ප්රේතඅඩවියකහෙළිදරව්ව
අත්තම්මා මිය ගිහින් අදට හරියට ම මාසයයි. පුළුවන් හැටියට පින්පෙතුත් අනුමෝදන් කළා. එ්ත්… එන්න එන්නම කරදර වැඩිවෙනවා නෙව! ගෙදර හැමෝම ලෙඩින්. ගොවිතැන්බත් කටයුතුත් අඩාල වෙලා. අගහිඟකම් එමටයි. ගෙදර එකාට එකා රුස්සන්නේ නෑ. නිතර ම රණ්ඩුසරුවල්. කෑම බීම පවා රස නැතිලූ. ගෙදරට මොන මුසලකමක් වෙලා ද මන්ද…?
දවස් ගාණක් පොඩි දුව හීනෙන් භයවෙලා කෑ ගැහුවා. ඊයේ රෑත් මැරුණු අත්තම්ම හීනෙන් ඇවිදින් වැලහින්නක් වගේ ඇඬුවලූ. අනේ මන්දා මක් කරන්න ද කියලා. අත්තම්මා නරක තැනක ඉපදිලාවත් ද…?”
මෙවැනි කතාබහ ගමේ තොටේ අපට නුහුරු නුපුරුදු අත්දැකීම් නො වෙයි. මෙවැනි සිදුවීම්වලට මුහුණ දී නොයෙකුත් අර්බුදවල පැටළී මුළු ජීවිත කාලය පුරාම දුක්විඳින අය ඕනෑ තරම්. අද්භූත ක්‍රමවලට මේ සඳහා නොයෙකුත් විසඳුම් ඉදිරිපත් කරමින් බලි තොවිල් කරන අයගේ ද අඩුවක් නෑ. තවත් බොහෝ දෙනෙක් තුළ මේ පිළිබඳ ව පවතින්නේ සැකය හා මුසූවූ කුතුහලයක්. මෙලොවක් පරලොවක් ගැන විශ්වාසයක් නොමැති, ඕපපාතික උපත පිළිනොගන්නා තවත් පිරිසකට මේ දේවල් හුදු සංකල්පයන් පමණයි. එක අතකට පුදුමයකුත් නෙමෙයි. සාමාන්‍ය මනසට ගෝචර නො වන අචින්ත්යෙය වූ විෂයක් පිළිබඳ ව සාමාන්‍ය ලෝකයා කෙසේ නම් දැනගන්න ද?
මේ ආකාරයට අචින්ත්යෙය වූ කර්ම විපාකයනට අනුව අචින්ත්යෙය වූ නා නා විධ ලෝකයන් හරහා ගමන් කරන්නා වූ සසර ගමන් පිළිබඳ ව සියලූ තතු අවබෝධ කොට වදාළේ අචින්ත්යෙය වූ ඤාණ සම්භාරයකින් යුතු ලෝකවිදූ ගුණ දරණ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. කර්මයන්ගේ විපාකයන් පිළිබඳවත්, සියලූ ලෝක ධාතුන් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ සතු වූ විශාරදත්වය කිසිවෙකුටත් අභියෝගයට ලක් කළ නො හැක්කක්.
අනාවරණ ප්රඥවෙන් යුතු එ් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, සසර දුකට පත් වූ සත්වයන් කර්මයට දාසවී සිටිනා බවයි. නිදහස් වීමට නො හැකි පරිද්දෙන් ඔවුන් කර්මයට සිරවී සිටින්නේ කරත්ත රෝදයට කඩ ඇණය සිරවී ඇති පරිද්දෙන්. කර්මය විසින් ලෝක සත්වයාව සැපවත් වූ ලෝකවලත්, දුක් වූ ලෝකවලත් උපදවමින් කර්මානුරූප විඳීම් ලබා දෙන අයුරු පුදුම සහගතයි.
කර්මය දායාද කරගත් මේ බිහිසුණු සසර ගමනේ දුක් සෝ සුසුම්වලින් ග්‍රහණ වූ ‘පේ‍්‍රත ලෝකය’ පිළිබඳ වූ දුක්මුසු කතාන්දරය පිළිබඳ ව අපට සුළුවෙන් හෝ දැනගැනීමට ලැබෙන්නේ එ් උතුම් බුද්ධ දේශනාව තුළින් පමණයි. විශේෂයෙන් ම ඛුද්දක නිකායට අයත් පේ‍්‍රතවත්තු පාළි නම් වූ කොටසේ පේ‍්‍රත ලෝකය පිළිබඳ බොහෝ විස්තර ඇතුළත්. ඊට අමතර ව ලක්ඛණ සංයුත්තය ආදි දේශනා තුළින් ද ජාතක පාළියට අයත් ඇතැම් දේශනා තුළින් ද අපට පේ‍්‍රත ලෝකය පිළිබඳ ව අවබෝධයක් ලබාගත හැකියි.
‘පේ‍්‍රත’ යන වචනය පවා ඇසු පමණින් ම අපුල උපදවනා, පිළිකුල දනවන, භය ත්‍රාසය ඇති කරවන්නක්. සැබවින් ම පේ‍්‍රත ලෝකය තුළ වන්නේ ද එවැනි ම ස්වභාවයක්. දූෂිත වූ සිතින් යුතු ව කයෙන්, වචනයෙන් පව් කරනු ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ කටුක, අමිහිරි, දුක්ඛිත ජීවිත පිළිබඳ අනුවේදනීය කතා පුවතකි, පේ‍්‍රත ලෝකයෙන් දිග හැරෙන්නේ. කුසට අහරක් නො මැති ව ඉතා දුක සේ සොයා ගන්නා ලද සෙම්සොටු, ලේ, සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සා පිපාසා නිවාගන්නට වෙහෙසන අයුරු හද කම්පා කරවන සුළුයි.
එ් පිළිබඳ ව අප පේ‍්‍රත ලෝකයෙන් ම අසා දැන ගනිමු. දිනක් ස්වාමීන් වහන්සේ නමක් විසින් එක්තරා පේ්රතයෙකුගෙන් මෙසේ අසා සිටියා.
‘‘ඔබලාගේ කෑම් බීම් මොනවා ද? මොනවායේ ද නිදාගන්නේ? මහා පවිටුන් වන ඔබලා ජීවත් වන්නේ කොහොම ද? හොඳට දේපල වස්තුව තියෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා නේ ද…?”
එ් පැනයට පේ‍්‍රතයා දුන් පිළිතුර පේ‍්‍රත ලෝකයේ දුක පිළිබඳ ව අපට යම් පමණක හෝ වැටහීමක් ලබාගැනීමට පිටිවහල් වෙනවා.
‘‘අපි කරන්නේ එකිනෙකාට වදහිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බිව්වත් ඇති වෙන්නේ නෑ. අපිට එකිනෙකා රුස්සන්නේ නෑ.
දන්පැන් නො දෙන මිනිස්සු මරණින් මත්තේ පෙරේත ලෝකයට යනවා. ගිහින් වැළපි වැළපී ඉන්නවා. සමහර මිනිස්සු භෝග සම්පත් ලබා දෙන විට තමන් අනුභව කරන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. එ් පෙරේතයන් අධික බඩගින්නෙන්, පිපාසයකින් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකෙන් තැවී තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුකඵල ඇති දුක් අනුභව කරන්නේ.
ධන ධාන්‍ය කියන දේවල් මොහොතකින් ඉවරයි. මේ ජීවිතය වුණත් මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවර වෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම්ගත් නුවණැති උදවිය තමන්ව දුකට යට නො වන දුපතක් කරගන්නවා.”
(නාග පේ‍්‍රත වස්තුව)
මේ ආකාරයට අනේකවිද දුක්ගැහැට විඳිමින් අපමණ දුකට පත්වූ පේ‍්‍රත ලෝකයේ සත්වයන් ප්‍රධාන වශයෙන් වර්ග 4ක් යටතේ දැක්විය හැකියි. එයින් පළමුවන කාණ්ඩය ‘නිජ්ඣාම තණහික’ පේ‍්‍රතයන්. ඔවුන් වනාහි තමන් කරන ලද කර්මයේ විපාක වශයෙන් නිරන්තරයෙන් ඇතුළත දැවෙමින් ඇතැම් විට කල්ප ගණන් අපමණ දුක් ගැහැට විඳින්නවුන්. දෙවෙනි කාණ්ඩය වන්නේ ‘ඛුප්පාසිකා’ පේ‍්‍රතයන්. ඔවුන් සෙම් සොටු පමණකුදු ආහාර නැතුව කල්ප ගණන් සාපිපාසා දෙකෙන් යුතු ව දුක් විඳින පේ‍්‍රත කොට්ඨාසයක්. ‘පන්සුපිසාචිකා’ යනු තුන්වන පේ‍්‍රත කාණ්ඩය. ඔවුන්ගේ ස්වභාවය වන්නේ කසළ ගොඩවල් ආදි අපවිත්‍ර තැන්හී ආහාර සොයා ඇවිදිමින් දුක් විඳින ජීවිත උරුමව තිබීම. හතරවන කාණ්ඩයට අයත් ‘පරදත්තූපජීවි’ පේ‍්‍රත කොට්ඨාසයේ ස්වභාවය නිරන්තරයෙන් අනුන් දෙන පින් මතම යැපෙමින් ජීවත්වීම. මීට අමතරව විමාන පේ‍්‍රතයන් යනුවෙන් පේ‍්‍රත කොට්ඨාශයක් ද හඳුනාගත හැකියි. බොහෝ විට ඔවුන් මනුලොව සිටිය දී පින් දහම් රැුස් කරගෙන තිබෙනවා. නමුත් තදබල ලෙස යම් කෙනෙකුට හෝ වස්තුවකට බැඳී යාම හේතුවෙන් මරණින් මතු පේ‍්‍රත ලෝකයේ උපතක් කරා යන්නට සිදු වෙලා. නමුත් පේ‍්‍රත ලෝකයේ ඉපදුණත් ඔවුන් විසින් සිදුකරන්නට යෙදුණ පින්දහම්වල අනුහසින් යම් යම් සැප සහගත විපාකයන් ද එහි දී ඔවුනට හිමිවී තිබෙනවා.
මේ කුමන ආකාරයේ ජීවිතයක් ලබාගත්තත් එ් සියල්ලෝ ම අපමණ දුකකට පාත්‍ර වූවෝ. විශේෂයෙන් ම පේ‍්‍රත ලෝකය පිළිබඳ ව විස්තර පරිශීලනය කිරීමේ දී පේ‍්‍රත ලෝකයේ උපත පිණිස බොහෝ විට හේතු පාදක වී ඇති අකුසල ධර්මයන් කිහිපයක් හඳුනාගත හැකියි. එ් අතර සත්ව හිංසනය ලෝභය හා තද මසුරු බව, ඊර්ෂ්‍යාව හා වෛරය, පරදාර හා පරපුරුෂ සේවනය, සඟ සතු දේ අයථා පරිහරණය, බොරුකීම හා බොරුවට දිව්රීම, පින්කම්වලට අකුල් හෙලීම, හොර තරාදි පඩි හා හොර මිනුම් භාවිත කරමින් පාරිභෝගිකයන් වංචාකිරීම ආදි අකුසල් මූලික වී ඇති බව පෙනෙනවා.
ඉතින් කල්පනා කර බලන්න….. අපිත් සමඟ එකට ම සිටි, අප බොහෝ සෙයින් ආදරය කළ, ළෙංගතුව කුලූපගව අප ළඟ දැවටුණු අපේ ම ඤාතී කී දෙනෙක් නම් අද වන විට පේ‍්‍රත ලෝකයේ ඉපිද කොතරම් නම් දුක් විඳිනවා ඇත්ද? නමුත් ඊටත් වඩා සැලකිල්ලෙන් අප කල්පනා කළ යුතු දේ තමයි අප මියගිය විට පෙරේත ලෝකයේ නූපදින කෙනෙක් බවට සහතික වීමට අපට පුළුවනි ද? අන්න එ්කයි අනතුර. අපිටත් එ් අමිහිරි, කටුක, දුක් සෝ සුසුම් විඳින්නට සිදුවුවහොත් එදාට අපට කාගේ පිළිසරණක් ද?
මිනිස් ලොව ඉපදුණ අපට ඊළඟට තෝරාගැනීමට මාර්ග කිහිපයක් තිබෙනවා. එයින් එක මාවතක් යොමු වී ඇත්තේ නිරය කරා. එකක් කෙළවර වන්නේ තිරිසන් ලෝකයෙන්. අප කතා කළ පේ‍්‍රත ලෝකයට රැුගෙන යන පාරක් ද එ් අතර වෙනවා. ඊට අමතර ව මනුලොව කරා ද දෙව්ලොව කරා ද රැගෙන යන තවත් මාවත් දෙකක් තිබෙනවා.එ් සියලූ මාර්ගයන්ට අග්‍ර වන්නා වූ පරිපුර්ණ ශාන්තිය කරා රැුගෙන යන සුන්දර මාවතක් ද අපට මුණගැසී තිබෙනවා. එ් මෙඟ් නිමාව ජරාවක්, මරණයක්, ශෝකයක් නැති අමා මහා නිවනයි. තීරණය ඔබ අතේ… ඔබට කැමති මාවතක් තෝරාගැනීමට පුළුවනි. හැබැයි පමා වීමට නම් කලක් නෑ. මන්ද පමාද වුවන්ගේ ලෝකය අයිති මරුටයි.
බලන්න, තමන්ගේ අතින් සිදු වූ වැරදීමක් නිසා පේ‍්‍රත ලෝකයේ ඉපිද අපමණ දුක් විඳින මේ පේ‍්‍රතයා අපට දෙන පණිවිඩය,
‘‘පින්වත්නි, මෙතනට රැුස් වූ ඔබ සියලූ දෙනාට ම මම කියන්නේ, ඔබට යහපතක් ම වේවා! හොර රහසේවත්, එළිපිටවත් පව් කියන ජාතිය කරන්න එපා. යම් හෙයකින් ඔබ ඉදිරියේදීත් පව් කරනවා නම්, දැනුත් පව් කරනවා නම් ඔබට ගැළවෙන්නට නම් ලැබෙන්නේ නෑ. අහසට නැගලා පලා ගියත්, විපාකයෙන් නම් ගැළවෙන්න බෑ. එ් නිසා අම්මට හොඳට සලකන්න. පියාට හොඳට සලකන්න. කුල දෙටුවන්ට හොඳට සලකන්න. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හොඳට සලකන්න. එහෙම කරලා ඔබ සුගතියේ උපදින්න.”
(ධනපාල පේ්රතවත්ථුව)
දැන් ඔබට කුමක් ද සිතෙන්නේ? මේ ආකාරයට සතර අපායේ උපතට නැඹුරු වූ පෘථග්ජන ජීවිතය පුදුමාකාර අනතුරක් නේද? මෙයින් මිදීමේ මගක් අපට නැද්ද?
පේ‍්‍රත ලෝකයෙන් පමණක් නො වෙයි, සතර අපායේ ආයෙමත් කිසිම දිනක නූපදින ජීවිතයක් අපට උරුම කරගත හැකියි. සතර අපා දුක් ක්ෂය කළ, නියත වශයෙන් ම නිවන අවබෝධ කරන කෙනෙක් වන්නට අපට පුළුවන්. එ්සඳහා අප කළ යුතු දේ පේ‍්‍රත ලෝකයේ පේ‍්‍රතයෙක් ම පවසා තිබෙන හැටි බලන්න.
‘‘සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, මෙය අසනු මැනවි. දෙවියන් සහිත ලෝකයාට අග්‍ර වන්නේ බුදුරජාණන් වහන්සේ කියලයි කියන්නේ. රජතුමනි, අඹුදරුවන් සමඟ ම ඔබ එ් බුදුරජාණන් වහන්සේ ව සරණ යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ම යි එ් අමා නිවන ස්පර්ශ කරන්නේ. රජතුමනි, ඔබ අඹුදරුවන් සමඟ ම එ් ශ්‍රී සද්ධර්මය සරණ යන්න. ආර්ය මාර්ගයෙහි ගමන් කරන හතර දෙනෙක් ඉන්නවා. ඵලයෙහි පිහිටා ඉන්න හතර දෙනෙක් ඉන්නවා. මේ තමයි ඍජු සිත් ඇති, ප්රඥවන්ත, සීලවන්ත, සමාහිත සිත් ඇති ආර්ය සංඝ රත්නය. රජතුමනි, අඹුදරුවන් සමඟ ම ඔබ එ් ආර්ය සංඝ රත්නය සරණ යන්න. ඉක්මනින් ම සතුන් මැරීමෙන් වළකින්න. සොරකම් කිරීම දුරුකරන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා. තම බිරිඳ සමඟින් පමණක් සතුටු වන්න.”
(නන්දක පේ්රතවත්ථුව)
මෙයයි දුගතිය ඉක්මවා යන ප්‍රතිපදාව. එසේ නම් තිසරණය කෙරෙහි නො සෙල්වෙන පැහැදීමත්, ආර්ය කාන්ත සීලයත් යන සෝතාපත්ති අංග තුළ හොඳින් ස්ථාවර වුවොත් එදාට ඔබ සදහට ම සතර අපායෙන් නිදහස්.. ඔබ මහාමේරුව වන් මහා දුකක් ක්ෂය කළා.. නියත වශයෙන් නිවන කරා යන මාවතටයි ඔබ පිවිසියේ…
අප නො දත්, අපේ ජීවිත ගිලගත් මේ සා මහා දුක්ඛස්කන්ධයෙන් නිදහස් වීම පිණිස මාර්ගය පෙන්වා දුන් ‘ලෝකවිදූ’ ගුණ දරන එ් මහා මුනිරජාණන් වහන්සේට සිරසින් නමස්කාර වේවා!
මහාමේඝ 2013 වෙසක් කලාපය