ප්‍රේමය සහ රාගය

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ප්‍රේමය සහ රාගය



    ප්‍රේමය යනු ආදරණිය හැගීමක් බවත් රාගය යනු හුදෙක්ම ලිංගික උත්තේජනය උදෙසා රහසේ කල යුතු කටයුත්තක් බවද මම විවාහයට පෙර විශ්වාශ කළෙමි.
    අපි වසර ගණනාවක් ආදරය කල කුඩා කල සිට දන්නා හඳුනන දෙන්නෙකු නොවීමු.සම්ප්‍රදායික අධයාපන තරඟ රටාවේ දුවන ලද ,ප්‍රේමය සහ රාගය අනවශ්‍ය සහ ඉගෙනීමට මරණීය බාධක ගෙනෙන විෂ ඝෝර සර්පයන් සේ දකින ලද, තාරුණ්‍යයේ දෙවෙනි දශකයට පා තැබූ උපාධිධාරී ,දෙමාපිය යෝජනාවකින් හඳුනාගත් යුවලක් වීමු.

    මා විවාහ වීමට පෙර හිතේ දහසකුත් රාගික සහ අනෙකුත් සියලු ආශා මවා ගනිමින් ආශ්වාදය වින්දෙමි.මා විවාහ වූ දින ඇයත් ලැජ්ජකාරියකි.මමද ඇය තරම්ම අත්දැකීම් රහිත නොවුවද :lol: , එදින හැගීම්බර ලජ්ජකාරයකු වීමි.මා සිටින්නේ මගේ මුළු ජීවිතයම ගෙවීමට ගිවිස ගත් එකිය බව සිතුවෙමි.අපි සතුටු වුනෙමු.හෝරා දෙක තුනකින් නින්දට ගියෙමු.තම තමන්ගේ ඇඳුම් තම තමාම ඇඳගත්තෙමු.:lol:

    එහෙත් හිතූ තරම් වින්දනයක් ,සතුටක් එහි නොමැති බවත් මිනිස්සු මන්ද බුද්ධිකව රාගය අගය කරතියි සිතුවෙමි.දින කිහිපයකින් ඇයත් මමත් රාජකාරි වලට නික්මුනෙමු.විවාහයක ඇති රාගය, කියනා තරම් දෙයක් අතිශය සුන්දර බවක් නොමැති බවද,විටෙක කරදරකාරී බන්ධනයක් බවද සිතුවෙමි.මොකට මේ සා බලාපොරොත්තු තබා ගෙන කසාද බැන්දාදැයි සිතුවෙමි.ඇයද එසේම සිතන්නට ඇත.

    දින සති මාස ගෙවුණි..අපි එක්ව කාර්යාලයට ගියෙමු...එකටම උදය සහ රාත්‍රී ආහාර ගත්තෙමු.එකම නිවසක තනිවම ජීවිතය ඇරඹීමු.උදයේ තේ කෝප්පය රස විඳීමේ සිට සති අන්තයේ පොළට ගොස් එළවලු ගැනීමේ සිට සෑම සියලු දේම අපි එකටම කළෙමු ...එක්ව නින්දට ගියෙමු.එක්වීමු.
    අපි දැන් උනුන් හුඟක් දුරටම අඳුරන්නෙමු.සිතුවිලි ආශා ගැන අවබෝදයක් සහ විශ්වාසයක් ගොඩනැගීමු .සයනයේදී ලැජ්ජාවෙන් තොරව,ආයාසයකින් තොරව රිසි සේ විනෝද වීමු.පැය ගණන් වරු ගණන් එකිනෙකා සිප ගතිමු.පොඩි වුන් සේ මහ හය්යෙන් රෑ දෙගොඩහරි යාමේ සිනාසුනෙමු.අසන්නට කිසිවෙකුත් නොමැත.අපි අපේම ලොවක විනෝද වීමු.හෝරා ගෙවෙනා හැටි ,උදය එළඹෙනතුරු ඔහේ වැල්වටාරම් දොඩවමින් සහ එකිනෙකා වැළඳ ගනිමින් ,අත් පටලා සිප ගනිමින් අසීමිත ප්‍රීතියක් ලබන්නෙමු.අපට අනෙකුත් පෙම්වතුන් ගැන උපමා අනවශ්‍යය.ලෝකයේ සිටිනා එකම පෙම්වතුන් යුවල අප දෙදෙනා ලෙස අප සිතුවෙමු.

    උදැසන වෙනදාටත් වඩා ආසාවෙන් ඇය මා සිපගන්නිය.මමද ඇය සිප වැලඳ ගමි.දිනය පුරා දුරකථන මගින් කථා කරමු.පාසැල් පෙම්වතුන් මෙන් අපි බොළඳ කථා කියමින් සිනාසීමු.අදත් එසේමය ..දැන් අප විවාහවී වසර තුනකි.මේ සතුට අප හඳුනාගත් කාලයේත් ,විවාහවූ මුල් දින කිහිපයේත් නොලැබුයේ මන්ද යන්න මට නොතේරේ.අපි මධුසමය විඳින්නේ දැන්ද ? :love: සුපිරි හොටල් තුල කුමක් කෙරුවෙම්ද ? අප දෙදෙනාම ඒ ගැන සිතමින් දවසක සිනාසීමු .

    ආදරය(ප්‍රේමය) දැඩිව ශක්තිමත් වන්නේ රාගයකින් බව මම අද විශ්වාස කරමි.නමුත් මා වසර කීපයකට පෙර සිතා සිටියේද ,අත් වින්දේද රාගයකින් තොර ප්‍රේමයක් පැවතිය හැකි බවයි.(රාගය යන්න සිප වැළඳ ගැනීම් ,ස්පර්ශයේ සිට කායික එක්වීම දක්වා විහිදෙයයි මම සිතමි.)

    රාගයකින් තොරව ප්‍රේමයක් පැවතිය හැකිද ? එහි(රාගයේ) සුවය නොලැබූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ පිළිබඳව වූ ඉරිසියාවකින් මේ සොඳුරු ප්‍රේම ගීතය ලිව්වවත්ද ?

    :nerd:
    [සංවාදයට යොමුයි ]
    https://www.youtube.com/watch?v=zfK5xaeSzSU
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපටත් තිබ්බ ප්‍රශ්නෙ ඕකම තමා බං.....:baffled:
    සුනිල් සර් “ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි“ කියන කොට අපි ඒ කාලෙදිත් ඇහුවෙ එහෙම ප්‍රේම කොහෙද තියෙන්නෙ කියල......එහෙම ප්‍රේම පවතින ද කියලා...........
    අන්තිමට අපි හිත හදා ගත්තා අවිවාහක අපේ මහාචාර්ය තුමා ගේ ලිංගික උතෝපියාවෙ කියල එහෙම ප්‍රේම පවතින්නේ..........

    අපි මොන විදිය ප්‍රේමය පරම, පවිත්‍ර, පිවිතුරු කිය කියා බටර් අයිසින්, රෝයල් අයිසින් ගාල තිබ්බත් ප්‍රේමයේ කෙළවර තියෙනනේ රාගය. රාගය ඇතිවන්නේ සහජ අවහර ඉවක් නිසා, වර්ගයා බෝ කිරීමේ.............
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    I'm not married machan...
    But i know the feeling very well..
    100% ture machan..no doubt..
    I'm missing it very badly now....

    anyway congratulations...
    :) :) :) :)
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපටත් තිබ්බ ප්‍රශ්නෙ ඕකම තමා බං.....:baffled:
    සුනිල් සර් “ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි“ කියන කොට අපි ඒ කාලෙදිත් ඇහුවෙ එහෙම ප්‍රේම කොහෙද තියෙන්නෙ කියල......එහෙම ප්‍රේම පවතින ද කියලා...........
    අන්තිමට අපි හිත හදා ගත්තා අවිවාහක අපේ මහාචාර්ය තුමා ගේ ලිංගික උතෝපියාවෙ කියල එහෙම ප්‍රේම පවතින්නේ..........

    අපි මොන විදිය ප්‍රේමය පරම, පවිත්‍ර, පිවිතුරු කිය කියා බටර් අයිසින්, රෝයල් අයිසින් ගාල තිබ්බත් ප්‍රේමයේ කෙළවර තියෙනනේ රාගය. රාගය ඇතිවන්නේ සහජ අවහර ඉවක් නිසා, වර්ගයා බෝ කිරීමේ.............

    ඔව් මචං ...ඒක තේරුම් ගන්න ටික කාලයක් යනවා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක හරියට කිකිලිද බිත්තරේද ඉස්සෙල්ලා අවෙ කියල අහන කතාව වගේ තමා
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113



    රාගයකින් තොරව ප්‍රේමයක් පැවතිය හැකිද ? එහි(රාගයේ) සුවය නොලැබූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ පිළිබඳව වූ ඉරිසියාවකින් මේ සොඳුරු ප්‍රේම ගීතය ලිව්වවත්ද ?

    :nerd:
    [සංවාදයට යොමුයි ]
    https://www.youtube.com/watch?v=zfK5xaeSzSU

    නොහැඟේ නොතේරේ රාගයේ සහ ප්‍රේමයේ නියම අරුතේ:no::no:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ප්‍රේමයේ කෙළවර තියෙනනේ රාගය. රාගය ඇතිවන්නේ සහජ අවහර ඉවක් නිසා, වර්ගයා බෝ කිරීමේ.............
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    can't agree more