ප්‍රේක්ෂකයා ගොනාට අන්දන සිරස(ස්ලම් ඩෝග් &#3512

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ප්‍රේක්ෂකයා ගොනාට අන්දන සිරස(ස්ලම් ඩෝග් &#3512

    ලංකාවේ ස්ලම් ඩෝග් මිලියනියර් කතාව ප්‍රේක්ෂකයා ගොනාට ඇන්දීමට සිරස කළ උප්පරවටියක් ?



    images


    ස්ලම් ඩෝග් මිලියනියර් කතාව අනුසාරයෙන් සිරස ප්‍රචාරය කළ ප්‍රශ්න විචාරාත්මක තරඟයෙන් ගාල්ල දෙවැටේ පදිංචි නුවන් චතුරංග නැමැති තරුණයා දස ලක්ෂයක් දිනා ගැනීම සිරස විසින් පිටපතක් අනුව කළ රංගනයක් බවට සැක පහල වෙමින් පවතයි. මේ සම්බන්දයෙන් බූන්දි වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට අමන්තරණය කරයි.

    එම ලිපිය පහත දැක්වේ.



    සිරස ලක්ෂපති රටේ නැති බැරි උන්ගේ හීනවලට කෝචොක් දමමින් වෙනම වැඩක් මේ දවස්වල කර ගෙන යන්නේ ය.

    රටේ උන්ට කන්න බොන්න අඳින්න පළදින්න අතේ සතේ නැති බව ඇත්ත ය.

    මහජරා කෙළින විදියට මොවුන් වතුර
    උගුරක්වත් බි ජීවත් වෙනවාට ස්තූති කරන්න ඕන ය.


    දැං මේ රටේ එවුංට ඔය ලක්ෂපති වගේ ජිම්කා‍නා එකක්ම නැතුව ගොඩ එන්න අමාරුම තත්ත්වයකට ඇද වැටී ඇත්තේ ය. ඉතිං සිරස ලක්ෂපති අපේ එවුංට මාර වැඩක් ම වන්නේ ය. මෙතෙක් බඩගින්න තිබුණත් කැව වගේ හිටිය මිනිස්සු දැං සිරස ලක්ෂපතිය ඉස්සරහා හිඟා කමින් යන්නේ ය. සිරසට මාර ආතල් ය. මිනිස්සුන්ගේ හුදු පෞද්ගලික හීන

    'ෆිෆ්ටි- ෆි‍ෆ්ටි', 'කෝල් අ ‍ෆ්‍රෙන්ඩ්', 'ආස්ක්

    දි ඕඩියන්ස්'


    දක්වා ජෝක් වෙන්නේ ය.

    අපේ රටේ බූරු හැත්ත මේ දේශපාලනික රටාවෙන්
    කන්න බොන්න අදින්න විදිහක් නැති බව කියා ප්‍රශ්න
    කරන්නේ නැතිව මේ වාගේ වැඩසටහන්වල අහන
    ප්‍රශ්න ඉස්සරහා ඇඳුං ගලවන්නේ ය.



    ගාල්ල දෙවැටේ පදිංචි නුවන් චතුරංග තවත් විසිදෙහැවිරිදි ගොං පාට් එකක් ය. කොල්ලා ස්ලම්ඩෝග් මිලියනර් එකේ කොල්ලා වගේම ය. වෙනසකට ඇත්තේ ඒ වාගේ සුදු නැති ය. මෙයා කළු ය. හැබැයි අර කොලුවා වාගේම ය. පොඩි කාලේ ඉඳංම මෙයත් දුක් වින්දා බව කියන්නේ ය. සිරසට මාරම ආතල් එකක් එන්නේ ය.

    nuwan+chathuranga-lakshapathi.jpg



    පළමු දවසේ තිස් පන්දාහක් වැනි ප්‍රමාණයක් දිනා ගෙන කාලය ඉවර වී මෙයා ගෙදර යන්නේ ය. ඊළඟ සුමානෙ ළං වෙත්ම සිරසේ වෙනම ඇඩ් එකක් නුවන් චතුරංගට හදලා ය. නුවන් චතුරංග අද කීයක් දිනා ගනීද? මේ අංකයට එස්.එම්.එස්. කරන්න කියා වෙනම දැන්වීමක් යැව්වේ ය. මේ අතර නුවන් චතුරංග මේකට එන්නේ එක්තැන් වී සිටින තාත්තව සනීප කර ගන්න ය. තාත්තා ඇඳක ඉන්න කවන පොවන වීඩියෝවක් සිරස හදන්නේ ය. නුවන් චතුරංග තාත්තාට උපස්ථාන කරනවා මේකෙන් පෙන්නන්නේ ය. දැං මාරම සීන් එකක් ය. බැලු බැලු තැන කතා බතාව "මේ කොල්ල ලක්ෂ විස්ස ගනීද බං" කියා ය. දැන් නුවන් චතුරංග වැඩේට මාට්ටු ය. ඌ විතරක් නොව මුළු රටමත් සිරසට මාට්ටු ය.

    උඩදාලා විකුණන්න පුළුවං අති සංවේදී පුවතක් අරන් නුවන් චතුරංග සිරසට ආවේ ය. වැඩ දාලා විකුණන්න සමත් සිරස ඉන් උපරිමය නෙලා ගත්තේ ය. ඉතිං සිරස හරිම හොඳ ය. අසරණ අයට උදව් කරන්නේ ය.

    "මේ කොල්ලා වගේ උත්සහවන්ත වෙයල්ලා" යැයි අපේ අම්මලා ළමයිට කියන්නේ ය. දැං මළ කෙළියයි ය. හරියට බැලුවොත් මේ කියන්නේ මාකට් කරගෙන හිඟා කන්න කියා ය. ඒත් ජන විඥානයට සිරස මදන මෝදකයක් සේ සැප ය.



    මේ ලක්ෂපතිය එසේ මෙසේ එකක් නොවන්නේ ය. රුපියල් හැත්තෑපන්දාහෙන් පස්සේ අහන ප්‍රශ්න උණ්ඩුක පුච්ච පවා එලියට අදින ඒවා ය.
    අනික තරගයට එන එකාගේ තොරතුරු සියල්ල අහලා ඌට පුළුවන් බැරි සියල්ලක්ම ත් දන්නේ ය.එසේ දැනගෙන ඌ නො දන්නා විෂයන්ගෙන් පමණක් ප්‍රශ්න අසන්නේ ය.ඉතිං හරිම ලේසියෙන් තරගකරුවාට කෙළවන්නේ ය. ඒත් මේ නුවන් චතුරංග තරගකරුවාට හරිම ආදරේ කරන්නේ ය. ඇට ගැලවෙන ප්‍රශ්න වෙනුවට හුරතල් බේබි ෂෙරමි සහනයක් දෙන්නේ ය.

    වන්නමක ගීතයක් කියන්න කියා ඕඩියන්ස් එක සතුටු සාගරේ ගිල්වා වන්නමක් ගැන ම ප්‍රශ්නයක් අහන්නේ ය.
    ලක්ෂ දහයක් දෙන්නට අහන්නේ අපූර් සංසාර් නම් ප්‍රසිද්ධ චිත්තරපටියේ අධ්‍යක්ෂක කවුද කියා ය. වෙනදාට නම් ඒවා අහන්නේ පන්දාහේ කඩ ඉමේ දී ය.බොහොම අමාරුවෙන් කොල්ලා මේකට තටමලා තටමලා කරුංකා ගෙඩියක් පිටකළා වගේ උත්තරය දෙන්නේ ය.දෙනවටත් වඩා සුන්දන චාරියබණ්ඩාර උත්තරය ඇදලා ගන්නේ ය.

    දැං එක පාරටම කොලුවාගේ අම්මා ටෙලිෆෝනයෙන් කතා කරන්නේ ය. මගේ පුතා ට බුදු සරණයි කිය කියා අඬන්නේ ය.
    කොලුවා ද අඩන්නේ ය. ඕඩියන්ස් එකේ උනුත් අඬන්නේ ය. ගෙදර ඉඳන් බලන උනුත් අඩන්නේ ය. මාරම මාර සීන් එක ය.

    ඒ වෙලාවේ ඡන්දෙ ඉල්ලුවා නම් කොල්ලා ජනාධිපති ද වන්නේ ය. මේක ඒ තරංම බූරු දේශයක් ය.මෙයාගෙන් ලක්ෂ විස්සක් දෙන්න අහන්නේ චීන මහා ප්‍රාකාරයේ දිග කීයද කියා ය.

    සාමාන්‍යයෙන් මේකට එන උං එන්නේ දැනුම මිනුම පොත් ටික කට පාඩම් කරගෙන ය. ඒත් මේ කොලුවාට ඒ ටිකවත් බැරි ය. කොලුවා මේකට උත්තර නො දන්නේ ය. මෙහිදී හොඳම සතුටක් නිෂ්පාදනය කරන්නට සිරස මාරම ගේමක් දුන්නේ ය. එක පාරටම ලක්ෂ දහය දින්න ගමන් බ්‍රේකිං නිව්ස් එකකින් රටම සැපවත් කරන්නේ ය. මේ නිව්ස් එක භාෂා තුනෙන්ම යන්නේ ය. අම්මා සිරස මාරම ජනතා සේවයක ඉන්නේ ය.

    hqdefault.jpg


    දැං කොලුවා චීන මහා ප්‍රාකාරයේ දිග නො දන්නේ ය. කලින් සුන්දන චාරියබණ්ඩාර තරගකරුවා වැරදි පිළිතුරක් දුන්නේ නම් "ඔබට ලයිෆ් ලයින්ස් තියෙනවා" යැයි නැවත නැවත මතක් කළ ද මේකෙදි තරගයෙන් ඉවත් වෙන්න යැයි ඉඟියක් ද කරන්නේ ය.

    අන්තිමට නුවන් චතුරංග ලක්ෂ දහයක් අරන් තරගයෙන් ඉවත් වන්නේ ය. දැං මාර ම මාර ය. මෙවැනි පෙර වැඩසටහනවල නො කෙරුණු දෑ කරමින් නුවන් චතුරංගව උඩටම ගන්තේ ය. ලක්ෂපතිය ගොඩදාගන්න නුවන් චතුරංග උපක්‍රමශීලීව සිරසට පාවිච්චි වුණේ ය. ඉන් පස්සේ සිරස සුපර්ස්ටාර් ලා විථි සංචාරය කළා වගේම වාහනයක නංවා මල්මාලා දමමින් ගොං කොල්ලෙක්ව කඩේ යැව්වේ ය. දෙපස බලාගෙන හිටි අම්මලා තාත්තලා කිව්වේ "දරුවෙක් නම් මේ වාගේ වෙන්න ඕනේ" කියා ය.


    images





    images

     
    Last edited:

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අහිංසක මිනිස්සුන්ගේ සංවේදී තැන් හොදට මාර්කට් කරන්න දන්න වෙන චැනල් එකක් ලංකාවේ නෑ. අපේ රටේ ගොන් හැත්තටත් සිරස කිව්වම වෙන මුකුත් ඕනේ නෑ. මට පෙන්න බෑ ඔය ගොන් චැනල් එක. :angry::angry::angry:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අදමයි ඇහුවෙත් මෙහෙම සීන් එකක්.

    මල්මාලා දමමින් ගොං කොල්ලෙක්ව කඩේ යැව්වේ ය.

    සිරස කියන්නෙ මොන වගේ තුට්ටු දෙකේ නාලිකාවක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඒත් මේකට සහබාගි උන කෙනාගේ පෙනුමට හෝ පවුල් තත්වය නිසා මෙහෙම පහත් කරලා කතා කරන එක හරිම සවුත්තු වැඩක්.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mekath 50-50 thamai ithin matanam penne...
    me kathawe 50% aththa
    e wagema ithuru 50% athule thiyenne kuhakathwaya modakama saha "sirasa lakshapathi" yanu Reality wadasatahanak kiyala nodanna kama...
    me program wala thathwaya meka thamai....meka samaja subasadana program ekak neweine "Vikas Swarup" ge Q and A pothe meka niyameta wisthara wenawa
     
    Jan 18, 2008
    203
    3
    0
    negombo
    :yes::yes::yes::yes::yes:
    mekath 50-50 thamai ithin matanam penne...
    me kathawe 50% aththa
    e wagema ithuru 50% athule thiyenne kuhakathwaya modakama saha "sirasa lakshapathi" yanu Reality wadasatahanak kiyala nodanna kama...
    me program wala thathwaya meka thamai....meka samaja subasadana program ekak neweine "Vikas Swarup" ge Q and A pothe meka niyameta wisthara wenawa
    i agree with this
    there is truth and there is hatred in this .......
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uaba mara erisiyakara kuhakayek machan. sirasa hada naha thmai. ara kollage duppth kamasirasen vikunuwa
    eka aththa. eth uta ohoba baninna uba vage nikamekta thiyana aithiaya mokadda.sirase varadk thiyanava.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අදමයි ඇහුවෙත් මෙහෙම සීන් එකක්.



    සිරස කියන්නෙ මොන වගේ තුට්ටු දෙකේ නාලිකාවක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඒත් මේකට සහබාගි උන කෙනාගේ පෙනුමට හෝ පවුල් තත්වය නිසා මෙහෙම පහත් කරලා කතා කරන එක හරිම සවුත්තු වැඩක්.
    :baffled::baffled::baffled::oo::oo::nerd::nerd:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Sirasa karayo podi ewun kala danna Gay lesbian judge la tikak dagena weekend evenig mokakda program ekak karanawa..