පාකිස්තානයේ ජමීල්....
මහේලට පිස්සුවෙන් වගේ ආදරය කරන පාකිස්තානයේ ජමීල්
තව දවස් කිහිපයකින් ආරම්භ වන ශ්‍රීලංකාව හා එංගලන්තය අතර තරගාවලිය නිසා නැවතත් ක්‍රිකට් උණුසුම අපේ ක්‍රිකට් උන්මන්තකයන් ගාවට පැමිණේවි.
මේ කියන්න යන්නේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව දිරිගන්වන විශේෂ පුද්ගලයකු ගැන. හැබැයි ඒ පර්සිවත් ගයාන්වත් නෙමෙයි. ඔහුගේ නම තමා ජමීල් හස්සන් (Jameel Hassan).ජමීල් කියන්නෙ පකිස්තානු ජාතිකයෙක්.
ඔහුගේ ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම තමයි ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම.
අපි කවුරුත් ආදරය කරන මහේල ජයවර්ධන තමයි මොහු වැඩියෙන්ම ඇලුම් කරන ක්‍රීඩකයා. මොහු කුඩා කාලයේ පටන්ම (වසර 1999) ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වනවා. ජමීල්ගේ ලොකු විශේෂත්වයක් තියෙනවා ඒ ඔහුගේ මව්බිම වන පාකිස්තානය හා ශ්‍රීලංකාව අතර තරග වලදී පවා මොහු ශ්‍රීලංකා කණ්ඩායමට සහයෝගය දක්වන එකයි.
ඒකට හේතුව ලෙස ඔහු කියන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාම කැපවීමකින් හා කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරන අභිමානවත් කණ්ඩායමක් නිසා කියලයි.
මොහුගේ දිවියේ දුක්බරම දිනය ලෙස මොහු සඳහන් කරන්නේ පාකිස්තානයේ ලාහෝර් හිදී ශ්‍රීලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ දිනයි.
එම අවස්ථාව වනවිට ඔහු පාසලේ අධ්‍යයන කටයුතුවල නිරතව සිට ඇති අතර මොහුට නිවසේ දුරකතනයට ඇමතුමක් පැමිණ ඇත, එම දුරකතන ඇමතුමෙන් ඔහුට පවසා ඇත්තේ ශ්‍රීලංකා කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වෙලා මහේල ජයවර්ධන එම ප්‍රහාරයෙන් මිය ගිහින් කියලා.
එම පුවත ඇසීමෙන් ශෝකයට හා කම්පනයට පත් වූ ජමීල් හඬන්නට පටන්ගෙන ඇති අතර පාසල නිමා වූ විගසම නිවෙස වෙත දිව ගොස් සෑම මිනිත්තුවක් පාසාම ඔහු කර ඇත්තේ ප්‍රවෘත්ති නැරඹීමයි. මඳ වේලාවකින් සිදුවීම පිළිබඳ සැබෑ තොරතුරු දැනගැනීම ලැබීම නිසා මොහුගේ සිතට සැනසීමක් දැනී ඇති අතර ජමීල් ඒ මොහොතේම ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දෙවියන්ට ස්තූති කරලා තියෙනවා.
ජමිල්ගේ ජිවිතයේ සතුටුම දිනය තමා ඔහුට මහේල ජයවර්ධනව මුණ ගැහුනු දවස.
මහේල හමුවූ පසු ජමීල් කියලා ඔහු මහේලගෙ ප්‍රියතම රසිකයකු කියලා. ඔහු මහේලට ගොඩක් ආදරය කරන බව හා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වන්නේ මහේල නිසා බවත් කියලා. මෙය ඇසූ පසු මහේල ඔහු සමඟ සිනාසී ඔහුව වැළඳගෙන ඇති අතර ඔහු සමඟ ඡායාරූපයකට පෙනී ඉඳලා.
එදින ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් හමුවී ඔවුන්ගේ සමරු අත්සන් ලබා ගත්තද එම දිනපොත ඔහු අතින් නැතිවී ඇති බව ජමීල් පවසන්නේ ඉතා දුකිනි. එහෙත් ඔහු ක්‍රීඩකයන් සමඟ ලබා ගන්නා ලද ඡායාරූප සියල්ල ඔහු සතුව සුරක්ෂිතව තිබීම ඔහුට සතුටකි.
මොහු මෙසේ පිස්සුවෙන් මෙන් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වන බව මොහුගේ නෑදෑ හිත මිතුරන් හා අසල්වැසියන් සියල්ලම දන්නා අතර මොහුගේ ගම් ප්‍රදේශයේ අය මොහුට කතා කරන්නේ ජමීල් කියා නොව මහේල කියලා.
උපතින් ශ්‍රීලාංකිකයකු නොවුණත් හදවතින් ශ්‍රී ලාංකිකයකු වන ජමීල්, දිනන දවසට හුරේ දමා පැරදුණු විට ක්‍රීඩකයන්ට බනින සමහරක් ක්‍රීඩාලෝලීන්ට ලොකු ආදර්ශයක්.