ප්‍රොසෙසරයේ වේගය මනින හැටි
මේ කියන්න යන්නේ ප්‍රොසෙසරයේ වේගය මනින හැටි ගැනයි. CPU එහෙම නැත්තම් Central Processing Unit කියල හඳුන්වන ඒකකයේ එක කොටසක් තමයි Control Unit (CU) කියන්නේ. CU යටතේ වෙන්නේ සම්පූර්ණ පරිගණක පද්ධතිය පාලනය කිරීම. ඒ වගේම අපි පරිගණකයට දත්ත (data) ඇතුල් කලහම නැවත අපට තොරතුරු (information) ලබා දෙන්න කටයුතු කරන්න මේක වග බලාගන්නවා. ඒ ක්‍රියාවලියට පරිගණක ජීව චක්‍රය (computer life cycle) කියලත් කියනවා, වෙන්නේ මෙහෙමයි.
උදාහරණයක් විදිහට මෙහෙම හිතමු, අපිට දැන් 2+3 මොකද්ද කියල උත්තරේ දැනගන්න ඕනේ. එතකොට අපි ඒ දත්ත පරිගණකයට ලබා දුන්නහම (Fetch) ඒක පරිගණකයට තේරෙන විදිහට විකේතනය කරගන්නවා (Decode) පරිගණකයේ භාවිත වෙන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා හින්ද ඊට පස්සේ ඒ දත්ත දෙක එකතු කරලා (Execute) එය තාවකාලික මතකය තුල ගබඩා කරලා (Store) තමයි අපට 2+3=5 කියල තොරතුර ලබාදෙන්නේ.
මේ විදිහට දක්ෂිණාවර්තව වටයක් ගියහම ප්‍රොසෙසරයේ කාර්ය නිම වෙනවා. යම් කාලයක් ඇතුලත මෙවැනි වට කීයක් කැරකෙනවද, ඒ කියන්නේ සංඛ්‍යාතය යන කාරණය මත තමයි ප්‍රොසෙසරයේ වේගය මනින්නේ. මේක processor speed නැත්තම් clock speed කියලත් හඳුන්වනවා (කොහොම වුණත් මෙතන speed කියල කියවෙන්නේ භෞතික වේගයක් ගැන නෙමෙයි කියලත් මතක තියාගන්න වෙනවා) . සංඛ්‍යාතය මනින සම්මත ඒකකය (SI ඒකකය) තමයි හර්ට්ස් (Hz).
උදාහරණයක් විදිහට 1 Hzක් කියන්නේ තප්පරයක් ඇතුලත එක වටයක් කැරකෙනවනම්. දැන් ඔයාලට පුළුවන් තමන්ගේ පරිගණකයේ කොච්චර ක්‍රියා වාරගණනක් තප්පරයක් ඇතුලත වෙනවද බලන්න.
සැ.යු. - මෙයද මතක තබා ගන්න,
1 000 Hz = 1 kHz
1 000 kHz = 1 MHz
1 000 MHz = 1 GHz