ප්‍රියන්ත_සිරිසේනගේ_මරණය_ගැන_ප්‍රීතිවන_ජ
ප්‍රියන්ත සිරිසේන ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරය පරිසරය හා සම්බන්ධ තරමක් මතභේදාත්මක එකකි. පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි ව්‍යාපාර දැඩි ලෙස දේශපාලනීකරණය විය. ඔහු ද දේශපාලන බලය තම ව්‍යාපාර සඳහා යොදා ගත් අයෙකි.
දැන් සාමාන්‍ය මිනිසකුට තමන්ගේ නිවස හදා ගැනීම සඳහා අසල ඇලෙන් වැලි ටිකක් ගොඩ දාගන්නට බැරි ය. වැලි යනු වටිනා ඛනිජ සම්පතක් වී තිබේ.
වැලි රාජුගේ ව්‍යාපාර ශෛලිය වැලි ගොඩදැමීම, ගල් කැඩීම, ගස් කැපීම, ආණ්ඩුවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්, බාර් වැනි ව්‍යාපාරවල යෙදී සිටින අනෙක් අයගේ ශෛලියට වඩා වෙනස් යයි මම නො සිතමි. මෙබඳු ව්‍යාපාර කරන කිසිවෙක් අවංක නැත. අවංක වන්නට බැරි ය. ඒවා දූෂණ ජාලයක් හා බැඳී තිබේ. ඒ ජාලයේ තවත් බොහෝ අය සිටිති. විශේෂයෙන් ම දේශපාලකයෝ හා නිලධාරීහු ඒවා සමග සම්බන්ධ ය.
සිය සහෝදරයා ජනාධිපති වුණා ය කියා ප්‍රියන්ත සිරිසේනගේ ජීවිතයේ වෙනසක් සිදු වී නැති බව ඔහු ජීවත් වූ හා මරණයට ගොදුරු වූ ආකාරයෙන් පෙනේ. මෙම තත්වය හිටපු ජනාධිපතිවරයාගේ ඥාති සංග්‍රහ මට්ටම සමග සන්සන්දනය කරන්නට කල් මදි යයි මම නො සිතමි. මන්ද, ජනාධිපති වී කෙටි කාලයක් ඇතුළත ම ඔහු සිය සහෝදර බලඇණිය ආණ්ඩුව තුළට රිංගවාගෙන අවසන් කර තිබිණි. ඉතා කෙටි කාලයක් තුළ ඔහුගේ පවුල් කවයේ අරය පුළුල් වූ ආකාරය කවුරුත් දනිති. මෛත්‍රීපාල සිරිසේන දිගු කලක් ඇමතිකම් හෙබවූවෙකි. ඔහුගේ දේශපාලන ජීවිතය ද ඥාති සංග්‍රහයෙන් දූෂණය වී තිබේ. එහෙත්, මහින්ද රාජපක්ෂත් සමග සන්සන්දනය කළ විට එය පරිමාණයෙන් කුඩා බව පැහැදිලි ය.
ප්‍රියන්ත සිරිසේන ප්‍රහාරයට ලක් වීමෙන් පසු ඔහු මරණයට පත් වන්නට පෙර මේ රටේ වගකීම් විරහිත මාධ්‍ය හා විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ කඳවුරේ සාමාජිකයෝ මේ මිනිසා නැවත නැවත ඝාතනය කළ හ. ඔහුගේ මරණය ගැන තමන්ගේ හිතලු රිසි සේ ප්‍රචාරය කළ හ.
තරාතිරම කුමක් වුවත් ඔහු මෙම ප්‍රහාරයේ වින්දිතයා බව බොහෝ දෙනෙකුට අමතක විය.
කලහයකදී දරුණු ප්‍රහාරයකට ලක්ව වේදනාත්මක හා ඛෙදනීය මරණයකට ගොදුරු වූ මිනිසකු සම්බන්ධයෙන් දේශපාලනයෙන් තොරව සාධාරණ ඇසකින් බලන්නට බැරි තරමට මේ සමාජය පිරිහී තිබෙනවා නේ ද?
මහින්ද රාජපක්ෂ කඳවුරේ අය මේ මරණය ගැන සතුටු වුණේ මේ වින්දිතයා මහින්ද පරදවා බලයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහෝදරයා නිසා ය. මේ මරණයෙන් මෛත්‍රීපාලට රිදෙන නිසා ය.
රෝහණ විජේවීර, ආර්. ප්‍රේමදාස ආදීන් මිය ගිය වෙලාවේ මේ රටේ ජනතාවගෙන් කොටසක් දුක් වෙද්දී තව කොටසක් ප්‍රීතියෙන් රතිඤ්ඤා පත්තු කළ හ.
ප්‍රියන්ත සිරිසේනගේ මරණය පිළිබඳ කතා කරන විට අප තවමත් ජීවත් වන්නේ ඒ ම්ලේච්ඡත්වය තුළ ම බව පැහැදිලි ය.
පසුගිය ආණ්ඩුව කාලයේ නම් බොහෝ විට සිදු විය හැකි දෙයක් වූයේ මිනීමැරුම් සැකකරු ඝාතනය සඳහා යොදා ගත් අවිය පෙන්නන්නට ගිය අවස්ථාවේ පොලිසියට පහර දී පැන යාමට තැත් කිරීමේදී වෙඩි වැදී හෝ දියේ ගිලී හෝ මිය යාමයි.
මේ හා සමාන තත්වයක් රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් ද දක්නට ලැබිණි.
ආණ්ඩු වෙනස් කළාට වැඩක් නැත. සමාජයක් ලෙස අපි ශිෂ්ට විය යුතු ය.
w3lanka
ජනාධිපතිගේ බාල සහෝදරයකු වූ ප්‍රියන්ත සිරිසේන අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහුගේ මරණය මිනීමැරුමකි. ඔහුට පොරෝ පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් මෑතදී අමනාප වූ ඔහුගේ පැරණි මිතුරකු අත්අඩංගුවට ගෙන තිබේ.