ප්‍රේමය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Digital ryts##Najith_Indika Ayya

    ප්‍රේමය යනු...
    ...........................
    එකත් එකටම ප්‍රේමයක් යනු මෙයම වෙන්නැති
    හිතක් හිතකට ගළපන්න බැරි කමම වෙන්නැති
    කොතෙක් තැනුවත් මිහිර නැහැවුණු පැතුම් නිම්නැති
    කිසිත් සිතනට කලින් සුන් වෙන එකම වෙන්නැති

    එකත් එකටම ජීවිතය යනු මෙයම වෙන්නැති
    එකෙක් නෑරම එක පෙළට රැවටීම වෙන්නැති
    මෙතෙක් දැනගත් ‘ඇත්ත‘ බිම හල හලා පොදි පොදි
    එ‘මත සිටගෙන මන්දහාසය නැගුම වෙන්නැති

    එකත් එකටම පෙමක් මෙහි නොතිබුණා වෙන්නැති
    කොතෙක් කිව්වද එදත් එය ඒ ලෙසම වෙන්නැති
    සාලියත් ඒ මල් වනේ තව මල් නෙළන්නැති
    රාධා එහෙමත් කන්ද පාමුල කොටු පනින්නැති

    රෝමියෝටත් ජුලියට්ම විතරක් නොවෙන්නැති
    ටානියා - මේරී, සිතින් තව ගොඩක් ඉන්නැති
    අන්තිමේ ඒ අවුල් වියවුල් මැද මැරෙන්නැති
    නම් දරපු ඔය කවුරු කවුරුත් එහෙම වෙන්නැති

    නුරා හැගුමන් සෑමදාමත් පටලගන්නැති
    පුරා දිවියම ඉහට උඩිනුත් කෙළවගන්නැති
    නුරාවට උන් “ආදරය“ ලෙස නමක් දෙන්නැති
    ‘සිරා ලෙස‘ ගෙන එයින් පසු කර තියන් යන්නැති

    මුලින් රැවටී මැරෙනකල් නිහඩව හිදින්නැති
    කලින් මළ උන් වීරයින් කර නම් තබන්නැති
    කතන්දර කියමින් ළමුන් කුරුවල් කරන්නැති
    ඉතින් ඒ ලෙස ඔවුන් තම දුක වසා ගන්නැති

    දහස් වසරක් නිහඩවම ගතවෙලා යන්නැති
    සහස් සුවහස් දනන් බෝ දුක් වින්දා වෙන්නැති
    කොයි කෙනත් සගවාන එය කට පියන් ඉන්නැති
    ඓතිහාසික වන්දියක් අපි ගෙවුවා වෙන්නැති

    එකත් එකටම ප්‍රේමයක් යනු මෙයම වෙන්නැති
    හිතක් හිතකට ගලපන්න බැරි කමම වෙන්නැති

    - නජිත් ඉන්දික -
     

    naziz

    Banned
    Jun 23, 2018
    80
    10
    0
    ලෝක සව්ක්ය සංවිදානය උනත් පිලිගන්නවා ගුද සංචරණය කියන්නේ යහපත් සහ තෘප්තිමත් ක්‍රියාවලියක් කියල