ප්‍රින්සිපල්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    පළමු වසරට සිසුන් ඇතුලත් කිරීම සදහා පාසලක් සොයා ගැනීම මෙරට බහුතරයක් දෙමාපියන්ට තවමත් විසදුමක් සොයා ගත නොහැකි ගැටලුවක්. මේ සදහා සුදුසුකම් ද රාශියක් සපුරාලිය යුතු වනවා.

    ඒ අතර ආසන්න පදිංචිය, ආදි ශීෂ්‍යභාවය ඇතැම්විට වෘත්තීය මට්ටම ද සැලකිල්ලට ගැනෙනවා.

    මේ කඩඉම් තරණය ලෙහෙසි පහසු නොවන නිසාවෙන් බොහොමයක් දෙමව්පියන් සිය දරුවා පාසලට ඇතුල් කිරීමට අයථා ක්‍රම සදහා යොමුවනවා.

    මෙය දඩමීමාකර ගන්නා අධ්‍යාපන බලධාරින්, මුදලේ සිට ඇඟ- මස් දක්වා අල්ලස් ඉල්ලීමට පැකිලෙන්නේ නැහැ.

    මේ සී.අයි.ඒ. කැමරා නෙත හසුකර ගත් එවන් සිදුවීමක්.....



    ලෝක ගුරු දිනය යෙදු තිබූ ඊයේ (06) දිනයේදී මෙම විදුහල්පතිවරයා පළමුවන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනීමට පැමිණි මවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් තිබුණා.

    කෙසේ වෙතත් ඇය මේ සම්බන්ධයෙන් මීට පෙර හිරු C.I.A. කණ්ඩායම මෙන්ම අධ්‍යාපන බලධාරින් දැනුවත් කර තිබූ අතර ඒ අනුව ඉංගිරිය - ඇළබඩ ප්‍රදේශයේ ලැගුම්හලකදී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් විදුහල්පතිවරයා තමන් භාරයට ගත්තා.

    එසේම, ලැගුම්හලේ අමුත්තන්ගේ ලේඛණයද ඔවුන්ගේ භාරයට ගෙන තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි තහවුරු කර ගැනීම සඳහායි.

    මේ වනවිට විද්‍යාලයේ පාලන කටයුතු නියෝජ්‍ය විදුහල්පතිට යටත්කර ඇති අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න කියා සිටියේ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    owage ewa kochchara wenwada
    me amma hoda nisa mehema una
    kalin colombo school ekaka (nama dana eka hari naha)
    principal ambanaka lamai aran thibbe ammala ekka idala eth anthimata pora ministry ekata maruwak labuna witharai
    kottawe school ekak kalin hitapu pinagen ekkenk ohoma karana eka harida kiyala ahuwama ammala kamathinam thamuseta thiyena amaruwa mokakda kiyala ahala
    anthimata pora colombo school ekaka pina una
    onna okai lankawe thathwe
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයිට වඩා නරකද, ඒ අම්මගෙන් සල්ලි අරගෙන බඩුවක් ගැහුවන් නම්.:dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් කාලේ දරුවෙක් මල්ලෙක් හදාගන්න එපා වෙන්නේ ඔය වගේ සීන් හින්දා තමයි.
    කොහොමෙයි ඉතින් උන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නේ !!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් කාලේ දරුවෙක් මල්ලෙක් හදාගන්න එපා වෙන්නේ ඔය වගේ සීන් හින්දා තමයි.
    කොහොමෙයි ඉතින් උන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නේ !!!
    සිරාවටම බං.. මුන් නම් එල්ලන්න ඕන.. කාලකන්නි හු#නන්ලා..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවටම බං.. මුන් නම් එල්ලන්න ඕන.. කාලකන්නි හු#නන්ලා..

    මුන් ඉස්කෝලෙ කියන්නෙ නෑනේ..:angry:

    සාගර පලන්සූරිය විදුහල හඳපාන්ගොඩ.(කිරිගල ඉස්කෝලෙ කියල කියන්නෙ:yes:) අපිට ටිකක් කිට්ටුයි ඔය හරිය. :dull:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ එක සිද්දියක්. තව මේ වගේ රිපෝට් වෙච්ච නැති කේස් කොච්චර ඇද්ද? :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන් ඉස්කෝලෙ කියන්නෙ නෑනේ..:angry:

    සාගර පලන්සූරිය විදුහල හඳපාන්ගොඩ.(කිරිගල ඉස්කෝලෙ කියල කියන්නෙ:yes:) අපිට ටිකක් කිට්ටුයි ඔය හරිය. :dull:
    ඔය එකෙක් විතරයි බං.. ඔය වගේ ලිංගික අල්ලස් ගන්න ප්‍රින්සලා හම්බානෙක ඉන්නවා.. ප්‍රින්සිපල්ලා උනාට මුන් පට්ට මෝඩයි බං..:rofl:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ආයි ඉස්කෝලෙට ගියොත් කොල්ලො හූ කියලම නැතිකරයි මූව.:lol:

    ආයේ කොහේ ඉස්කෝලෙට යන්නද? මගුලත් ඉවරයි. සමාජෙට ආයේ මූණ දෙන්න බෑ. කොහේ හරි දුෂ්කර පළාතකට මාරුවක් අරන් යයි. ගිහින් එහෙ කාව හරි වැඩේට සෙට් කරගනී. චාටර් අර පොරක් අහනවා ප්‍රින්සිපල් මොකද මේ ඇඳුම් ගලවගෙන් කියලා අහනකොට. :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආයේ කොහේ ඉස්කෝලෙට යන්නද? මගුලත් ඉවරයි. සමාජෙට ආයේ මූණ දෙන්න බෑ. කොහේ හරි දුෂ්කර පළාතකට මාරුවක් අරන් යයි. ගිහින් එහෙ කාව හරි වැඩේට සෙට් කරගනී. චාටර් අර පොරක් අහනවා ප්‍රින්සිපල් මොකද මේ ඇඳුම් ගලවගෙන් කියලා අහනකොට. :rofl:
    පොර හෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්තෙ..:rofl:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පොර හෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්තෙ..:rofl:

    මේ වගේ උන්ව ඇත්තටම එක්ස්පොස් කරන්න ඕනේ. මීඩියා වලින් මුන්ගේ මූණු වහන එක නවත්තන්න ඕනේ :angry: