ප්‍රින්ස් උදය ප්‍රියන්ත
ප්‍රින්ස් උදය ප්‍රියන්ත යනු මෙරට සංගීත ලෝලීන් අතර 90 දශකයේ සිට බෙහෙවින් ජනප්‍රිය වූ ආදරණීය නාමයකි. එකල සිට බොහෝ තරුණ තරුණියන් පමණක් නොව ලොකු කුඩා බොහෝ දෙනාගේ හදවත් දිනාගත් ගායකයකුව සිටි ප්‍රින්ස් පසුගිය වසරේ අග භාගයේදී දැඩි ලෙස රෝගාතුර විය. එහිදී වරක් සුවය ලැබුවද කෙටි කලකින් නැවතත් රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා, එන්නත් සඳහා දිනකට ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කරමින් සති කීපයක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබිමට ඔහුට සිදුවිය. මේ වනවිට නැවතත් නිවසට ගොස් සිටියද රසික හදවත් ගීතයෙන් ආමන්ත්‍රණය කිරීමට තරම් සුවයක් තවමත් ප්‍රින්ස්ට ලැබි ඇත.
විටෙක වේදනාබර හදවත්ද, තවත් විටෙක ආදරණීය හදවත්ද, සංගීත රසයෙන් ආමන්ත්‍රණය කළ මේ සොඳුරු ගායකයා නැවතත් සිය රසිකයන් වෙනුවෙන් ගැයීමට අපේක්ෂාවෙන් බලා සිටියි. එහෙත් ඔහුට අද ගායනය පසෙක තබා සුවවෙමින් පවතින රෝගයට ප්‍රතිකාර සඳහා වැයවන අධික වියදම සමග සටන් වැදීමට සිදු වී තිබේ. ප්‍රින්ස් උපයාගත් මිල මුදල් හා යානවාහනද අද ප්‍රින්ස් හැරගොස් ඇත්තේ ප්‍රතිකාර සඳහා වැයවන අධික මුදල නිසාය.
ප්‍රින්ස් විසින් උපයාගත් ඉතිරිව ඇති මහා ධනය වන්නේ රසික හදවත්ය. දහස් ගණන් යුවතියන් පතිකුලයට පිවිසෙන විට එදා පසුබිමෙන් ඇසුණේ සඳ කුමාරියක් දීගෙක යනවා.......... යනුවෙන් ගැයූ ප්‍රින්ස්ගේ ගී හඬයි.
එහෙත් දහස් ගණන් කුමරියන් දීග යවන්නට ගීත ගැයූ ප්‍රින්ස් තවමත් තනිකඩය. බොහෝ දෙනා සතුටු කිරීමට ගී ගැයූ ප්‍රින්ස් වරක් තමාට හිමි වූ ගුරු රැකියාවක්ද ප්රතික්ෂේපකළේ ප්‍රසංග වේදිකාවට තිබූ බලවත් ආශාව නිසාවෙනි. අන් සියල්ල කැපකර ප්‍රසංග වේදිකාවේදී රසිකයන් පිනවීමට ගී ගැයූ ප්‍රින්ස්ගේ හඬ අකාලයේ නිහඬ නොවීම පිණිස ඔහුට රසික ජනතාවගේ උදව් අවශ්‍යම මොහොත දැන් එළඹ තිබේ.
බොහෝ දුෂ්කරතා මැද ජීවන අරගලය තුළ ප්‍රින්ස් රැකගැනීමට ඉතිරිව ඇත්තේ ඔහුගේ නැගනිය පමණි. ප්‍රින්ස් බේරා ගැනීම වෙනුවෙන් දිරියක් දිය හැකි නම් එය ගීත කලාවේ උන්නතිය වෙනුවෙන් සිදුකළ හැකි මහඟු උපකාරයකි.
ප්‍රින්ස්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඇයගේ නැගනිය වන ශිරෝනි ප්‍රනාන්දු මෙසේ පැවැසුවාය.
‘වෛද්‍ය පරීක්ෂණ නොමැතිව මාසිකව ප්‍රින්ස්ට ලබාදිය යුතු බෙහෙත් සඳහා පමණක් අද වනවිට රුපියල් හැට දහසකට වඩා වැයවෙනවා. ඒ අතරේ ඔහු වෙනුවෙන් නිර්දේශ කරන සමහර වෛද්‍ය පරීක්ෂණ සඳහාද විශාල මුදලක් වැයවෙනවා. දැන් රෝගය සුව අතට හැරෙමිනුයි තියෙන්නේ. නමුත් තව ටික කලක් අඛණ්ඩව ප්‍රතිකාර ලබාදිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය මතය. මගේ එකම අයියා වගේම රසික රසිකාවියන්ගේ ආදරණීය ප්‍රින්ස් රැකගැනීමට උදව් අවශ්‍යම වෙලාව තමයි මේ.’ මීට පෙරදීද ප්‍රින්ස් බේරා ගැනීමට බොහෝ දෙනා ලබාදුන් දායකත්වය ඉතා කෘතවේදීව සිහිපත් කරන බවද ඇය කියා සිටියාය.
ප්‍රින්ස් පිළිබඳ වැඩි විස්තර 0769111838 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකිය.
ප්‍රින්ස්ට ආධාර ලබාදිය හැකි ගිණුම් අංක වන්නේ 100948803862 ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇල්පිටිය (එස්.පී. ප්‍රනාන්දු) සහ 8103017799 කොමර්ෂල් බැංකුව ඇල්පිටිය (එස්.ඩී. ප්‍රනාන්දු) ය.
කසුන් සමරරුවන්
උපුටා ගැනීමකි

Code:
http://lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/274-2016-07-06-04-04-16