ප්‍රියාපස් සනිටුහන් වන්නේ ඔහුගේ අතිවිශාල ඍජු ශිෂ්ණය මගින් වෙයි. හාස්‍යජනකබව නිරූපණය කරන ඔහු රෝම කාමුක කලාවේ සහ ලතින් සාහිත්‍යයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වී ඇත.
එමෙන්ම වෙළඳ කටයුතු සදහා රුවල් යාත්‍රාවේ අනුශාසක දෙවියා වූ මොහුගේ රූපයක් නැවේ ආරක්ෂාව සදහා රැගෙන යාම සාමාන්‍ය දෙයක් වී ඇත. එමෙන්ම උද්‍යානවල හා නිවෙස්වල වන්දනාමාන කර ඇති බවත් පලතුරු, මල්, එළවළු සහ මාළු වැනි කෘෂිකාර්මික පූජා ඔහු වෙනුවෙන් සිදු කල බවත් සැලකෙයි.
ක්‍රිස්තියානි ධර්මයේ වර්ධනයෙන් පසුව වුවත් මොහු සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස බොහෝ දෙනා වන්දනාමාන කර ඇති අතර ක්‍රි.ව 13 වන සියවසේදිත් ගව රෝගයක් පැතිරීම හේතුවෙන් ප්‍රියාපස්ගේ ප්‍රතිමා ඉදිකර ඇති බවත් වාර්තා වෙයි.
By: ලෝක පුරාවිද්‍යාව හා ඉතිහාසය