ප්‍රේමයෙන් පැරදුන ඔබට
මම අද කියන්න යන්නේ ආදරයෙන් පැරදිච්ච කවියෙක් ගැන. නිකම්ම කෙනෙක් නෙවෙයි ආදරය නිසා ජීවිතය අඳුරු කර ගත්ත කවියෙක් ගැන. මේ කතාව ඔබ ට, ඔබේ ජීවිතය ට, නැත්නම් ඔබේ යාලුවෙකුට, කොච්චර සමීපද කියල බලන්න.
ඔහු හිටියේ එංගලන්තයේ ලන්ඩන් නුවර. නම Ernest Dowson. ඉපදුනේ 1867 අගෝස්තු 2 වෙනිදා.ජීවත් වුනේ අවුරුදු 32 ක් විතරයි. ආදරය නිසා. ඔහු ඔක්ස්ෆර්ඩ් වල කුවීන්ස් කොලේජ් එකට ගියාට උපාධිය ගන්න කලින් අයින් වෙලා තාත්ත එක්ක වැඩ කරන්න ගියා. නමුත් ඩෝසන් ගොඩක් සාහිත්‍ය සමිති වල හිටියා. ඔහු Rhymers' Club හි සාමාජිකයෙක්. W. B. Yeats , Oscar Wilde වගේ ශ්‍රේෂ්ට කවියන් හිටපු සාහිත්‍ය සමිති වල ඔහුත් හිටියා.
ඔහු ට අවුරුදු 23 ක් වෙද්දී අවුරුදු 11 ක ගෑනු ළමයෙකුට ආදරය කරන්න පටන් ගත්ත. පෝලන්ත ජාතික ආපන ශාලා හිමියෙකුගේ දුවෙක් වන ඇඩිලේඩ් ෆෝල්ටිනොවික්ස් කියන ගෑනු ළමයට ආදරය කරන්න පටන් ගත්තට මොකද ඒක හරි ගියේ නෑ. ඔහු ඇය පස්සෙන් කොච්චර ගියත් වැඩක් වුනේ නෑ. 1897 දී විතර ඇය ටේලර් කෙනෙක් එක්ක විවාහ වුනා. ඒ ගොල්ලන්ගේ ආපන ශාලාව උඩ තට්ටුවේ තිබුන ටේලර් සාප්පු කාරය එක්ක විවාහ වුනා. ඔහුගේ හදවත බිඳුනා. ඔහුට උහුලන්න බැරි තරමේ හිත් වේදනාවක් වුනා.
1894 අගෝස්තු මාසයේදී ඔහුගේ තාත්ත ටියුබකුලෝසිස් රෝගයෙන් (TB) මිය ගියා. 1895 පෙබරවාරි මාසෙදි අම්ම එල්ලිලා මැරුණා. ඩෝසන් ගේ සෞඛ්‍යය පිරිහෙන්න පටන් ගත්ත.
ඔහු අවුරුදු 32 දී මත් පැන් පානය නිසා මරණය ට පත් වුනා. ඩෝසන් තමන්ගේ අවසාන සති කීපය යාලුවෙකුගේ ගෙදර තමයි හිටියේ. ඔහුව බ්රෝක්ලි ඇන්ඩ් ලේඩිවෙල් සුසාන භුමියේ රෝමානු කතෝලික කොටසේ වල දැමුවා.
ඩෝසන් කියන්නේ ප්‍රංශයේ ඉගෙන ගත්තු තරුණයෙක්. ඔහුගේ ප්‍රියතම කවිය වුනේ එඩ්ගා ඇලන් පෝ ගේ "The viol, the violet and the vine." කියන කවිය කියල තමයි ඔහුගේ යාලුවා වන Arthur Symons කියන්නේ. මොහු ආදරය නිසා මිය ගියත් අපිට ඉතාම සුන්දර කවි කීපයක් ඔහු ඉතුරු කරලා ගියා. එයින් එකක් තමයි: Non Sum Qualis Eram Bonae Sub Regno Cynarae කියන එක. මේ ලතින් වාක්‍යයෙන් කියන්නේ මා සිනාරා ගේ රජදහනේ සිටි කාලය මෙන් නොවේ අද වගේ තේරුමක්. කොහොම උනත් මේ කවියෙන් ඔහු කියන්නේ මේ වගේ දෙයක්:
ඔහු සාදයකට ගිහින් එහිදී තාවකාලික පෙම්වතියක් සමග සතුටු වෙනවා. නමුත් ඔහු ඇය සිප ගන්න හැම විටකම ඔහුට දැනෙන්නේ ඔහුගේ සිනාරා(සැබෑ පෙම්වතිය) සිප ගන්නවා වගෙයි. තාවකාලික පෙම්වතියගේ රත් පැහැ දෙතොල් සිප ගනිද්දී ඔහුට දැනෙන්නේ තමාට අහිමි වුන සැබෑ පෙම්වතියගේ සුවඳයි. ඔහු මේ මුළු කවිය පුරාම කියන එක දෙයක් තමයි මම කවුරු සමග හිටියත් ආදරය කලේ ඔබට පමණයි කියන එක. මෙහිදී ඔහු සිනාරා කියල කියන්නේ ඇඩිලේඩ් ෆෝල්ටිනොවික්ස් ට කියන එක අපිට හොඳට තේරෙනවා. මොකද ඔහු සැබවින් ම ආදරය කලේ ඇයට විතරක් නිසා.
මෙන්න ඒ කවි ටික. කියවල බලන්න ඉතුරු ටික කොයි තරම් අපි හැමෝටම සමීප ද කියල.
උදව්:
http://poetry.elcore.net/CatholicPoets/Dowson/Dowson16.html
http://en.wikipedia.org/wiki/Ernest_Dowson
http://www.guardian.co.uk/books/booksblog/2011/mar/14/non-sum-qualis-cynarae-dowson
මේ ලිපියේ ටිකක් මගේම අදහස්. පරිවර්තනය කලේ මම.
Non sum qualis eram bonae sub regno Cynarae
Last night, ah, yesternight, betwixt her lips and mine
There fell thy shadow, Cynara! thy breath was shed
Upon my soul between the kisses and the wine;
And I was desolate and sick of an old passion,
Yea, I was desolate and bowed my head:
I have been faithful to thee, Cynara! in my fashion.
All night upon mine heart I felt her warm heart beat,
Night-long within mine arms in love and sleep she lay;
Surely the kisses of her bought red mouth were sweet;
But I was desolate and sick of an old passion,
When I awoke and found the dawn was gray:

I have forgot much, Cynara! gone with the wind,
Flung roses, roses riotously with the throng,
Dancing, to put thy pale, lost lilies out of mind;

Yea, all the time, because the dance was long:

I cried for madder music and for stronger wine,
But when the feast is finished and the lamps expire,
Then falls thy shadow, Cynara! the night is thine;
And I am desolate and sick of an old passion,
Yea, hungry for thelips of my desire:
I have been faithful to thee Cynara! in my fashion.

Last edited: