ප්‍රේම_පාරමිතාව

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රේම_පාරමිතාව

    1.
    මා මිනිසුන්ගේ ද දේවදූතයන්ගේ ද
    භාෂා වලින් කතා කරතත්
    ප්‍රේමය මට නැත්නම්
    මම ඝෝෂා නඟන ඝණ්ඨාරයකට හෝ
    කටුක රාවය දෙන කයිතාලමකට
    හෝ
    සමාන වෙමි.

    2.
    දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්,
    සියළු අභිරහස් ගැන අවබෝධය ද
    සකල ඥානය ද මට ඇතත්,
    කඳු සෙලවීමට තරම් බලවත්
    විශ්වාසයක් මට තිබුණත්
    ප්‍රේමය මට නැත්නම් මම
    හිස් තැනැත්තෙක්මි.



    3.
    දන්දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්,
    මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා
    බිලි දුන්නත්,
    ප්‍රේමයක් මට නැත්නම්
    කිසි ඵලක් නැත.



    4.
    ප්‍රේමය,
    ඉවසිලිවන්තය, කරුණාවන්තය.
    ප්‍රේමය,
    ඊර්ෂ්‍යා වන්නේ නැත.
    පාරට්ටු කරගන්නේ නැත.
    උඬඟු වන්නේ නැත.



    5.
    ප්‍රේමය,
    අවිනීත නොවේ.
    ආත්මාර්ථාකාමී ‍නොවේ.
    හනික නොකිපේ.
    නපුර සිතේ ධාරණය කර නොගනියි.



    6.
    ප්‍රේමය,
    අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
    හරි දේ ගැන ප්‍රීති වෙයි.



    7.
    ප්‍රේමය,
    සියල්ල උසුලයි.
    ප්‍රේමයෙහි,
    විශ්වාසයට ඉමක් නැත,
    බලාපොරොත්තුවට නිමක් නැත,
    ඉවසීමට අගක් නැත.



    8.
    ප්‍රේමය සදාතනිකය
    දිවැස් වැකි වුව ද පහව යන්නේ ය.
    විවිධ ශබ්ද දෙසීම් වුව ද
    නිම වන්නේ ය.
    ඥානය වුව ද නැති වන්නේ ය.



    9.
    මන්ද, අපේ ඥානය අසම්පූර්ණ ය.
    දිවැස් වැකි දෙසීම ද අසම්පූර්ණ ය.



    10.
    සම්පූර්ණ දේ පැමිණි විට
    අසම්පූර්ණ දේ පහව යන්නේ ය.




    මේක උපුටාගෙන තියෙන්නේ ශු. බයිබලයේ 1 කොරින්ති 13 : 1-13 පරිච්චේදයෙන්..ක්‍රි. ව. 1 සියවසේදී පාවුළු තුමා විසින් ග්‍රීසියේ කොරින්ත් කියන නගරයේ වැසියන්ට යවපු පලවෙනි හසුනේ කොටසකින්... ප්‍රේමය ගැන තියෙන තවත් එක ලස්සන අර්ථකතනයක් නිසා මම දැකල නැති අයට බලන්න බෙදාගන්න හිතුවා..:):)

    ඔයාලගේ ප්‍රේමයත් මේ වගේද? ඇත්තටම අපි ප්‍රේම කරාට අපි ළඟ මේ ලක්ෂණ තියෙනවාද? :):):)



    ආගම් ගාවාගන්නේ නැතුව ජීවිතේට යමක් ගන්න පුලුවන්නම් ගන්න ;)

    ඉස්සර නම් අපි කිව්වේ රෙපක් ගහගෙන යන්න කියල..දැන් මගේ රේප් කැපෙන වෙගේත් එක්ක බැලුවම උබලගෙන් රේප් ඉල්ලලා වැඩක් නැහැ...:baffled: ඒ නිසා හිතට තරහක් එන දෙයක් තියෙනවනම් හොරෙන් රේප් කපන්නේ නැතුව හිතට එන අදහස මෙතන දාන්න...බම්ප් එකක් දාලම යන්න... ;)
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රේම කරලා නෑ බන්, ඕව ගැන දන්නේ නෑ ඒ හින්ද :sorry:

    ඔය කොච්චර සුන්දර කතා කීවත් මොලේ කෙමිකල් ටිකක් එහෙ මෙහෙ වෙන එකටනේ මෙච්චර මේ සුන්දරයි කියන්නෙ :baffled:
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රේම කරලා නෑ බන්, ඕව ගැන දන්නේ නෑ ඒ හින්ද :sorry:

    ඔය කොච්චර සුන්දර කතා කීවත් මොලේ කෙමිකල් ටිකක් එහෙ මෙහෙ වෙන එකටනේ මෙච්චර මේ සුන්දරයි කියන්නෙ :baffled:

    ජීවත් වෙනවා කියන්නෙත් කෙමිකල් එහාට මෙහාට වීමක් වගේ නෙමෙයිද? ඒකට තමා සුන්දරත්වය කියන්නේ...එක රසවිදින්න ඉගෙන ගන්න ඕනේ..:P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ado supiri bn.. attatama dn kale adarath ohomada kiyala hithenawa bn.. koi tharam adre pirihilada dn

    :yes::yes: ඇත්ත බන්...

    ප්‍රේම කරල නෑ

    :lol::lol::lol: ප්‍රේම කරලා නැහැ නෙමෙයි, ප්‍රේම කරාට වැඩේ හරිගියේ නැහැ, කෙල්ල සෙට් වුනේ නැහැ කියල ඇත්ත කියපන්...:rofl: