    02. පණ ඇති සතෙකු බව දැන ගැනීමය.

    03. මරණය සිදු කිරීමට කැමැති සිත.

    04. මරන්නට උපක්‍රම යෙදීම.

    05. එම උපක්‍රමය හේතුවෙන් මරණය සිදුවීමය.

    යන මෙම අංග පස සම්පූර්ණ විය යුතු ය. මෙම අංග පස සම්පූර්ණ නොවී ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. ඉහත අංග පස සම්පූර්ණ නොවී ප්‍රාණඝාතය සිදු නොවන අතර යාම් ඊම් ආදී ගමන් කිරීමෙන් ද ගොවිතැන් ආදී කටයුතු වලදී ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ.

    “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යන බුදු වදනට අනුව සතුන් මැරේවා යන චේතනාවක් නොවන නිසා එහිදී කර්මය සිදු නොවේ. සතුන් මැරෙනවා යැයි සිතා යාම් ඊම් ගොවිතැන් කටයුතු කිරීම් ගිනිතැබීම් ආදී කටයුතුවලදි ඔහුට ප්‍රාණඝාත කර්මය වේ.

    ප්‍රාණඝාතය සම්පූර්ණ වීමේ අංග පසට අමතරව ප්‍රාණඝාතයෙහි ප්‍රයෝග 06 කි. මෙහිදී ප්‍රයෝග යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රාණඝාතය සිදු කිරීමට කරනු ලබන්නා වූ උත්සාහයයි.

    සත්වයාගේ දිවි තොර කිරීමේ ආකාරය අනුව මෙම වර්ග කිරීම සිදුවේ.

    “සාහත්ථිකො ආනත්තිකො – නිස්සග්ගියොච තාවරො

    විජ්ජාමයො ඉද්ධිමයො – පසොගා ඡබ්බිධා මතා”

    01. ස්වාහස්තික ප්‍රයෝගය – (මරණු පිණිස ගැසීම්, කැපීම්, ඇනීම් ආදී සිය අතින්ම කරන්නා වූ උත්සාහය ස්වහස්තික ප්‍රයෝග නම් වේ.)

    02. ආඥා ප්‍රයෝගය – (සිය අතින් නොමරා අනෙකකු ලවා මැරවීම ආඥා ප්‍රයෝග නම්)

    03. නිස්සර්ගික ප්‍රයෝගය – (ගල් ගැසීම්, වෙඩි තැබීම්, ආයුධ දමා ගැසීම් ආදී තමා අතින් මුදා හැර යම් සත්ත්වයකුගේ දිවිතොර කිරීමට ගන්නා උත්සාහය නිස්සරගික ප්‍රයෝගය නම් වේ.)

    04. ස්ථාවර ප්‍රයෝගය – (ස්ථාවර ප්‍රයෝග යනු වලවල් හාරා තැබීම්,(උගුල් ඇටවීම්) උල් සිටුවා තැබීම්, තුවක්කු බැඳීම් ආදියෙන් දිවිතොර කිරීමට ගන්නා උත්සාහයයි.

    05. විද්‍යාමය ප්‍රයෝගය – (අංගම් පිඹීම්, සූනියම් කිරීම් ආදී විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම්)

    06. සෘද්ධිමය ප්‍රයෝගය – (ඇතැම් සත්වයන්ට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන්ම පිහිටයි. බොහෝ සෙයින් එබඳු වූ සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. එබඳු ආකාරයෙන් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ.)

    මෙම ප්‍රයෝග හයෙන් එකක දී සත්ත්වයකුගේ දිවිතොර කිරීම සිදුවන අතර මෙහිදී ආඥා ප්‍රයෝගය තවත් ආකාර 06 ක් යටතේ බෙදී යයි. මෙය වෙනකෙකු ලවා කරවීමක් බැවින් ප්‍රභේද කිහිපයකට විහිදී පවතී.

    “චත්ථු කාලොච මකාසො – ආයුධං ඉරියාපථං

    කිරියා විසෙසොතිමෙ – ඡ ආණත්ති නියාමකො”

    01. වස්තුව – මෙහි වස්තුව යනු මරනු ලබන සත්වයායි. මරන්නට අණ කරන පුද්ගලයා කිසියම් සත්වයකු මරන්නට අණ කළ කල්හි අණ කිරීම ලද තැනැත්තා නොවරදවාම එම සත්වයා මරණයට පත් කළේ ද අණ කරන්නා සහ ලබන්නා යන දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ.

    02. කාලය – රාත්‍රී කාල හෝ දිවා කාලාදියි කාලය වශයෙන් ගැනේ. අණ කරන්නා රාත්‍රියේ දී මරන්නට අණදුන් කල්හි අණ ලබන්නා රාත්‍රී කාලයේදීම මැරුවහොත් දෙදෙනාටම ප්‍රාණඝාතය වේ.

    03. අවකාශය – මැරීම සිදු කරන ස්ථානය අවකාශ නම් වේ. යම් තැනක සිටින සතකු මැරීමට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එම තැනදීම මරණයට පත් කරන්නේ ද එයින් දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ.

    04. ආයුධය – මැරීමට උපයෝගී කරගන්නේ යමක් ද එය ආයුධයයි. යම් ආයුධයකින් මැරීමට අණ කළ කල්හි අණ ලබන්නා එලෙසම කළ විට ප්‍රාණඝාතය දෙදෙනාටම සිදුවේ.

    05. ඉරියව්ව – මරනු ලබන සත්වයා සිටින ඉරියව්ව මෙහිදී කියැවේ. අණකළ පරිදිම කළහොත් දෙදෙනාටම කර්මය වේ.

    06. ක්‍රියා විශේෂණය – මරනු සඳහා කරන උපක්‍රමය ක්‍රියා විශේෂණයයි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලබන්නා එලෙසම කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත සිදු වෙයි. මෙම ආඥා ප්‍රයෝගයෙහි විශේෂත්වය වන්නේ අණ කරන්නා වස්තුව, කාලය, අවකාශය, ආයුධය, ඉරියව්ව, ක්‍රියා විශේෂණය යන ප්‍රයෝග තුළ දී මේ ආකාරයෙන් මරණය සිදු කළ යුතුය වශයෙන් අණ කළ විට අණ ලබන්නා අණ කරන්නාගේ කීමට පිටින් මරණය සිදු කළහොත් මරන්නාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ. උදාහරණයක් ලෙස වෙඩිතබා මැරීමට අණ කළ විට අණ ලබන්නා වෙනත් අයුරකින් මැරුවහොත් ඔවුන් දෙදෙනාගෙන් මරන්නාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදුවේ.

    මීට අමතරව ප්‍රාණඝාත කර්මය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය වශයෙන් දෙයාකාර වේ. මරණයට පත් කරන්නාගේ ගුණාගුණ වශයෙන් අල්ප සාවද්‍ය හා මහාසාවද්‍ය වේ. මව හෝ පියා හෝ රහතුන් මරන්නේ මහා සාවද්‍ය ගණයට අයත් වේ. එය ආනන්තරීය පාප කර්මයක් බවට පත් වන්නේ ඔවුන්ගේ ගුණ පක්‍ෂය ඉතා බලවත් බැවිනි. මරනු ලබන සත්වයාගේ ගුණ පක්‍ෂය හීන නම් අගුණ පක්‍ෂය බලවත් නම් එය අල්ප සාවද්‍ය වේ. මරනු ලබන සත්වයන් ගුණ පක්‍ෂයෙන් සම වූ කල්හි ශරීරයෙහි විශාලත්වය මත අල්ප සාවද්‍ය මහා සාවද්‍ය බවට පත්වේ. ශරීරයෙන් විශාල සත්වයකු මරණයට පත් කරන විට මහත් වෙහෙසක් ගත යුතු බැවිනි. ක්‍රෝධයෙන් බලවත් සේ සිත දූෂිත වීමෙන් මහාසාවද්‍ය වේ. ප්‍රාණඝාත කර්මයාගේ විපාකය ඉතා මහත් ය. කටුක වූ දුකකට ප්‍රාණඝාතය කළ තැනැත්තා පත්වේ. ඔවුන් නරකයෙහි ද ප්‍රේත යෝනියෙහි ද තිරිසන් යෝනියෙහි ද උපදවයි. එහිදී බොහෝ වූ දුක් විඳ මනුෂ්‍ය ආත්මයක් ලදහොත් නිතර නිතර රෝගාබාධයන්ට ලක් වේ. අවලක්‍ෂණ ශරීරාවයව ඇතිව උපත සිදුවේ. අපි‍්‍රය වූ පුද්ගලයෙක් වේ. සමාජයෙහි නින්දාවට ලක් වේ. සතුරන් ඇතිවේ. අකාරණයෙහි බියට පත්වේ. අල්පායුෂ ඇත්තෙක් වේ. පරොපක්‍රමයන්ගෙන් මරණයට පැමිණෙන්නේ වෙයි. ප්‍රාණඝාතයෙහි විපාකය මෙපරිදි වේ.

    සතුන් මරා මස්කති මැරුමට ද උදවු දෙති සමහරු

    ඇතැමෙක් සෙල්ලමට ඇතැම් අය රහසේ කැඳවති මරු

    ගිනිගෙන දිළිසෙන යම පල්ලෝ ආයුධ ගෙන නිරතුරු

    එපවින් ඉපදුනවුන් හට අටට නිරයෙ දුක් දෙති කුරු

    සතුන් මරා ඇගමස් කා විකුණා හෝ දිවි ගෙවුවෝ

    උනුන් මරන්නට රුකුළක් දුන් අය සහ රිසි වූවෝ

    කග්ගසීරු නිරයේ උපදිති කඩු වැනි හොට පෑවෝ

    ඇන ඇන නිරිසතා පළති විලාපයෙන් දුක කීවෝ

    සිත දූෂිත කරගෙන සිදු කරනු ලබන ප්‍රාණඝාතාදී හෝ වෙනත් කුඩා අකුසලයකින් නමුදු ගෙන දෙන විපාකයන් අතිශයින් ඝෝර වූ කටුක වූ අමිහිරි වූ විපාකයන් බවය. ප්‍රාණඝාතාදී අකුසල් කොට මැරීගොස් උපදින දුක් වැඩිම සැප අඩුම තැන සතර අපාය ලෙස හඳුන්වන අතර එයින් ද නරකාදියේ දුක් අධික වන්නාහ. එම නිරය ද කොටස් එකසිය තිස් හයකට බෙදා පෙන්වා ඇත. ඒ එක් නිරයක්වත් අසුරුසනක් ගසන තරම් කාලයක්වත් සැපතක් නොමැත.

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

    from FB muduna group.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    yeah simply maraddi danena wedanawa thamantama upama karagena beluwanam hari , good post +++++~~~~~
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේක තේරුම් ගන්න මහා බරපතල බන පද ඕනත් නැහැ ,පාලි තේරෙන්න ඕනත් නැහැ. කවුරු හරි මට ගහද්දි රිදෙනවා නම් මම තව කෙනෙකුට ගහද්දීත් රිදෙනවා කියන එක තේරුම් ගන්නයි ඕන, මිනිමරුවෙක් ඇවිත් අපේ බෙල්ලට පිහියක් තියද්දි අපිට දැනෙන මරණ බයම තමයි අහිංසක සත්තුන්ටත් දැනෙන්නේ, සමහරු සත්තු මරද්දී මොන සද්ද දැම්මත් සත්තුන්ට ඕව තේරෙන්නේ නැහැ නේ...
    තමාව උපමා කරගෙන අනිත් අය දිහා බලනවා නම් කාටවත් හිංසාවක් වෙන්නේ නැහැ
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

    හම්බයො හැර

    ++
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    gud post siripaala, ube avatar eka nisa rep denna hitenne na

    yeah simply maraddi danena wedanawa thamantama upama karagena beluwanam hari , good post +++++~~~~~

    Good Post
    rep pasuwata. ada iwarai:yes::yes:



    මේක තේරුම් ගන්න මහා බරපතල බන පද ඕනත් නැහැ ,පාලි තේරෙන්න ඕනත් නැහැ. කවුරු හරි මට ගහද්දි රිදෙනවා නම් මම තව කෙනෙකුට ගහද්දීත් රිදෙනවා කියන එක තේරුම් ගන්නයි ඕන, මිනිමරුවෙක් ඇවිත් අපේ බෙල්ලට පිහියක් තියද්දි අපිට දැනෙන මරණ බයම තමයි අහිංසක සත්තුන්ටත් දැනෙන්නේ, සමහරු සත්තු මරද්දී මොන සද්ද දැම්මත් සත්තුන්ට ඕව තේරෙන්නේ නැහැ නේ...
    තමාව උපමා කරගෙන අනිත් අය දිහා බලනවා නම් කාටවත් හිංසාවක් වෙන්නේ නැහැ

    good post
    :)

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

    හම්බයො හැර

    ++

    යහපත් දෙයක් බෙදා ගත්තට පින්...
    Rep++

    බුදු සරණයි!
     
    • Like
    Reactions: Fox C2