ප්‍රේමකීර්ති de අල්විස්
ප්‍රේමකීර්තී ද අල්විස් සාමාන්‍යයෙන් අසාමාන්‍ය මනුස්සයෙකු ලෙස හඳුන්වා දීම වඩාත් නිවැරදියයි මට හැඟේ..
සමරවීර මුදලිගෙ දොන් ප්‍රේමකීර්තී ද අල්විස් උපත ලබන්නෙ 1947 ජුනී 3 වෙනිදාය..
ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි හා රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නෙක් සහ වැඩසටහන් නිශ්පාදකයෙකු ලෙසත් ජනාදරයට පත් වුවත් වඩාත් කීර්තීමත් වන්නෙ ගීත රචකයෙකු ලෙසයි..
ප්‍රේමකීර්තී ගුවන් විදුලියට ආකර්ෂණීය චරිතයක් විය..
නමුත් ඔබ දන්නවද ? ගුවන් විදුලි සවන් දෙන්නන් සහ රූපවාහිනියෙ නරබන්නන් අතර ප්‍රේමකීර්තී ගෙ ජනප්‍රිය බවේ රහස ??
ප්‍රේමකීර්තී ද අල්විස් වඩා කඩවසම් පෙනුමක් ඇති අයෙක් නොවීය.. ඔහු ගුවන් විදුලියෙන් රූපවාහිනියට පා තබන විට රූපවාහිනි මාද්යට ඔහු කෙතරම් ගැලපේද යන්න පවා බලධාරීන් අතර ගැටළුකාරි විය.. නල දත් හෙවත් අමතර දත් කීපයකිනුත් හෙබි ප්‍රේමකීර්තී රුව මුලින්ම කරලියට නොගෙන ඔහුගෙ දෑස් පමණක් පෙන්වා රුව නොපෙන්වා වැඩසටහන් ඉදිරිපත් කිරීම බලධාරීන් ගෙ යෝජනාව විය..
නමුත් ඔහු කවුදැයි දැන ගැනීමට ප්‍රේක්ශකයන්ට තිබු කුතහලය පාලනය කිරීමට ඔවුහු අපොහොසත් වු නිසාම තව දුරටත් ප්‍රේමකීර්තී ව තිරයෙන් සැඟවීම ඔවුන්ට කල නොහැකි විය..
ඒ අනුව ශනිදා ආයූබෝවන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයෙ සම්පත් රේඛා වැනි වැඩසටහන් හරහා ඔහු තම රුව පරදා ආකාර්ශණීය චරිතය මුදා හලේය..
ප්‍රේමකීර්තී කිසි දිනෙක ගුවන්විදුලි හෝ රූපාවාහිනි සහතික පත්‍ර පාඨමාලා හදාරා නැත.. ඔහුගෙ ඉදිරිපත් කිරීම් වල ගැබ් වී තිබුනෙ ජන සාහිත්‍ය තුලින් ඔහු ලබාගත් දැනුම හා සාම්ප්‍රදායික මෙන්ම නවීන සන්නිවේදන ක්‍රම තුලින් ඔහු උකහා ගත් දෑය. ප්‍රේමකීර්තී තම ජිවිතයේදී අත් විඳි දේවල් තමන්ගෙ නරබන්නන් හා අසන්නන් අතර බෙදාහදා ගැනීමේදී ඉතා සජීවි ආකාරයක් අපූර්වත්වය ක් ඒ තුල විය..
ඔහු වරක් මෙසේ කීය
" සවන්දෙන්නන්ට හා නරබන්නන්ට අවශ්‍ය වන්නෙ ප්රකාශනයේ සරළ බව . සාම්ප්‍රදායික ලිඛිත භාශාව ජන භාශාවන්ගෙ වාචාල කතා සමඟ අන්තර්ග්‍රහණය කිරීම මගේ උපාය උනා. එය වඩාත් සාර්ථක වූ බව මගේ හැඟීමයි"
ප්‍රේමකීර්තී ගෙ පියාට අවශ්‍ය උනේ ඔහුගෙ අඩිපාරේ යමින් තම පුත්‍රයා දුම් රිය සේවයට බැඳීම උනත් ප්‍රේමකීර්තී ට තමන්ගෙ අනාගතය සඳහා ඔහුගේම අභිලාශයන් විය.. ඔහු ඇදේ වැතිර සිටිමින් ගුවන් විදුලියට සවන් දෙන්නෙ ගුවන් විදුලි පුවත් අනුකරණය කිරීමට ය.. මේ කලා හැකියාව දකින පියා ප්‍රේමකීර්තී ව ආතර් යූ අමරසේනට හදුන්වා දීමෙන් පසු එවකට දවස සමූහයෙන් ප්රකාශනයට පත් කල විසිතුර නැමති සිනමා සඟරාවෙ විශේශාංග ලේඛයෙක් ලෙස ඔහුව බඳවා ගන්නා ලදී..
පසුකාලීනව සුප්‍රසිද්ධ ගුවන් විදුලි ශිල්පියෙක් සහා ගීත රචකයෙක් වු කරුණාරත්න අබේසේකරයන් ප්‍රේමකීර්තී නම් නව යොවුන් තරුණයාට මඟ පෙන්වීමට ඉදිරිපත් විය..
මේ ලිපිය හරහා මගෙ අරමුණ ප්‍රේමකීර්තී ද අල්විස්ගෙ මාද්‍ය හෝ කලා ජීවිතයේ කඩ ඉම් ලක්ශ ලකුණු කිරීම නොවන නිසා ඒ පිලිබඳ සංක්ෂිප්තයක් පමණක් හුවා දක්වමි..
1967 දි ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් නිදහස් නිවේදකයෙකු ලෙස කරලියට එන ප්‍රේමකීර්තී සොඳුරු සෙවන, ශනිදා සාදය වැනි වැඩ සටහන් රසාලිප්ත කරමින් ප්‍රේක්ශක ආදරය නොමදව අත්පත් කරගත් අතර රූපවාහිනියත් ගුවන් විදුලියත් ඔහුට එක ලෙස ශිල්ප දැක්විය හැකි සටන් බිම් බව මොනවට ඔප්පු කලේය
ගීත රචකයෙක් ලෙස ඔහු සිය මුල්ම ගීය රචනා කරන්නෙ රූපා ඉන්දුමතිට සහ මලකාන්ති නන්දසිරි වෙනුවෙනි.. ඒ " හද පුදසුන් " නැමති ගීතයයි..1969 දි තිරගත වූ ලොකුම හිනාව චිත්‍රපටය වෙනුවෙන් සිය මුල්ම චිත්‍ර පට ගීය ලියු ප්‍රේමකීර්තී මිය යනතෙක් විවිධ ජනප්‍රිය ගායක ගායිකාවන් හඬ දෙන ජනප්‍රිය ගී ඇතුලත් චිත්‍රපට 160 ට පමණ ගීත රචනා කර තුබුනේය..
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ වරක් ප්‍රේමකීර්තී ද අල්විස් ගැන පැවසුවෙ මෙවැන්නකි..
" ගීතයක් සරළ විය යුතු නමුත් ගැබුරක් ද තිබිය යුතු අතර ගීතයක් හැමවිටෙම ජනප්‍රිය වන්නෙ එහෙමයි.. ප්‍රේමකීර්තී එය නිතරම විශ්වාස කලා.. එය ආදර ගීතයක් හෝ බෞද්ධ ගීතයක් හෝ සමාජීය කාරණා ස්පර්ශ කරන ගීතයක් හෝ වේවා ප්‍රේමකීර්තී හැමවිටෙම තමන්ගේම අද්වීතීය ප්‍රකාශන ක්‍රමයක් භාවිතා කලා"
දෙව් රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ, මිනිසෙකු පිට නැඟි අසරුවෙකි, තනිතරුවෙ, සිතින් මා නොසැලි ඉදිද්දි වැනි ගීත ඔහු අතින් ලියවුන අද්වීතීය ම නිමැවුම් කීපයක්.
ගීතයක් ලිවීමට ප්‍රේමකීර්තී ගත් කාලය සිගරට්ටුවක් දල්වා එය පානය කිරීමට ගත කල කාලයට සමාන බව ඔහුගෙ සමීපතමයින් අදටත් සිහිකරනවා..එම කෙටි කාලය තුල ඔහු යතුරු ලියනයෙන් ගීතය සම්පූර්ණ කරත් අවසන් ..
දිවංගත ධර්මසිරි ගමගේ ශූරින් ගෙ ප්‍රේමකීර්තී පිලිබද ආකල්පය ඉතා වටිනා එකක්
" ඔහු තමාගෙ ජීවිතයේ අත්විඳින්න සිදුවූ ඛේදවාචක සිහින ලෙස හදුන්වමින් ඒ සිහින සමඟ ජීවත් වීමට කැමති වූ පුද්ගලයෙක්.. කදුළු ඔහුට බාධාවක් නොවු අතර වේදනාවට ඔහුව වලක්වා ලීමට නොහැකි උනා.. එවැනි ආකල්ප ඇති වන්නෙ කඳුළු පොකුණකින් මලක් තෝරාගෙන එහි සුවඳ ලොවටම බෙදා හැරිය හැකි කලාකරුවෙක්ට පමණයි!! සත්තකින්ම ඔහු එවැන්නෙක්!!
ප්‍රේමකීර්තී විකට ගීතයට පවා කලා ආකෘතිය ක් ඇති බව විශ්වාස කලා.. " ශ්‍රී ලංකාවට විකට ගීත සම්ප්රදායක් තිබෙනවා" වරක් ඔහු එසේද පවසනවා..,මට නිතරම හැගෙන්නෙ විකට ගීත අර්ථවත් මාද්යයක් ලෙස වෙනස් කල යුතු බවයි.. එය හාස්‍යජනක නොව උපහාසාත්මක විය යුතුයි.. උපහාසය ද්විත්ව කඩුවක් වගෙයි. කියු ප්‍රේමකීර්තී උපහාසාත්මක ගීත වලට මහජනයා දක්වන ප්‍රතිචාරය කෙබඳුද බැලීමට මහත් ආසාවකින් පසු විය..
ඔහුගෙ පලමු උපහාසාත්මක ගීය
" අළුත් කලාවක් හොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම් - නිකම් ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බන් පෙත්සම්
යන සුජීවා චිත්‍රපටය වෙනුවෙන් ප්රේඩී සිල්වාට රචනා කල ගීය ඊට කදිම සාක්කියකි..
වර්ගවාදී ගැටුම් කෙරෙහි ඔහුගෙ ආකල්පය " මන්නාරම් පිටි වැල්ලෙ මදටිය මල් ඔන්චිල්ලෙ" වැනී ගීත හරහා ප්‍රකාශය වූ අතර ඔහු වාර්ගික ගැටුම් පිලිකුල් කර අතරම සමගිය උදෙසා නිරන්තර කතාබහක් ඇති කරවිමට සිය වැඩසටහන් තුලදි පවා නිතරම ආයාසයක් දැරූ බව නොරහසක්
පිලිගත් ප්‍රවුර්ති ඉදිරිපත් කීරීමෙ සම්ප්‍රදායට පයින් ගැසු ඔහු ගුවන්විදුලි හා රූපවාහිනියට පැමිණ නව සම්ප්‍රදායන් සමඟ මිනිසුන්ට ආචාර කලේය.
නව යුගයට පා තැබීමට පලමු ඔහු කල අත් හදා බැලීම් අද පවා ගුවන් විදුලි රූපවාහිනි ක්‍රේශත්‍රයේ අමරණීය අත්හදා බැලීම් බව අවිවාදිතය.
" ඕනෑම ශබ්දයකට ඕනෑම කෙනෙක්ගෙ අවධානය තප්පර 30 ක් පමණී . ඉන්පසු අවධානය බිඳ වැටේ" යන සංකල්පය බොරුවක් කලේ මේ දඩබ්බර ප්‍රේමකීර්තී විසිනි.. මේ සංකල්ප බිඳ දැමිමට එදා ඔහුගෙ කතා විලාශය ආකර්ශනිය බව හේතුවක් විය..
ප්‍රේමකීර්තී ගෙ ජීවිතය තුල ඔහු වටිනා බොහෝ දෑ කලේය..
1987-89 කාලය තුල ජේවීපි හෙවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙ සන්නද්ධ අංශය විසින් මේ දඩබ්බරයාගෙ ජනප්‍රිය බව කෙසේවත් නොඉවසීය.. ප්‍රේමකීර්තී ට ජේවීපී විසින් මරණ තර්ජන කිහිපවිටක් එල්ල කල නමුදු සමාජවාදයේ මල් පෙත්ත නිතරම මුව අග තිබු මේ මිනිසා ඒවා තඹ දොයිතුවකට මායිම් නොකලේමය.
එදා ඒ රාත්‍රිය 1989 ජුලී 31 වෙනිදා රාත්‍රියයි.
වෙලාව රාත්‍රී අට පසු වී විනාඩි 30 කුත් ගානකි
ස්ථානය - හෝමාගම අල්විස් නිවසයි..
ජේ. වී . පී සන්නද්ධ අංශයෙ පිරිසක් ප්‍රේමකීර්තී ද අල්විස්ගෙ නිවසට කඩා වැදුනි.. .. ඔහු පසුපස දොරින් පලා යෑමට තැත් කලද ඒ උත්සහය නිරර්ථක විය... ආයුධ සන්නන්ධ පිරිස් ඔහුගෙ නිවෙස් භූමිය වටකොට තිබිනි..
ඔහුට කිසිත් නොකරන ලෙස ප්‍රේමකීර්තී ගෙ බිරිඳ කැරලිකරුවන්ගෙ දෙපාවල එල්ලී ඉල්ලා සිටිය නමුත් පිලිතුර වූයේ
" මුකුත් කරන්නෙ නෑ බය වෙන්න එපා ප්‍රශ්න කරනවා විතරයි"
එසේ සහතික වී දොක්කාගෙන ගිය ප්‍රේමකීර්තී ගෙ වෙඩි වැදුන නිසල සිරුර පසුදා උදෑසන හමුවන්නෙ නිවසේ සිට යාර 200 ක් තරම් ලඟපාතකිනි..
දේහය 1989. අගෝස්තු 07 වෙනි දින බොරැල්ල කනත්තේදි ආදහනය කලේ මහ ජන ගඟකගේ කඳුළු මුහුදක් මතිනි..
ඔහුගේ අවමංගල්‍යය දිනයේදී හිටපු නියෝජ්‍ය කථානායකවරයෙක් හා සිනමා සක්විති ලෙස නම්දෑරු ප්‍රවීණ රංගධර ගාමිණි ෆොන්සේකා මෙසේ කීය
" ප්‍රේමකීර්තී කිසිදු දේශපාලන පක්ශයක අනුබද්ධතාවයකින් තොර ස්වාධීන රජයේ සේවකයෙක්.. එවැනි පුද්ගලයින්ට පවා ඔවුන්ගෙ දේශපාලන සබඳතා නොසලකා හැකියාවන් වලට පමණක් නිතරම නිසි ඇගයීමක් ලබාදීමට වෙහෙස වු අයෙක්!! ඔව් ප්‍රේමකීර්තී එවන් අතලොස්සකින් එක් අයෙක්"
ජිවත්ව සිටියදි කිසිදු පාර්ශවයකට ඔහුගෙ නිර්මාණවලට නිසි පිලිගැනිමක් ලබා දීමට නොහැකි වූ අතර විචාරකයින් පවා ඔහුගෙ කවී සහ ගීතවල නිර්මාණත්මක අන්තර්ගතයන් ඇගයීමට ලක් කලේ ඔහුගේ අකල් මරණයෙන් පසුවය..
වයස 42 දි මියයනවිට ඔහු දරුවන් දෙදෙනෙකුගෙ පියෙකි.. සුරංගි අල්විස් සහ පූර්ණ සම්පත් ද අල්විස් ඒ දෙදෙනාය.
ස්වර්ණවාහීනි හපන් පැදුරෙන් ඔබ හමුවට ආ ඒ කටහඩ ඔබට මතක ඇතුවා නිසැකය.. ඔහු වෙනකෙකු නොව ප්‍රේමකීර්තී පුත් පූර්ණ සම්පත් ද අල්විස් ය..
ප්‍රේමකීර්තී ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස අධි චෝදනා ලැබුවෙ සමන් ප්‍රියංකර ගමගේ නැමති ප්‍රබල ජේවීපී සාමාජිකයායි..
1989 ජූලී 31 දින හෝ ඊට ආසන්තම දිනකදි කටුවාන අධිකරණ බල ප්‍රදේශයේදි මිලින්ද , වික්‍රම , ලක්ශමන් යන අයවලුන් සමඟ තුවක්කු වලින් වෙඩි තැබීමෙන් සමරවිර මුදලිගෙ දොන් ප්‍රේමකීර්තී ද අල්විස් නැමැත්තාගෙ මරණය සිදු කිරීමෙන් දණ්ඩ නීතී සංග්‍රහයේ 32 වෙනි වගන්තිය උල්ලංඝනය යටතේ අදාල විත්ති පාර්ශවයන්ට අධි චෝදනා ගොනු විය..
ප්‍රධාන විත්තිකරු වු සමන් ප්‍රියංකර නැමැත්තා අදාල අපරාධයට වගකිව යුතු බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කල බව පිටු 88 ක නඩු වාර්තාවෙ සඳහන් අතර ඒ අනුව 1992 දෙසැම්බර් 17 වෙනිදා කොලබ මහාධිකරණය විසින් අවසන් තීන්දුව ලබාදෙමින් ප්‍රේමකීර්තී ද අල්විස් ඝාතනය සම්බන්ධව ඉහත නම් සඳහන් ජේවීපී විත්තිකරුවන් වැරදි කරුවන් කරමින් තීන්දුව ලබා දුන්නේය..
අවසානයේ ප්‍රේමකීර්තී ද අල්විස්ගෙ වසර හතලිස් දෙකක අමරණීය මතකය ඉතිහාසයට එසේ එක්විය..
ප්‍රේමකීර්තී ද අල්විස් 1989 දි මිය යනවිට මා අඩුම තරමේ ඉපදීමටත් සිතාවත් නැත..
නමුත් ඔහු පිලිබඳ කල අධ්‍යනයන් සහ ඔහුගෙ අති රමණීය නිර්මාණ වල රසිකයෙක් වීමට ඒ කිසිවක් බාධාවක් නොවීය.. මේ ආසන්තම දිනයෙක මම ගින්නෙන් උපන් සීතල නරබුවෙමි.. නරඹා බොහෝ කේන්තියටත් දරාගත නොහැකි සංවේගයටත් පත්වුයේ ජේවීපේ කලු පැල්ලම් සෝදා හැරීමට චිත්‍රපටය මගින් දක්වන්නාවු දායකත්වය කරණ කොටගෙනය
අදාල චිත්‍රපටයේ සිනමාත්මක පසුබිම හෝ සිනමාත්මක හරය පසෙකින් තැබු කල චිත්‍රපටය හුදෙක්ම ජේවීපී කලු පැල්ලම් සුදු කිරීමට ගෙන තිබු ආයාසය දැක යමක් නොදොඩා සිටීම අපහසුය..
1989 ට පසු ඉපදීම පිලිබද දෙවියන්ට ස්තුතී වන්ත වන අතර එකල සාහසික කැරැල්ලක් නිසා සිය ජිවිත වලින් වන්දි ගෙවු අපේම එවුන්ව අදාල චිත්‍රපටයෙන් නැවත වරක් පාගා මරා දමා ඇති බව දැකීමෙන් ඉමහත් කම්පාවට පත්වීමි..
රෝහණ විජේවීර හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෙවත් ජේවීපියට ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය තුල කිසිදු සාධනීය අයිතියක් නැති බව මම තරයේ අදහන අතරම ඔවුන් නිර්මාණයක කල ඒ භීශණ සංස්කෘතිය ට අද වර්තමානයේ පවා සුදු හුණු උලන එවුන්ට දේශයේම සාපය හිමිවන බව අමතක නොවිය යුතුය..
ජිවිතය විනාශ කිරීම පහසුය .. නමුත් එය නිර්මාණය කිරීම දුශ්කරය. ප්‍රේමකීර්තී ද අල්විස් වැනි අමුතු මිනිස්සු නිර්මාණය කිරීම ඊටත් වඩා දුශ්කර ය.!
ඒ අමුතු මනුස්සයාගෙ 30 වෙනි වර්ශ පුර්ණ සටහන නිමා කිරීමට මම දිල්ශාන් පතිරත්න ලියු කවියක් විශේශයෙන්ම තෝරා ගතිමි.!!
ඉල් මහට රතුපාට
මතක මල් පිපෙනවලු
මල් කැකුළු අරගලය
සුවඳවත් කරනවලු!!
යල් පැනපු අතීතය
කරළියට වඩිනවලු
කල් පිරිලා නෑ තාම
අරගලය තියෙනවලු!
බිල්ලො ඇවිදින් රෑක
අපේ ගෙට රිංගලා
ගෙයි පහන සාලේ මැද
නිවලා බිම කුඩු කලා!!
ඉරක් නැති සඳක් නැති
ලෝකයක තනිවෙලා
අම්මා ඉකිබිඳපු හැටි
නැහැනෙ අමතක වෙලා!!
ඉතිං මං පොඩි එකා
හය හතර නොතේරෙන
වැටෙනකොට එල්ලෙන්න
සුළැගිල්ල දෙන්න මට
තාත්තෙක් හිටියේ නෑ!!
වැටී වැටී නැගිට්ටත්
බිම වැටිලා කැඩුණ හිත
කොයි තරම් රිදෙනවද?
කවුරුවත් දන්නෙ නෑ..
ඒ හින්දා වෙන්න ඇති
අදත් මට කිසිවිටෙක
ඉල්මහට පිපෙන මල්
පාට නෑ... සුවඳ නෑ..
කිසිම හැඩයකුත් නෑ!!
ඉල් මහට පිපෙන මල් - පාට නෑ සුවඳ නෑ!! කිසිම හැඩයකුත් නෑ!!
චාන්යා

Last edited: