ප්‍රේතයන්ගේ ස්වභාවය, ප්‍රේතයන් වශයෙන් උපදින හැටි පැහැදිලි කැරෙන, ශාස්ත්‍රපති, විද්‍යාපති, ඒ. එස්. බාලසූරිය මහතා සමඟ දිමුතු රුවන් පියසේන මහතා ‘බෞද්ධයා’ රූපවාහිනියෙන් කළ සාකච්ඡාවකි.
දිමුතු: බුදු දහමේ ප්‍රේතයන් යනුවෙන් හැඳින්වෙන සත්ත්ව විශේෂය කවුරු ද? ඔවුන්ගේ ස්වභාවය කෙසේ ද? පින් අනුමෝදනය කිරීමෙන්, ඔවුන් ප්‍රේත ආත්මයෙන් මිදවිය හැකි ද?
බාලසූරිය: මම ප්රත්යක්ෂයෙන් දන්නේ නැහැ, ප්‍රේතයන් සැබවින් ම සිටිනවා ද කියා. පතපොතේ හා ත්‍රිපිටකයේ ප්‍රේතයන් ගැන සඳහන් වෙනවා. ඉතින් ප්‍රේතයන් සිටින්නත් පුළුවන්, නොසිටින්නටත් පුළුවන්. නමුත් අපට මෙහිදී ධර්මානුකූල ව ‘ප්‍රේත’ යනු කවුරුන්දැයි විමසා බැලිය හැකි යි. අප මෙහි කරන සාකච්ඡා ප්රත්යක්ෂ ගෝචර විය යුතු යි. ප්‍රේතයන් සිටිනවා යි මා මෙහි කීවොත් එය මගේ විශ්වාසයක් පමණ යි. ධර්මයෙහිදී අප විශ්වාස වද්දාගන්නේ නැහැ.
දිමුතු: සිටිනවා නම්, ප්‍රේතයන්ගේ ස්වභාවය කෙබඳු විය හැකි ද?
බාලසූරිය: ප්රත්යක්ෂ ගෝචර නොවන දෙයක ස්වභාවය කියන්නේ කොහොම ද? ඕනෑ නම් ප්‍රේත වස්තු, විමාන වැනි පොත්වල සඳහන් වන ප්‍රේතයන්ගේ ස්වභාවය කිව හැකි යි.
ජීවිතය පුරා ම කුසගින්නෙන් පෙළෙන ප්‍රේතයන් ගැන එහි සඳහන් වෙනවා. සමහරු දැඩි පිපාසයෙන් පෙළෙනවා. එවැනි පිපාසයෙන් පෙළෙන ප්‍රේතයන් ගඟට දැම්මත්, ඔවුන්ට එහි වතුර බී, පිපාසය සංසිඳුවාගන්න බැහැ. මක් නිසා ද කිව්වොත්, උගුර ඉඳිකටු සිදුරක් තරම් හීනි යි. ජීවත් වෙද්දී පව්කාර, පහත් ජීවිත ගත කරන අය, මරණින් පසු ප්‍රේත ආත්මවල උපදින බව ද ඒවායේ සඳහන් වෙනවා.
දිමුතු: ප්‍රේත කියා ජීව කොට්ඨාසයක් නැත් නම්, මෙහෙම විස්තර ඇත්තේ කොහොම ද? එහි කුමක් හෝ සත්‍යයක් තිබෙන්න බැරි ද?
බාලසූරිය: ප්‍රේතයන් යනු මිනිස් සිතෙහි පහළ වන පාපකාරී, පහත් මනෝභාව මඟින් ගොඩනැගුණ පුද්ගල ස්වභාව විය හැකි යි, මට හිතෙනවා. ඒ අනුව ප්‍රේත වස්තු යන ග්රන්ථයෙහි විස්තර කෙරෙන්නේ, පරලෝකයේ වෙසෙන පුද්ගල සමූහයකට වඩා මෙලොව අප අතර වෙසෙන පුද්ගල කොට්ඨාස ලෙස තේරුම් ගැනීම විද්‍යාත්මක යි.
දැන් බලන්න, මාංස අනුභවයට හරිම කෑදර පුද්ගලයන් සිටිනවා. තමාට මස් නැතුව කන්න බැහැයි කියන අය සිටිනවා. මා දැක ඇති මිනිසෙක් මාංස අනුභවයට කොතරම් ගිජුව සිටියා ද යත්, ඔහු අමු ගව මස් කනවා. දැන් එවැනි මාංස ආහාරයට කෑදර පුද්ගලයා එක්තරා ආකාරයකින් ප්රේතයෙකියි කීම නිවැරදියි.
දිමුතු: සිංහල භාෂා ව්‍යවහාරයේ ‘ප්‍රේත’ යන්න ‘කෑදර’ යන අර්ථයෙන් ද භාවිතය වෙනවා...
බාලසූරිය: අර පිපාසය නොසංසිඳෙන ප්‍රේතයා සංකේතවත් කරන්නේ කොපමණ සැප-සම්පත් ලැබුවත් ලෝභකම නොසංසිඳෙන මනුෂ්‍ය මනෝභාවය යි. අප බොහෝ දෙනා තුළ මේ ප්‍රේතයා සිටිනවා නේද?
ඇත්තට ම බොහෝ මිනිසුන් තුළ ප්‍රේතයෝ ඉන්නවා. හිතන්න: සුරාවට ලොල් ව, ඇබ්බැහි ව, තමා උපයන මුදල් දරු පවුල රැකීමට යොදනු වෙනුවට, උදේ සිට රාත්‍රී වන තුරු බීමට වැය කරන පුද්ගලයකු පිළිබඳ ව, ඔහු තව දුරටත් මනුෂ්‍යයෙක් නො වෙයි.
දිමුතු: ඔබ කියන්නේ, පුද්ගලයන් තුළ මනුෂ්‍යත්වය පිරිහෙන විට, ඔවුන් තුළ ප්‍රේත ගති මතු වෙනවා කියලයි.
බාලසූරිය: ප්‍රේත ගතියයි, පුද්ගලයා පෙරේතයකු කරන්නේ. ඔබ දැකලා ඇති අපිරිසිදුකමේ අන්තයට ගිය මිනිස්සු. ඔවුන් නාන්නේ නැහැ. මුහුණ-කට සෝදන්නේ නැහැ. ඉන්න තැන පිරිසිදු කරගන්නේ නැහැ. එවැන්නෙක් ප්‍රේත තත්ත්වයට ම පිරිහිලා.
තව ස්ත්‍රී ලෝල ප්‍රේතයෝ සිටිනවා. නොසංසිඳෙන කාම ආශාවෙන්, ස්ත්රීන්ගේ පහස සොයමින් යන පුද්ගලයෝ සිටිනවා. ස්ත්‍රී ලෝලත්වය මානසික රෝගයක් තරම් වූ විකෘතියක්. ප්‍රේතයන්ගේ ස්වභාවය දුක් විඳීම යි. තම බිරිඳගෙන් සන්තෘප්ත නොවී, නොයෙක් අනියම් සම්බන්ධතා ගොඩනගාගන්නා පුද්ගලයා ජීවත් වන්නේ දුක් ගින්දරින් දැවිදැවී.
දිමුතු: අප තුළ මේ ප්‍රේත චරිත ගොඩනැගෙන්නේ කොහොම ද?
බාලසූරිය: පාපයෙහි ගැලීමෙන්.
සියලු පාප පැනනගින්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන මූල තුනෙන්. යමකු යමකට ප්‍රමාණය ඉක්මවා ලෝභයෙන් බැඳෙන විට, ප්‍රේත චරිතයක් ගොඩනැගෙන සැටි පැහැදිලි යි.
අප පෙර කතා කළා, සුරා ලෝලත්වය, හා ස්ත්‍රී ලෝලත්වය, ඒ වගේ ම තම ඉඩම්-කඩම්වලට, ගේ-දොරට, වස්තුවට සීමාන්තික ව ලෝභ වන විටත්, ප්‍රේත චරිත ගොඩනැඟෙනවා.
දිමුතු: ද්වේෂය තුළින් ගොඩනැඟෙන චරිත කොහොම ද?
බාලසූරිය: ද්වේෂය කියන්නේ, වෛරය, ක්‍රෝධය, පළි ගැනීම යන චේතනාවලින් නිතර ම පෙළීම යි. මෙහෙම වෛරයෙන් ක්‍රියා කරන අය තුළ ගොඩනැඟෙන චරිත ජන ව්‍යවහාරයේ හැඳීන්වෙන්නේ ‘යක්ෂ’ යනුවෙන්. ඔවුන් ද ප්‍රේත කෝට්ඨාසයක්. නපුරු මිනිසා තුළ අප දකිනවා, යක්ෂයකු. වෛරයෙන් පෙළෙන්න පෙළෙන්න මනුෂ්‍ය ගුණය යටපත් කරගෙන යක්ෂයෙක් මතු වෙනවා.
දිමුතු: මෝහයෙන් පහළ වන ප්‍රේත චරිත මොනවා ද?
බාලසූරිය: මෝහය කියන්නේ යම් මුළාවකින් වසඟ වීම යි. මිනිස්සු බලකාමයෙන් වසඟ වෙනවා. යම් යම් සුඛ ආස්වාදවලින් වසඟ වෙනවා. සංගීතය, නර්තනය, වැනි කලා තුළින් ද මිනිසුන් මෝහයට පත් වෙනවා.
දිමුතු: අප පොඩි කාලේ රෑට බට-නළා වාදනය කරන කොට වැඩිහිටියන් කියනවා, රෑට බටනළා හඬ ඇසෙන විට මෝහණිය එන්න පුළුවන් කියලා. සංගීතයට, නැටුමට වසඟ ව ජීවත් වූ ස්ත්‍රීන් මෝහණියන් වෙනවා කියලත් වැඩිහිටියන් කියනු අප අසා තිබෙනවා.
බාලසූරිය: සංගීතය, නර්තනය, කලාව හොඳයි. නමුත් එහි රසාස්වාදයෙන් අගතියට ගොස්, ඉන් මානසික වසඟයකට හසු වුණොත් තමාගේ නිර්මල විඥානය ඉන් යටපත් වෙනවා.
මෙහිදී ඉතා වැදගත් මිනිස් සිත පත් වන සතර අගති සිහිපත් කරගැනීම. බුදුන් වහන්සේ පෙන්වා දුන්නා මිනිසුන් ඡන්දයෙන් – එනම් ප්‍රමාණය ඉක්මවා යම් යම් දේට කැමති වීමෙන් - අගතියට යන බව. ද්වේෂය, භය, මෝහය යනු අනෙක් අගති යි.
දිමුතු: මට වැටහෙන්නේ, අගතියට යනවා කියන්නේ සිතේ සමබරතාව නැති වී, යම් ක්ලේශ පැත්තකට වර්ධනය වීම යි. එය මානසික විකෘතියක්. මා අහන්න කැමතියි, මේ මාතෘකාව හා සම්බන්ධ තව ප්‍රශ්නයක්. දෙවිවරු සිටිනවා කියලා ඔබ පිළිගන්නවා ද?
බාලසූරිය: මා දන්නේ නැහැ. මගේ ප්රත්යක්ෂයට එය ද විෂය වන්නේ නැහැ. දෙවිවරු සිටිනවා නම්, ඔවුන් සිටින්නේ මිනිසුන් අතර යි. දේව චරිත ඇති මිනිසුන් සමාජයෙහි වෙසෙනවා. ඔවුන් හැම අතින් ම යහපත් වූවන්, පුණ්යයට බර යි, කරුණාව, දයාව හා මෛත්‍රියෙන් ඔවුන් පිරිලා. ඔවුන් උතුම් ගුණවලින් බැබළෙනවා. මේ දේව චරිතයි.
දිමුතු: ඇත්තට ම එබඳු මිනිසුන්, දේවත්වයෙන් සලකනවා. මා අහල තියෙනවා, එවැනි අය ගැන මිනිසුන් “ඔහු මිනිසෙක් නොවෙයි, දෙවියෙක්” කියලා කියනවා. ඒ වගේ ම සමහරු අසනවා, ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීමෙන් ඔවුන් ඒ තත්ත්වයෙන් මුදාගත හැකි ද කියලා.
බාලසූරිය: මෙහිදී පින් අනුමෝදන් කිරීම යනු සැබවින් ම කුමක්දැයි අප වටහාගත යුතු යි. ‘අනුමෝදති’ යන පාළි වචනයේ තේරුම ‘අනුව සතුටු වෙයි’ යනුයි.
පහත් මානසික තත්ත්වයෙන් මිදීමේ පළමු වන පියවර පුණ්යානුමෝදනයයි. හිතමු, යම් මසුරු ප්‍රේත චරිතයකින් යුක්ත මිනිසෙක් සිටිනවා කියලා. නැති බැරි අයකුට දීමට ඔහුගේ සිත නැමෙන්නේ නැහැ. දිනක් ඔහු දකිනවා යමෙකු නැති බැරි මිනිසකුට යමක් – මුදලක් හෝ ආහාර වේලක් - දෙනවා. ඒ අසරණයා මහත් සතුටට පැමිණෙන සැටිත් ඔහු දකිනවා. අර මසුරු පුද්ගලයා තුළ මේ පරිත්‍යාග ක්‍රියාව දැකීමෙන්, සතුටක් ඇති වෙනවා. ඒ සමඟ ම මොහොතකට හෝ ඔහුගේ මසුරු මල සිඳී යනවා. එයයි, පුණ්‍යානුමෝදනය කියන්නේ.
හොඳ මිනිසුන් කරන හොඳ වැඩ දැක, අපට ද සතුට හා ප්‍රසාදය උපදවාගත හැකියි. එයින් ඒ යහපත් ක්‍රියා සිත අප තුළත් පහළ වෙනවා. ඒ හේතුවෙන් අප තුළ යම් ඍණ මානසික තත්ත්වනයක් තිබුණා නම් එය ප්‍රහීන වෙනවා.
දිමුතු: ඔබ එහෙම කියන කොට, මට හිතෙනවා, පින් වැඩක් දැක සතුටු වන්න බැරි නම් එතැන අනුමෝදනය සිදු වන්නේ නැහැ කියලා. අනුමෝදනයට කැමැත්තක් යමකුට නැත් නම් එය සිදු වන්නේ නැහැ.
බාලසූරිය: ඔබ හරි. අනුමෝදනය ස්ව-ඉච්ඡවෙන් සිදු කරගත යුතු දෙයක්. අපි තමන්ගෙන් අසාගනිමු, කවුරු හෝ යහපත් ක්‍රියාවක් කරනු දැක්කාම තමන් තුළ මහත් සතුටක් හා ප්‍රසාදයක් පහළ වෙනවා ද?
අනුන් යහපත කරනු දැක සතුටු වීමත් පිනක්.
දිමුතු: ඔබ කියන්නේ, ප්‍රේතයන්, යක්ෂයන්, දෙවියන් අපේ චිත්ත සන්තානයෙහි ගොඩනැඟෙන උපපෞරුෂ බව යි. මරණින් පසු එවැනි භූත කොට්ඨාස සිටින බව ඔබ දන්නේ නැහැ.
දැන් මට මෙහෙම හිතෙනවා. අපි මොහොතකට සිතමු, මිනිසුන් මිය ගියාට පසු, ඇතැමුන් ප්‍රේතයන්, ඇතැමුන් යක්ෂයන්, ඇතැමුන් දෙවිවරුන් වෙනවා කියලා. එහෙම වෙනවා නම්, එසේ වන්නේ, තමා තුළ ප්‍රේත චරිත ගොඩනගාගන්නා මිනිස්සු මරණයෙන් පසු ප්‍රේතයන් වෙනවා. දේව චරිත ගොඩනගාගන්නා මිනිසුන් මරණයෙන් පසු දෙවිවරුන් වෙනවා.
බාලසූරිය: පුනරුත්පත්තියක් තිබෙනවා නම්, ඔබ කියූ දේ සත්‍ය වන්නට පුළුවන්. තමා ගොඩනගාගන්නා විඥානයයි, තමාගේ අනාගතය තීරණය කරන්නේ. දැනට ඔබ තුළ කවර ආකාරයේ විඥානයක් තිබෙනවා ද, ඔබේ අනාගතය ඒ අනුව ගොඩනැඟෙනවා ඇති.
උපුටා ගත්තේ මෙතනින්
ඔබේ කරන වැරදි ගතිගුණ තමා තුලින් අවබෝධ කරගෙන ඒවා දුර කිරීමට මෙන්ම හොද ගතිගුණ ඉදිරියටත් පවත්වා ගෙන යෑමට හැමෝටම ශක්තිය සහ තුන් රුවනේ ආශිර්වාදය ලැබේවා. හැමෝටම තෙරුවන් සරණයි.