~ප්‍රෝටීනමය ලෝකය~
පරමාණු කියා ජාතියක් තිබේලු. ඒවා සෑදී ඇත්තේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලින්ලු. පරමාණු එකිනෙක බැඳීමෙන් අණු සෑදෙයි. අණු තව දුරටත් විකරණය වීමෙන් සංයෝග සෑදෙයි. මෙලෙස සෑදෙන සංයෝගයක් වන ඇමයිනෝ අම්ල දහස් ගණනක් එකිනෙක බැඳීමෙන් ප්‍රෝටීන සාදයි.
සෛලයක් සෑදෙන්නේ මේ ප්‍රෝටීන වලිනි. සෛල එක් වීමෙන් අවයවද පද්ධතිද ජීවියාද නිමවයි. මිනිසාද මෙලෙස නිර්මාණය වූ ප්‍රෝටීන ගොණුවකි.
මෙය කියවන ඔබද ප්‍රෝටීන ගොණුවකි. පරිගණක තිරයෙන් නිකුත් වන ආලෝක තරංග ඔබේ දෑස නැමැති ප්‍රෝටීනමය ව්‍යුහයේ ඇති ෆොටොප්සීන් ප්‍රෝටීනයෙන් අවශෝෂනය කරගෙන ස්නායු හරහා ප්‍රෝටීනමය මොලයට ගමන් කරයි. මොලය තුල සිදුවන රසායනික විපර්යාස නිසා පරිගණකය නම් යමක් ඇති බව ඔබ දනී. මෙය ලියන මාගේ ඇඟීලි තුඩු වල ඇති මෙයිෂ්නර් දේහානු කී බෝඩය නම් යමක් ඇති බව මට කියා දෙයි. එවැන්නක් සත්‍ය වශයෙන්ම තිබේ දැයි මා දන්නේ නැත.
ඔබට එදිනෙදා දිවියේ හමුවන සියල්ලො ප්රෝටීනයෝ වෙති. ඔබ ප්‍රේම කරන්නේ ප්‍රෝටීන ගොණුවකටය. ඇයට කෙරටීන් ප්‍රෝටීනයෙන් සැදුණු දිගු කෙස් කලඹක් හා මේදය එක් වීමෙන් සෑදුණු පුලුල් පසුපසක් ඇත.
ඔබට ප්‍රෝටීනයකට ප්‍රේම කිරීමට සිතුනේ පූර්ව හා අපර පිටියුටරියෙන් නිකුත් වන FHS හා LH යන ප්‍රෝටීනමය හෝමෝන නිසාය. ඒවා ස්රාවය වන්නේ හයිපොතැලමසයේ ක්‍රියාත්මක වන ජෛව ඝටිකා යාන්ත්‍රණයෙනි. හයිපොතැලමසයද ප්රෝටීනයන්ය.
ප්‍රෝටීනමය ජීවීන් ලිංගිකව එක් වීමෙන් DNA හුවමාරු වීම නිසා නව ප්‍රෝටීන ජීවියෙක් සෑදීමට අවකාශ ලැබේ. මව් ප්රෝටීනයෝ මිය යාමෙන් පසු නව ප්‍රෝටීන ජීවීන්ගේ කතාව ඇරඹේ.
මලක් කියා ඔබ සිඹින්නේ ගසක ප්‍රජනන අවයවයි. පලතුරක් ලෙස ඔබ කන්නේ ගසක පරිණත වූ ශාක ඩිම්බ කෝෂයයි.
ඒ අතර ඊස්රායිල් නමින් හැඳින්වෙන ප්රෝටීනයෝ ශක්තිය නිදහස් කරන සංයෝග ලෝහ බට තුල දමා පලස්තීනුවන් නැමැති ප්රෝටීනුවන්ට භෞතිකව හානි කරයි. නානසාර නැමැති ප්රෝටීනයා මුස්ලිම් වරු නම් ප්රෝටීනයන්ට පහර දෙයි. ඇතැම් විට ඔහුගේ පහර කන ප්රෝටීනයා තුල ඇත්තේ වසර දහස් ගණනකට පෙර බුදු හිමියන්ගේ ශරීරය නිමැවූ පරමාණුවක් විය හැක.
ඇතැම් ප්රෝටීනයෝ ජීවත් වන්නේ වසර දහස් ගණකට පෙර සිටි ප්‍රෝටීනයක් කියූ ආකාරයටය. එසේ ජීවත් වීමෙන් ප්‍රෝටීන වලින් තොර අමුතුම ලොවකට යනු ඇතැයි සිතයි.
ඔබ විඳින ප්‍රෝටීනමය ශරීරය කවදා හෝ නැවත පරමාණු බවට පත් වී නව ප්රෝටීනයන්ට පෝෂනය සපයනු ඇත.
ලෝකය පරමාණු මඬලකි. අප එහි රඟන ප්රෝටීනයෝ වෙමු.
- නදීෂ නිමල්ක

Code:
https://www.facebook.com/groups/321407341332387/permalink/432602703546183/