ප්‍රේමය ද රාගය ද

hpalpola

Well-known member
  • ‘මන් ඔයාගේ ඇස් වලට හරිම ආශයි’, ‘ඔයාගේ කොණ්ඩෙට මන් හරි ආශයි’, මෙවැනි කතා ප්‍රේම සබඳතාවයක පැටලී සිටිනවුන්ට අළුත් නොවේ. සමහරුන්ගේ ප්‍රේමය බද්ද වී ඇත්තේ ඉන්ද්‍රියන්ට ගෝචර වන අනෙක් තැනැත්තාගේ භෞතික ඉන්ද්‍රියන් කරා ය. එය ප්‍රේමයට වඩා රාගයට ලඟ බව දෙදෙනාට ම වැටහෙන්නේ නැත. එනිසා බොහෝ අවස්ථාවල එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයෙන් ‘ඔයා මගේ මොකකට ද කැමැති’ යැයි අසයි. ඉතින්, සමහරු නම් කියන්නේ ප්‍රේමය තුළ රාගය පවතින බවයි. ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ ථෙරිගාතාපාලියේ තිංසති නිපාතයේ දැක්වෙන සුභා තෙරණියගේ කතාව මෙහිදී සිහිපත් වේ.

    සුභා තෙරණිය ගිහි කල පටන් එක් තරුණයෙක් ඇගේ පසුපස වැටී ඇයට කැමැති බව කියමින් ඇවිටිලි කරමින් කල් ගත කලේ ය. නමුත් ඇය ඊට එකඟ වූයේ නැත. සුභා තෙරණිය පැවිදි වීමෙන් පසුව ද මේ ඇවිටිල්ල නතර වූයේ නැත. දිනක උන්වහන්සේ වනාන්තරයේ වැඩ සිටින විටදී මේ තරුණයා පැමිණ පැවිදි බව අතහැර ඔහු සමග පැමිණෙන ලෙසින් ඇවටිලි කරන්නට විය. ත්‍රිලක්ෂණය පිළිබඳව කල දේශනා ඔහු පිළිගත්තේ නැත. එදින සුභා තෙරණිය ඔහුගෙන් විමසා සිටියේ ඔහු ඇගේ කුමකට කැමැතිද යන්නයි. ඔහු කියා සිටියේ තෙරණියන්ගේ ඇස් වලට ඔහු කැමැති බවයි. සුභා තෙරණිය ඇගේ ඇස ගලවා ඔහුට ලබා දුන්නා ය. රාගයෙන් අන්ධව සිටි ඔහුගේ ඇස් ඇරුනේ ඉන් පසුව ය.

    [ප්‍රියදර්ශනී වූ ඕතොමෝ (ඇසෙහි) ඇලීමට නො පැමිණියා ය, නො ඇලුණු සිත් ඇත්තී එකෙණෙහි ඇස උපුටා ඉඳ තොපගේ ඇස ගෙන යව’යි ඒය ඒ මිනිසාට දුන.

    එකෙණෙහි ඔහුගේ ද ඒ ඇසෙහි රාගය දුරුවිය, බඹසර ඇත්තීය, තොපට සුව වන්නේ ය, යළි මෙබන්දක් නොවන්නේ ය යි ඇය ක්ෂමා කරවී.

    දිලියෙන ගිනි වැළඳගෙන මෙන් ආශිර්විෂයකු (අතින්) ගෙන මෙන් මෙබඳු නික්ලෙශී ජනයකු ඝටා කිමැ සුවයෙක් වන්නේ ද අපට ක්ෂමා කළ මැනවැ’යි.

    ඒ ධූර්ත පුරුෂයා කෙරෙන් මිදුණු ඒ මෙහෙණ බුද්ධ ශ්‍රෙෂ්ඨයන් කරා පැමිණියා යැ, උත්තම පුණ්‍යලක්ෂණ ඇති බුදුන් දැක ඇස පෙර මෙන් ප්‍රකෘති වී යයි.]

    කාලයේ වෙනස පමණි. මිනිසුන් නම් එකම ය. සංසාරේ, සංසාරේ …..
     
    • Like
    Reactions: animation

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඒකටනෙ පෙනුමට වඩා පර්සනලිටි එකට මුල්තැන දෙන්න කියන්නෙ. පෙනුව වයසත් එක්ක නැතිවුනාට ගතිගුන එහෙම නැතිවෙන්නෙ නෑනෙ.
     

    hpalpola

    Well-known member
  • ඒකටනෙ පෙනුමට වඩා පර්සනලිටි එකට මුල්තැන දෙන්න කියන්නෙ. පෙනුව වයසත් එක්ක නැතිවුනාට ගතිගුන එහෙම නැතිවෙන්නෙ නෑනෙ.
    සංස්කාර ධර්මයෝ අනිත්‍යයි යාළුවා
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    i fuck
    i drill

    when i smell the pheromones of her , i get a massive erection and i do fuck , i mean big way till she cumms, this is very normal , smell + Clean is my only weakness .