ප්‍රේමයට එරෙහි විනැයි පුතා පියා මරයි

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ප්‍රේමයට එරෙහි විනැයි පුතා පියා මරයි

    ප්‍රේමයට එරෙහි විනැයි පුතා පියා මරයි

    යූ. ආර්. ජයන්ත සේනානායක - මාවනැල්ල, එම්. බී. පහලවත්ත - කෑගල්ල

    තම ප්‍රේම සම්බන්ධයට එරෙහි වූ පියාට යකඩ පොල්ලකින් පහරදී මරාදමා ඔහුගේ ත්‍රිරෝද රථය රැගෙන පලාගිය පුත්‍රයකු අත්අඩංගුවට ගැනීමට මාවනැල්ල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    මෙසේ පහර කෑමෙන් මියගොස්‌ ඇත්තේ මාවනැල්ල වෑත්තෑව ප්‍රදේශයේ පදිංචිව සිටි ගාමිණී ආනන්ද (42) නමැති දෙදරු පියෙකි. මොහු ත්‍රිරෝද රථ රියෑදුරකු බව පොලිසිය කියයි.

    සැකකාර දහනව හැවිරිදි පුත්‍රයා ප්‍රදේශයේ විවාහක කාන්තාවක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර එම ප්‍රේම සම්බන්ධයට පියා විරුද්ධවීම නිසා පියා සහ පුත්‍රයා අතර ආරවුල් ඇතිවී තිබූ බව වාර්තා වේ.

    ඊයේ (05 වැනිදා) උදැසන සැකකාර පුත්‍රයා සිය පෙම්වතිය හමුවී වටවල හන්දියට පැමිණ තිබේ. මේ බව ආරංචි වූ පියා තම ත්‍රිරෝද රථයෙන් වටවල හන්දියට පැමිණ එහි සිටි පුත්‍රයා රැගෙන නිවසට ගොස්‌ ඇත. පසුව ඔහු පුත්‍රයා කාමරයකට දමා දොර වසා පොල්ලකින් පහරදී තිබේ.

    එහිදී පහර දීමට යොදාගත් පොල්ල දෙකට කැඩී ඇත. එම අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් සැකකාර පුතා එළියට දිවගොස්‌ තිබේ. පියා ඔහු පිටුපස ලුහුබැඳ කැඩුණු පොල්ලෙන් පහරදී ඇත. පුතා මිදුලේ නවතා තිබූ ත්‍රිරෝද රථය වටේ දුවගොස්‌ බේරීමට උත්සාහ කර තිබේ. එහෙත් පියා ඔහුට එළව එළවා පහර දීම නිසා ත්‍රිරෝද රථයේ තිබූ යකඩ පොල්ල රැගෙන පුත්‍රයා පියාට පහරදී තිබේ.

    යකඩ පොලු පහර කා බිම ඇදවැටුණු පියාගේ හිසට ගල්ගෙඩියකින් පහරදී ත්‍රිරෝද රථය පියාගේ ඇඟ මතින් ධාවනය කර සැකකාර පුත්‍රයා පලාගොස්‌ ඇත.

    කෑගල්ල සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රදීප් කළුපහන මහතාගේ අධීක්‍ෂණය මත මාවනැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.



    http://www.divaina.com/2015/04/06/news18.html

    මෙහෙමත් පව්කාරයෝ මේ රටේ ඉන්නවනේ
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනේ මන්ද බන් ,මෙච්චර රටේ තත්වේ පහළට වැටිලද