ජීවිතයත් සමඟ මරණය පැමිණීම නම් කොයිතරම් සත්‍යයක් ද.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    💀🥀💀ජීවිතයත් සමඟ මරණය පැමිණීම නම් කොයිතරම් සත්‍යයක් ද.💀🥀💀

    🌹🌹🌹 එයට ජාති භේද නැත. ආගම් භේද නැත. කුලමල භේද නැත. ධන නිර්ධන භේද නැත. උගත් නූගත් භේද නැත. වධයට නියම වූවෙක් කරා, ගතවෙන මොහොතක් මොහොතක් පාසා වධක දිනය ළං වෙන්නා සේ, උපන් සත්වයා කරා මරණය ම ළං වෙමින් තිබේ.

    ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද "මරණය" නැමැති ධර්මතාවය නිතර මෙනෙහි කළ යුතුය.

    " සබ්බේ සත්තා මරිස්සන්ති – මරණන්තං හි ජීවිතං "

    “සියලු සත්වයෝ ම මැරී යන්නේ ය. මේ ජීවිතය පවතින්නේ මරණය තෙක් පමණි.”

    තිලෝගුරු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අයුරිනි. ලෝකයෙන් කොයි පැත්තෙන් විමසා බැලූව ද මරණය නොපෙනෙන තැනක් නැත. පෙනෙන්නේ ම මරණය යි. පෙනෙන්නේ ම අසරණ භාවය යි. නීරෝගී බව ලෙඩදුක් ඉදිරියේ අවසන් වනු පෙනේ. යෞවනත්වය නාකි වීම ඉදිරියේ අවසන් වනු පෙනේ. ප්‍රිය ඇසුරේ සතුට, ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් අවසන් වනු පෙනේ. මුළුමහත් ජීවිතය ම මරණය ඉදිරියේ අවසන් වනු පෙනේ.

    “අහස උසැති මහා කළුගල් පර්වතයෝ සිව් දිශාවෙන් පැමිණ සියලු සත්වයින් වනසා දමනා පරිද්දෙනි, ජරා මරණ මේ උපන් සත්වයාව යටකොට දමන්නේ. රජවරු ය, ගුණවතුන් ය, ව්‍යාපාරික ධනවතුන් ය, කාර්මිකයෝ ය, සැඩොලුන් ය කියා භේදයක් නැත. සියල්ලෝම ජරා මරණ ඉදිරියේ යට වන්නේ ම ය.

    🍁 ආර්ය ප්‍රඥාවෙන් ජීවිත සනසවාගෙන වැඩ සිටි රහත් උතුමන් පවා කය අත්හැර ගියේ ම ය. සදාකාලික වූයේ නැත.

    " ලෝකනාථං ඨපෙත්වාන – යේ චඤ්ඤේ අත්ථි පාණිනා
    පඤ්ඤාය සාරිපුත්තස්ස – කළං නාග්ඝන්ති සෝළසිං
    ඒවං නාම මහා පඤ්ඤෝ – පඨමෝ අග්ගසාවකෝ
    මරණස්ස වසං පත්තා – මාදිසේසු කතාව කාති."

    “ලෝකනාථයන් වහන්සේ හැරුණු කොට මේ ලෝකයේ අන් සියලු සතුන්ගේ ප්‍රඥාව එකතු කළත්, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් සොළොස් කලාවෙන් එකක් තරම්වත් නොවටී. එබඳු මහා ප්‍රඥාවක් ඇති මේ බුදු සසුනේ පළමු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ද මරණය නමැති ධර්මතාව ප්‍රකට කරවමින් ජීවිතය අත්හැර පිරිනිවනට වැඩි සේක. මා වැන්නෙකුගේ මරණය ගැන කවර කතා ද?”

    🌼 අප සම්මා සම්බුදුරජාණෝ ද පිරිනිවනට වැඩි සේක් ම ය.

    " ඒවං මහානුභාවස්ස – යං නාමේතං මහේසිනා
    න භයේන න ලජ්ජා ය – මරණං වසමාගතං
    නිල්ලජ්ජී වීතසාරජ්ජං – සබ්බසත්තාභිමන්නදනං
    තයිදං මාදිසං සත්තා – කථං නාභිභවිස්සති"

    අහෝ මෙබඳු මහානුභාවසම්පන්න වූ මහර්ෂි වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ භයෙන් හෝ ලැජ්ජාවෙන් හෝ මරණයෙහි වසඟයට නොගිය සේක් ම ය.

    🔥💀🔥 උතුම් ධර්ම දානමය කුසළය පින්වත් ඔබ සියළු දෙනාට සත්‍යය අවබෝධය පිණිස හේතු වේවා 🔥💀🔥
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උඹ දවසක් එකවුන්ට් එක මාරු වෙලා ෆේක් එකෙන් දාන්න ඕනා ලින්කිකමය ත්‍රෙඩ් එකක් ඔය එකවුන්ට් එකෙන් දැම්මා නේද? :rofl:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    උඹ දවසක් එකවුන්ට් එක මාරු වෙලා ෆේක් එකෙන් දාන්න ඕනා ලින්කිකමය ත්‍රෙඩ් එකක් ඔය එකවුන්ට් එකෙන් දැම්මා නේද? :rofl:
    Hoyaganna barida e thread eka? 😀
     
    • Haha
    Reactions: clumsyhulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉපදෙන්නේ ඇත්තටම මව් කුසින්ද?
    ඉපදුනා/ ඉපදෙනවා කියලා දන්නැත්තම් අපි ඉපදිලා ඉදියිද?
    එතකොට, මරනය? 🙃
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම ප්‍රත්‍යන් නිසා ඇති වුන එකම එක මොහොතට පමණක් සීමා වෙච්ච විඥානයකට (දැනීමකට), මව් කුසින් ඉපදිල පස්සේ කාලෙක මැරෙනව කියල හැඟෙනව කියන්නෙ මොන තරම් අසරණ වීමක්ද....

    හෑලි ලිවීම පැත්තකින් තියල ඉපදෙන්නෙකුත්, මැරෙන්නෙකුත් ලෙස ගන්න දෙයක් නොමැති බව අවබෝධ කරගෙන මරණය ජය ගන්න try කරන්න :-)
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම ප්‍රත්‍යන් නිසා ඇති වුන එකම එක මොහොතට පමණක් සීමා වෙච්ච විඥානයකට (දැනීමකට), මව් කුසින් ඉපදිල පස්සේ කාලෙක මැරෙනව කියල හැඟෙනව කියන්නෙ මොන තරම් අසරණ වීමක්ද....

    හෑලි ලිවීම පැත්තකින් තියල ඉපදෙන්නෙකුත්, මැරෙන්නෙකුත් ලෙස ගන්න දෙයක් නොමැති බව අවබෝධ කරගෙන මරණය ජය ගන්න try කරන්න :-)

    කොල්ලා දියුනු වෙලා දැන්
     
    • Like
    Reactions: nuwan9999