අපි කරන්නෙ අපි කැමති දේවල්, අපි ගන්න හැම තීරණයක්ම අපේම choices කියලා හිතුවට ඒක එහෙම නෑ..
මිනිසා අනෙක් ජීවීන්ගෙන් වෙනස් වෙන්නෙ පරිකල්පන ශක්තියෙන් පොහොසත් බුද්ධිමත්ම සත්වයා විදිහට. ඒත් අනෙක් සත්තු වගේම අපිත් program වෙච්ච සත්ත්වයෙක්!
හැමවෙලේම මොලෙන් දෙන විධාන ටිකක් තියෙනවා..උඹලා මොන පිස්සුව කෙලියත් කමක්නෑ*කෑම හොයාගනින්.
*survive වෙයන්.
*වර්ගයා බෝකරපන්.
කියලා...
ප්‍රේමය,ආදරය කියලා පොදුවේ හදුන්වන්නෙත් මේ වර්ගයා බෝ කිරීම ශිෂ්ඨ සම්පන්න විදිහට හදුන්වන අයිසින් එකක්!
ඇතුලෙ තියෙන්නෙ ලිංගිකත්ව..විරුද්ධ ලිංගික ආකර්ෂණය.
එහෙමත් නැත්නම් වර්ගයා බෝ කිරීමේ මූලික අඩිතාලම...
මානව වර්ගයාගෙ පැවැත්මට අත්‍යවශ්‍ය තත්වයක් තමයි මේක!
හැබැයි,
විරුද්ධ ලිංගිකයෙක් කෙරෙහි ඇතිවන ආකර්ෂණයක තවත් පැත්තක් තියෙනවා...
අපි වගේ සමහර මිනිස්සුන්ට තියෙනවා කොහෙත්ම මානව වර්ගයාගෙ පැවැත්මට දායක නොවන හැඟීමක්..
එකම එක මනුස්සයෙක් ගැන..
කොච්චර බැනුම් ඇහුවත් විලි ලැජ්ජාවක් නැති...
කිසිසේත්ම අමතක කරන්න බැරි...
මතක් උනත් හිතම සතුටින් පිරිලා යන...
අසීමිත ප්‍රේමයක්...
sexual feelings වලින් සම්පූර්ණයෙන්ම තොර වූ...
ඕනෙම කැප කිරීමක් කරන්න තරම් වටින...
ඒක ඉතින් 'ප්‍රේමයේ විකෘතියක්' නෙවෙයිද!
(එයාව මතක් වෙනවා ඕයි
ඒකි පට්ට සතුටින් ජීවත් වෙනවා ඒක තමයි වෙන්න ඕන දේත් ඒත්...
Last edited:

