ප්‍රේත_බන්ධනය

මක්‌නිසා ද එය තීරණය කරන්නේ ආවේශ වු කපුමහතා වන බැවිනි. එහිදී වරක්‌ ප්‍රේතයකු බන්ධනය කළේ ප්‍රේතාවේශ වූ පුද්ගලයාගේ පළමුවැනි හූවට ගැට තුනක්‌ ද, දෙවන හූවට ගැට හතරක්‌ ද, තුන්වැනි හූවට ගැට පහක්‌ ද වශයෙන් සිර කිරීමෙන් ය. ඇදුරා විසින් ආවේශයට පත්වූ කාන්තාව සමග කතාකර අවසන් වී ගැට නවයේ නූල ඇගේ හිස මත තබා බැඳුම් මන්ත්‍ර ජප කරන්නට විය. මෙසේ මතුරමින් සිටිය දී ඇය හූ කියන්නට විය. එවිට ඔහු පළමුවට ගැට තුනක්‌ බැගින් වූ සඳහන් කළ ක්‍රමයට බන්ධන නූලේ ගැට සිර කරන්නට විය. ගැට නවය සිර වීමත් සමග ආවේශයට පත් කාන්තාව සිහිසුන් විය. එයින් ප්‍රේතයා බන්ධනය වී ඇතැයි ඔවුහු විශ්වාස කළේ නැත. නැවතත් කපු මහතා ආවේශ වී ප්‍රේතයා බැඳුනේද යන්න පැවසූ අතර එහිදී බැඳුනේ යයි පැවසීමෙන් ඔවුහු එය සැකහැර දැන ගත්හ.

තවද අංජනමකින් බලාගෙන ප්‍රේත තටුව වෙත පැමිණි ප්‍රේතයා ගැටනවයේ බන්ධන නූලට හිර කර ගැනීමක්‌ ද සිදුවේ. එහිදී ප්‍රේතයා බන්ධන නූල වෙත යොමු කරන්නේ අංජනමේ හනුමා නැතිනම් ඊට අධිගෘහිත දේවතාවා ය. මෙහිදී ප්‍රේතයා බන්ධන නූලට හිරවන ආකාරය අංජනම බලන පුද්ගලයාට දැක බලාගත හැකිය.

ප්‍රේත බන්ධනයේ දී ප්‍රේතයා බන්ධනය වනවිට ආතුරයා නිරෝගී අයෙකු බවට පත් වෙයි. පසුව ආතුරයාගේ හා නිවසේ සියලු දොස්‌ කැපීමට දෙහි, අහු, අත්තන, අන්නාසි, පුහුල් ආදිය කැපීමක්‌ සිදු කරයි.

පුහුල් කැපීම සිදුවන්නේ අට කොණ පුදා අවසානයේදීය. මෙහිදී මිදුලේ පැදුරක්‌ එලා එහි ඇදුරා දිගාවෙයි. එහි අට කොණෙහි අදාළ දොළ තබා විලක්‌කු අටක්‌ සිටුවනු ලැබේ. පය පාමුල කුකුලෙකි. ඇදුරා තුන් පාට රෙද්දකින් ඇඟ වසාගෙන දුම්මල මතුරමින් ගිනි කබලට දවා දුම් අල්ලයි. මෙහිදී ඇදුරා ක්‍රමයෙන් අවසිහියට පත්වන අතර වේගවත්ව මන්ත්‍රය ජප කරයි. පසුව පපුව මත විවිධ සංකේත අඳින ලද පුහුල් ගෙඩිය තබාගෙන ඒ මත කඩුව තබාගනී. මන්ත්‍ර ජප කරමින් කඩුව පුහුලයට තද කර ක්‍රමයෙන් පුහුලය කපයි. පුහුලය කැපී අවසන් වන විට ඇදුරා සිහිසුන් වෙයි. ආවතේවකරුවන් මහත් ප්‍රයත්නයකින් ඇදුරාගේ පපුව මතට තද වූ කඩුව උදුරා ගෙන කහදිය ඉස ඇඳුරා සිහි කරයි.

මෙය ප්‍රාදේශීය වශයෙන් විවිධ වෙනස්‌ කම් වලින් යුක්‌ත විය හැකිය. එහෙත් මේ පූජා රටාවන් අතර යම් සාම්‍යයක්‌ දැකගත හැකිවන්නේ මේ පූජාවලින් ගැමියා අපේක්‍ෂා කළ අර්ථය සියලු ප්‍රදේශවලට පොදු වූ නිසාය.

ප්‍රේත බන්ධනය පාපකර්මයකි. මක්‌නිසාද එය තවත් ජීවිතයක්‌ සිරකර තැබීමක්‌ වන නිසාය. එහෙත් ඇතැම් ප්‍රේතයන් බන්ධනය නොකර ඔවුන්ගෙන් වන උවදුරුවලින් මිදිය නොහැකිය. එමෙන්ම ඇතැම් ප්‍රේතයන් බන්ධනය කිරීම ද ඉතා අපහසු ය. අපගේ අධ්‍යයනයට හසු වූ එක්‌ නිවසකට විණකළ ප්‍රේතයෙකු අවස්‌ථා කීපයකදීම බන්ධනය කර ඇත. ඒ කිසිදු අවස්‌ථාවක දී ප්‍රේතයා බන්ධනය වී නැති අතර බන්ධන නූල වෙත වෙනත් ප්‍රේතයකු හසුකර පලාගොස්‌ ඇත. පසුව නැවත අදාළ නිවසට කරදර කර ඇත. එබඳු ප්‍රේතයන් බන්ධනය කිරීම දුෂ්කර මෙන්ම අවදානම් සහගත ද වන්නේය.

ඇතැම් අවස්‌ථාවලදී ප්‍රේතයන් ඇදුරන්ට විවිධ අඬන්තේට්‌ටම් කළ අවස්‌ථා මෙන්ම ජීවිතක්‍ෂයට පත් කළ අවස්‌ථා පිළිබඳවත් අසන්නට ලැබේ. එමෙන්ම ඇදුරන්ගේ නිවෙස්‌වල සාමාජිකයන් ද විනාශ කළ අවස්‌ථා ගැනද අසා ඇත්තෙමි. මේ නිසා ප්‍රේත බන්ධනය එම ප්‍රේතයා සතු හැකියාවන් අනුව ඉතා භයංකර වන අවස්‌ථාද දැකගත හැකිය.

ප්‍රේතයා බැඳීම යනු ඔහුගේ බලය බැඳීමකි. මෙහිදී බන්ධන නූලේ ගැට නවයට හිර වන්නේ ඔහුගේ බලය විය යුතුය. කෙසේ වෙතත් කරදර පමුණුවන ප්‍රේතයා බැඳීමේදී ඉදිරිපත් වන සංවාද ඉතා සංවේදී ජනක වේ. එහිදී සියලු ප්‍රේක්‍ෂක පිරිස ඉදිරියේ ආතුරයන් ගේ වැරදි හා අකාරුණික ගති පැවසෙන අතර ඇදුරන් විසින් ඒවා පැහැදිළි කර උපදෙස්‌ දීමක්‌ ද දක්‌නට ලැබේ. එයින් ආතුර නිවැසියන්ටත් ප්‍රේක්‍ෂක සමාජයටත් යහ සිරිත් සන්නිවේදනය වේ. එමෙන්ම ප්‍රේතයා බන්ධනය කළ නූල කුප්පියකට සිරකර බෝධියක්‌ අසල ට දැමීමක්‌ සිදු කරන්නේ ප්‍රේතයාට ඒ ආශ්‍රිතව පිරිත් දේශන බෝධිපූජා ආදියට සවන් දී සුගතිගාමි වීමට හැකි වීම පිණිස ය. එහෙත් ඇතැමුන් විසින් එය ප්‍රපාතයන්ට, මහ මුහුදට හෝ මිනීපිටියකට දැමීම ද දක්‌නට ලැබේ. මෙය ව්‍යක්‌ත ඇදුරන් හෙලාදකිති. මක්‌නිසාද එය සමාජ සාරධර්මයන්ට පටහැනි නිසාවෙනි. එසේනම් ගැමියා මේ සියල්ල නිර්මාණය කරගෙන ඇත්තේ ධාර්මික පදනමක පිහිටාගෙන බවයි ප්‍රකාශ කළ හැක්‌කේ.
 
අඩෝ තක්කඩියා මොකෝ කියන්නේ...
සල්ලි කොලේ නොම්බර ටික කියනවැයි...:rofl::P

මට කිසි කෙනෙක් එක්ක මගේ බලය පෙන්වන්න අවශ්‍ය නැහැ. මගේ ගුරුතුමා මට දුන්නේ ඒ උපදේශය
 
thanujaka

Well-known member
  • කට්ටඩි.ගුරුන්නා;17320214 said:
    මට කිසි කෙනෙක් එක්ක මගේ බලය පෙන්වන්න අවශ්‍ය නැහැ. මගේ ගුරුතුමා මට දුන්නේ ඒ උපදේශය

    ඉතිං මමයැ උබමනේ බන් එදා කිව්වේ මට ඒ දේවල් කරන්න පුළුවන් මම අභියෝගෙ භාරගන්න ලෑස්ති කියල...
    ඇයි තව උබ කිව්වේ හේතුවාදී සංගමය ඉස්සරහ විතරයි මම ඒ අභියෝගේ භාරගන්න කැමති කියලත්...
    දැන් මේවා මතක නැතෙයි ගුරුන්නෝ...:rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම ඕව විස්වාස කරනවා. හැබැයි ඉතින් ඔප්පු කරලා පෙන්නන අය විතරයි..
     
    මම ඕව විස්වාස කරනවා. හැබැයි ඉතින් ඔප්පු කරලා පෙන්නන අය විතරයි..

    මම ඔය pm පණිවිඩය යොමු කලේ thanujaka යන අයට. නමුත් එයට උත්තර බැන්දේ ඔබ. එතකොට ඔබලා දෙන්නම එක අයෙක් ද

    thanujaka+41100 ??

    EbU0Mqh.jpg
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කට්ටඩි.ගුරුන්නා;17323296 said:
    මම ඔය pm පණිවිඩය යොමු කලේ thanujaka යන අයට. නමුත් එයට උත්තර බැන්දේ ඔබ. එතකොට ඔබලා දෙන්නම එක අයෙක් ද

    thanujaka+41100 ??

    EbU0Mqh.jpg

    ඒක ගැනනම් මම දන්නේ නැහැ. මම නාථ ශ්‍රී ජයසේකර. ඉන්නේ ඇඹිලිපිටියේ. උඹ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැනේ බන්..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ මම දාපු PM වලට උත්තර නැති හින්ද මෙහෙම දාන්නේ. උඹ දෙයක් දන්නවා නම් ඒක ඉතාම හොඳයි. මොකද නැතිවෙලා යන දේවල් රැකගන්න කවුරුහරි ඉන්න එක වටිනවා. හැබැයි පුතෝ මම උඹට අනතුරු ඇඟවීමක් කරන්නම වෙනවා , මොකද උඹ මගේ PM වලට උත්තර නොදීපු නිසා.

    ඔය විෂයන් වල පොතක් දෙකක් කියවපු උන් මහා පොරවල් කියල රටට පෙන්නගෙන බොරුවට තමන්ට බලයක් තියනවා කියල රඟපානවා. උඹ එහෙමයි කියල මම කියන්නේ නැහැ. නමුත් උන් දන්නේ නැහැ උන්ට පාලනය කරන්න බැරි දේවල් උන්ගේ වටේ එක රාශි වෙනවා කියල. හරියට නීවරණ වගේ දේවල්.. අන්තිමට තමනුත් විනාස වෙලා නතර වෙන්නේ..
     
    මට ගොඩක් pm එනවා මට ඒවාට වෙන වෙනම උත්තර බදින්න බැහැ. අවශ්‍යනම් මෙතන පල කරන්න. අනෙක ගිණුම් දෙකකින් සෙල්ලම් දැමීමත් අකැපයි කියන වග අමතක නොකරන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කට්ටඩි.ගුරුන්නා;17320214 said:
    මට කිසි කෙනෙක් එක්ක මගේ බලය පෙන්වන්න අවශ්‍ය නැහැ. මගේ ගුරුතුමා මට දුන්නේ ඒ උපදේශය

    අපිද දැන් කිව්වේ හෙතුවාදීන්ගේ සංගමයේ අභියෝගය බාරගන්නවා කියල? තමුන් දෙයක් කිව්වනම් ඒ දේ කරන්න ඕනේ නේද?.........එහෙම නැතුව දිව දෙකේ වැඩකරන්න කියලද ඔබේ ගුරුතුමා උපදෙස් දුන්නේ? :rolleyes::
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මගේ විශ්වාසයත් ඔයාගේ හැකියාවත් අතර කිසිම සම්බන්ධයක් නැහැනේ..
    ත්‍රෙඩ් එකක් දාල කිව්වනේ ඔයාට කරන්න පුළුවන් දේවල් ගැනත්, ඒවා හේතුවාදී සංගමය ඉදිරියේදී කරල පෙන්නන්නත් පුළුවන් සහ කැමති කියන එකත්..
    නීතඥානුකූලව මම හැමදෙයක්ම පිළිවෙලකට සංවිධානය කරල දෙනවා...
    සීල් කරපු ලියුම් කවරෙක දාපු සල්ලි කොලේක අංකෙ කියන්න ඔයාට පුලුවන් නං අභියෝගේ භාර අරං බොහොම විනිවිදභාවයකින් යුක්තව එක කරන එකයි තියෙන්නේ...
    මම සිරස රූපවාහිනී නාලිකවෙනුත් ගෙන්නලා දෙනවා...
    මොකද කියන්නේ....:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ විශ්වාසයත් ඔයාගේ හැකියාවත් අතර කිසිම සම්බන්ධයක් නැහැනේ..
    ත්‍රෙඩ් එකක් දාල කිව්වනේ ඔයාට කරන්න පුළුවන් දේවල් ගැනත්, ඒවා හේතුවාදී සංගමය ඉදිරියේදී කරල පෙන්නන්නත් පුළුවන් සහ කැමති කියන එකත්..
    නීතඥානුකූලව මම හැමදෙයක්ම පිළිවෙලකට සංවිධානය කරල දෙනවා...
    සීල් කරපු ලියුම් කවරෙක දාපු සල්ලි කොලේක අංකෙ කියන්න ඔයාට පුලුවන් නං අභියෝගේ භාර අරං බොහොම විනිවිදභාවයකින් යුක්තව එක කරන එකයි තියෙන්නේ...
    මම සිරස රූපවාහිනී නාලිකවෙනුත් ගෙන්නලා දෙනවා...
    මොකද කියන්නේ....:rolleyes:
    උතුමාණෝ වහා අතුරුදන් වූ සේක!!!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උගේ ගුරුතුමා ඌට උගන්නල තියෙන්නේ ඔච්චර තමයි...
    ආදා වගේ ලිස්සල යන්න...:rofl:

    මොනවා නැතත් ගුරුතුමා ඒක නම් හොඳට කියල දීල තියනවා :P