ප්‍රේමය නම්...
හිමිවීම නොව... ළඟ රැඳුම නොව...
දැකීම ද නොව... කතාබහ නොව...
රඟ දැක්ම නොව... විඳවීම නොව...
ප්‍රේමය නම්...
හිමි නොවූව ද...
ළඟ නොරැඳුන ද...
කුමන වරදක් කළා වූව ද...
සාමයෙන් වෙන් වී නිහඬව ම...
දිවිය ඇති තෙක් මෙත් වැඩීම ය...
එයයි මැනගත
හැකි හොඳ ම මඟ
ඔබ සැබෑවට ප්‍රේම කළ වග...
#spn
[2306271857] [2306272032] [2306272103] [2306272122]
#love #premaya #adaraya
මගෙ හදවත නම්... මං පික් පොකට් ගහන්න දුන්න කැමැත්තෙන්ම...
දැන් කීදෙනෙක් ද...
ඉස්සරම කාලේ අරයාගෙන් පටන් අරගෙන...
මේ ඊයේ පෙරේදා අරයා වෙනකම් ගත්තම...
මූලික වශයෙන් හදවත් හයක් ඇවිත්... මගෙ හදවත පික් පොකට් ගැහුවා...
ආපහු මං ඉල්ලන්න ගියෙත් නෑ හදවත...
ටික කාලයක් යනකොට ඉබේම වැවෙනවා ඒ හදවත...
මහ පුදුමයි ඇත්තට ඒකත්...
හැබැයි තාම අන්තිම බස් එක මිස් වෙලාවත්...
වැරදි බස් එකක නැගලාවත් නැහැ...
එහෙම වෙන්න කවදාවත් බලාපොරොත්තුවකුත් නැහැ...
මම එහෙම වෙන්න දෙන්නෙත් නැහැ...
ඕනෙ කෙනෙක්ට පික් පොකට් ගහල අරන් යන්න...
මෙන්න මගෙ හදවත තියනව... කැමැත්තෙන් ම දෙනවා...
ආයේ ඕනෙත් නැහැ... ඉබේම ලියලනවනෙ ඉතින් ඒ හදවත...
ඒක හින්දා කමක්නෙත් නැහැ...
#spn
#replykavi
[2306261358]
මේ කවි / නිසදැස් / අදහස් කියෙව්වම හිතෙනවද යමක්?
සරලව ම කියන්න හදන්නෙ මේකයි,
ප්‍රේමයේ දී අපි විඳවිය යුතු නැහැ.
ප්‍රේමය හින්දාම
මට එළිය දුන් සඳ නුඹ ය...
නෙලා ගැනුමට වැඩිය
හද බන්ධනය සොඳුරු ය...
#spn #2306151427 #replykavi
අත් බැඳෙනවට වැඩිය සොඳුරිය
සිත් බැඳීමක් තමයි ප්‍රේමය...
ළඟ නොරැඳුනත් යළිත් කිසි දින
සමු ගැනීමක් අප අතර නැත...
#spn #2306201934 #replykavi
හිතක මතක අමතක කරලනු කිම ද...
කඳුල වුවත් විඳවීමක් නොවනු ඇත...
සමුදීමක් අප අතරට අවැසිම ද...
හමුවීමක් සමුදීමක් නොවනු ඇත...
#spn
#2306241337
#replykavi
අපි කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉඳලා එයා අහිමි වුනත්, ආදරේ කරල වෙන් වුනත්, කොහොම වුනත් අපේ අතේ වරදක් නැති නම්,
ඒ කියන්නෙ එයා අපේ හදවත අරන් ගිහින්... පැහැරගෙන ම අරන් ගිහින්...
ඊට පස්සෙ එයා කැමති වුනත් නැතත් අපේ හදවත තියෙන්නෙ එයා ළඟ.
එතකොට කලින් තිබුන හදවත ආයෙ අපි ළඟ නැහැ.
ඒත් ආයෙමත් අපේ හදවත ලියලනව...
මේකට කාලයක් ගත වෙනව, මේ කාලය ඇතුළත එයා ආයේ නාවොත්...
ඇතැම් විට විවිධ හේතු නිසා වෙන්වෙන්න සිදු වෙන්න පුළුවන්...
දෙපැති කැපෙන කඩු...
දෑතින් දරාන...
වැළඳගනුමක් වැනිය ප්‍රේමය...
බොහෝ විටදී අවට අයවත්...
කපා දැමුමට සමත් වනු ඇත...
#spn
#23061(5?)???? #2306201007 #2306201042
නුඹට වඩා මම අත්දැක්කෙමි
මහපොළොවේ යථාර්තය...
ප්‍රේමය තිබූ පමණින් ම
මේ ජීවිතය ලෙහෙසි නැත...
#spn #2306201137
අලුත් හදවත ඉපදිලා... ලියලලා... හැදිල වැඩිල... ගොඩනැංවෙන්න කලින් එයා නාවොත්...
ආයෙත් එයත් එක්ක ප්‍රේම කරන්න අපිට බැහැ.
මොකද එතකොට තියෙන්නෙ අලුත් හදවතක්... ඒ හදවතේ එයාට ඉඩක් නැහැ.
අන්න ඒ මට්ටමේ දී "එයා හමු නොවුනා නම්" කියලා කවදාවත් හිතෙන්නෙ නැහැ.
සංසාරෙ පුරාවට
හමු වුනේ අප දෙදෙන...
වරදන්න නොවේ ම ය
හදන්න ය ජීවිතය...
සෝ තැවුල් වේදනා
හදවතේ හැම රිදුම...
සසර හැඩ ගස්සවමින්
අපගේ ගුරුතුමන් විය...
#spn #2306171853 #replykavi
ඒවගේ ම එයා හදවත අරන් ආයෙ ආවොත් හදවත් දෙකක් තියාගෙන ඉන්නත් බැහැ.
එතකොට ඒක මේ විදියෙ සම්බන්ධයක් වෙන්නත් පුළුවන්.
එකම මඟ එක අතට යන අප
අතර ඇත්තේ කිම ද ඇත්තට...
දෙ-ජීවිත සබැඳියාවක් මෙය
ඇතැම් විට නමකුත් නැතිව ගිය...
#spn #2306211936 #replykavi
(හදවත අරන් ගියොත් ජීවත්වෙන්න බැහැ තමයි, මං ඒක දන්නව...

මේ කියන්නෙ මොකක්ද කියල තේරෙනව මදි නම් පොඩ්ඩක් පහත සබැඳියෙන් ගිහින් ඒ සටහන කියවල ඉන්න.)
https://elakiri.com/threads/ප්‍රබන්ධය-සහ-අතිශයෝක්තිය.2110872/
කෙල්ලෙක් කිව්වෙ මගෙ පැත්තෙන්. කෙල්ලෙක්ට පුළුවන් මේක තමන්ගෙ පැත්තෙන් කොල්ලෙක්ට ආදේශ කරල හිතන්නත්...
මේ සංකල්පය ක්‍රියාවේ යෙදවීම එකවරම ප්‍රායෝගික නැහැ. නමුත් මේ විදියට හිත ටිකින් ටික හරි පුහුණු කරන්න බැරි වෙයිද?
අන්න එහෙම වුනොත් ප්‍රේමය නිසා ඇතිවන ගොඩක් ප්‍රශ්න, ප්‍රශ්නයක් නොවන තරමේ තැනකට අපිට එන්න පුළුවන් වේවි...
#spn
[2306282300]
Last edited: