ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🍁 ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක 🍁

    ආදරයෙන් රැස් කොට ආරක්ෂා කරගෙන සිටින ධනයෙන් හා පුත්‍ර‍ භාර්‍ය්‍යාදි පුද්ගලයන්ගෙන් ද වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුඃඛය යි. ධනය වනාහි වියදම් වීමෙන් ද සොරුන් විසින් රජුන් විසින් පැහැර ගැනීමෙන් ද ගිනි දිය ආදියට අසුවීමෙන් ද හිමියාගෙන් වෙන් වෙන දෙයකි. හිමියා වෙත යම් ධනයක් ඉතිරි වුව ද මරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේය. පුත්‍ර‍ කලාත්‍රාදි ප්‍රිය පුද්ගලයන් හා වාසය කරන තැනැත්තාට තමාට ඔවුන් හැර අන් පෙදෙසකට යන්නට සිදුවීමෙන් ද ඔවුන් තමා හැර යාමෙන් ද, මරණයට පැමිණීමෙන් ද ඔවුන්ගෙන් වෙන් වන්නට සිදු වේ. තමාගේ මරණයෙන් හෝ වෙන් වන්නට සිදුවේ. එබැවින් ප්‍රිය විප්‍රයෝගය ද සසර සැරිසරණ පුද්ගලයා හට ජාතියක් පාසා ම සිදු වන දෙයකි. එය ම ඒකාන්තයෙන් දුකක් නො වතුදු බොහෝ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් එය දුකකි. එහි උග්‍ර‍තාවය කොතෙක් ද කියතහොත් සමහරු රෝගී වෙති. සමහරු මිය යති. සමහරු සිය දිවි නසා ගනිති.

    . "උරගාව තචං ජීණ්ණං "
    සර්පයා දිරාගිය හැව අත්හැර යයි. මෙලෙසම මියගිය විට දී තමන් පරිහරණය කළ මේ සිරුර අත්හැර දමයි.

    සිරුර දැවෙන විට දී නොදැනේ. ඥාතීන් අඩන විට නො ඇසේ. එනිසා ශෝක නොකරමි මියගිය තැනැත්තා යා යුතු තැනට යයි.

    ප්‍රියබව නිසා ශෝකය ඇතිවේ. ප්‍රියයන් නිසා බිය ඇතිවේ. ප්‍රියයන්ගෙන් මිදුනවිට ශෝකයක් නැත. බියක් නැත.

    ශෝකයක් හෝ බියක් හෝ උපදින්නේ ප්‍රිය වූ සත්ත්වයන් නිසා හෝ සංස්කාරයන් නිසාමය.. එනිසා ඉන් මිඳුන තැනැත්තාට බියක් නැත ශෝකයක් නැත.