ප්‍රොන්තෝ

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ලංකාවෙ ඉන්න අහිංසක කොල්ලෙක් ගිහින් ඉතාලියෙ. ඉතාලියෙදි ඉතිං බාසාව දන්නෙ නැත්නම් හරි අමාරුයිනෙ. මෙයත් බාසාව නොදැන ගිහින් තියෙන්නෙ, ගෙවල් එහෙමත් උගස් තියලා. මූට ඉස්සෙල්ලාම සෙට් වෙලා තියෙන්නෙ ක්ලීනිං ජොබ් එකක්.

    ගෙදර අයිති ගෑනි මූට දන්න ඉංග්‍රීසියෙන් කියල උඩ තට්‍ටුව අතු ගාන්න කියල. අන්තිමට පඩිපෙල පෙන්නලා කියල "පියානෝ, පියානො" කියලා. අනේ ඉතිං අපේ කොලුවත් බොහොම මහන්සියෙන් උඩ තට්‍ටුවෙ තිබුන පියානෝ එක ගෙනෙල්ල පහලට.

    හවස ගෑනි ඇවිල්ල මේක දැක්කම ගෑනිට තරු පෙනිලා. මොකද ඉතාලි බාසාවෙන් "පියානෝ, පියානෝ" කියන්නෙ, "හෙමින් හෙමින්" කියන එක. ගෑනි මූට කියල තියෙන්නෙ හෙමින් පඩි පෙල අතු ගාන්න කියල.

    ඔය කමල් කියන හාදය හැම මාසෙම ගෙදරට සල්ලි යවනවලු. මූ ගේ උගස් තියලනෙ ඉතාලි ඇවිත් හිටියේ. ටික කාලයක් යද්දි මූත් ඉතාලි බාසාව, සිස්ටම් එක එහෙම පුරුදු වෙලා. ඉතාලි බාසාවෙන් "ප්‍රොන්තෝ" කියන්නෙ "හෙලෝ" කියන එකට.

    එක මාසෙක මූ ගෙදරට සල්ලි යවන්න පරක්කු වෙලා. මූට කෝල් එකක් ඇවිත් අම්මගෙන.

    අම්මා : හලෝ පුතේ
    කමල් : ප්‍රොන්තෝ
    අම්ම : ඈ යකෝ? මම තොගේ අම්මා. උඹ දැන් උඹගෙ නමත් වෙනස් කරාද ප්‍රොන්තො කියල? අන්න ගේ සින්න වෙන්න යනව. ‍තෝ සල්ලි එවන්නෙ නැද්ද?
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Patta machan....rep++:)

    ok2h.jpg