ඉන්දියානුවන් විතරක් නොවෙයි. මේ පාකිස්තානුවන් ශ්‍රී ලංකාව / කොළඹ දකින හැටි.
සරල සිංහල අදහස
" පහුගිය අවුරුදු 20 දී රුපියල් ට්‍රිලියන 4 ක අයවැයක් වෙන් කළත් පාකිස්තානයේ ප්‍රධාන නගර වන ඉස්ලාමාබාද් සහ ලාහොර්, ශ්‍රී ලංකාවේ කොළඹින් 5% ක්වත් දියුණු නැත. "
මේ වෙනස ඇතිවුණේ 2005 න් පස්සේ.
ඉන්පෙර කොළඹත් ඩකා, මුම්බායි, ලාහොර් වගේ අපිරිසිදු, මුඩුක්කුවක්.
යුද්ධයක් අතරමැද කොළඹ ලෝකයේ නවීනම නගරයක් විදියට ගොඩනැගුණේ.
අතීතයේ ගමනාගමනය කොතරම් අමාරු ද කියලා ඒ කාලේ ඩ්‍රයිව් කරපු, පාරේ ගියපු මිනිස්සු කියනවා.
දැන් කොළඹ විනාඩි දහයක, පහලොවක ගමනක් ඒ කාලේ පැයක ගමනක්.
ප්‍රධානම හේතුව අබලන්, පටු පාරවල්.
ඉන්පසු කාලයේ කොළඹ විශාල ට්‍රැෆික් එකක් තිබුණා. ඒ සියල්ල විද්‍යාත්මකව විසඳුවා.
ඒ කාලයේ කොළඹ මුඩුක්කු වල සෞඛ්‍ය ප්‍රශ්න සෑහෙන්න. බෝ වන රෝග. ඒ ප්‍රශ්න විසඳුවා.
ඒ කාලයේ කොළඹ අපිළිවෙල, අවලස්සන වීමට ප්‍රධානම හේතුව විදෙස් ආයෝජකයන් නොපැමිණීම.
ඕනෑම රටක නගරයක නවීනත්වය තියෙන්නේ ආයෝජකයන් අතේ. සිංගප්පූරුව හැදුනේ එහෙමයි.
නමුත් යුද්ධය අවසන් වීම සහ යටිතල පහසුකම් දියුණු වීම එක්ක විදෙස් ආයෝජකයන් ලංකාවට ආවා.
අද පවතින දියුණු, ලස්සන කොළඹ හැදුනේ එහෙමයි.
ඔව්. මේ සමහර (සියල්ල නෙවෙයි) ව්‍යාපෘති කළේ ණය වෙලා.
ලෝකයේ හැම රටක්ම එහෙමයි. ලංකාව විතරක් නෙවෙයි. ලෝකයේ හැම රටක්ම දියුණු කරන්නේ ණය අරන්.
ඒක තමයි සම්මත ක්‍රමය.
ලෝකයේ වැඩිපුරම ණය රට ඇමෙරිකාව. ලෝකයේ සමස්ථ ණය බරින් 1/3 ක් ඇමෙරිකාවේ. ඇමෙරිකාව හැදුනේ , තාමත් ඇමෙරිකාව පවතින්නේ ණය අරන්.
ලෝකයේ දෙවෙනියට ණය රට චීනය. ඔය මහා ආර්ථිකයක් තියෙන රට.
තුන්වැනියට විශාලතම ණය බරක් තියෙන්නේ ජපානයට. ජපානය හැදුනේ ණය අරන්. ජපානය ඩොලර් ට්‍රිලියන 10 ක් ණයයි.
ලෝකය එහෙම තමයි. ආර්ථිකය එහෙම තමයි.
හැම රටක්ම ණය ගන්නවා. ඒක ආර්ථිකය දුවන, සරල, සාමාන්‍ය ක්‍රමයක්.
හැබැයි ලාංකිකයා ආර්ථික විද්‍යාව දන්නේ නැහැ.
ගම් වල ගෙවල් වල 'ණය ගැනීම නිකන් තත්ත්වයට හොඳ නැති, බාල, නින්දා වැඩක් කියලා' ගොඩේ අදහසක් තිබුණා.
ගම් වල මිනිස්සු (බහුතරය) ව්‍යාපාර නොකර සරල සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හේතුවත් ඒක.
ඔවුන් මුදල් එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ. ණය වෙන්න කැමති නෑ. අවදානම් ගන්න කැමති නෑ.
'ණය වුනාම නින්ද යන්නැතිය' කියන අදහසක් ගැමියන් අතර තියෙනවා.
හැබැයි ආර්ථිකයක් කියන්නෙම මුදල් එක්ක සෙල්ලම් කිරීමට.
ගැමි මනසක් ඇති ලාංකිකයන්ගේ මේ අදහසට තමයි අනුර ලා කතා කළේ.
'උපදින හැම දරුවම අච්චර ණය ය , මෙච්චර ණය ය' ගගා ගොබ්බ මතයක් නිර්මාණය කළේ.
එවිට සාමාන්‍ය මිනිස්සුන්ට සෘජුව අදාල නොවන, රටේ සාමාන්‍ය ණය ඔවුන් අර ගම් වල මිනිස්සුන්ගේ ඔලුව උඩින් තිව්වා.
ඒක නිකන් ඔවුන් අමාරුවෙන් හම්බ කරලා ගෙවන්න ඕන වගේ.
ගැමියො 'යකො මගේ මාසෙක ආදායම පනස්දාහයි. මම ලක්ෂ තුනක් ණය ලු. මුන් ඒ සල්ලි හොරාකාලා. මට නම් ඒ ලක්ෂ තුනෙන් සත පනහක් ලැබුණේ නෑ. දැන් මම කොහොමද ලක්ෂ තුනක් ණය ගෙවන්නේ. මම ඉවරයි' කියලා කල්පනා කරන්න ගත්තා.
එහෙම බැලුවම ඇමෙරිකාවේ දරුවෙක් ඉපදෙද්දී ඩොලර් 112,000 ක් ණයයි.
හැබැයි ඇමෙරිකාවේ දේශපාලකයො එවැනි මෝඩ කතා කියන්නේ නැහැ.
දරුවෙක් ඉපදුනා කියලා ඒ දරුවා ණය නැහැ. රටේ ණය දරුවෙකුට පැටවීම අදේශපාලනික, ගොබ්බ වැඩක්.
(ඔහොම කියන මිනිස්සුමයි අස්වැසුමෙන් ජීවත් වෙන්නේ. රටෙන් නොමිලයේ ඉගෙන ගන්නේ. රටෙන් නොමිලයේ බෙහෙත් ගන්නේ. හදපු පාරවල් වල පැයේ ගමන විනාඩි දහයෙන් ගිහින් තමන්ගේ වැඩ කරගන්නේ. රටෙන් ගන්නවා මිසෙක රටට දෙන දෙයක් නැහැ.
පාරවල් හැදුනු නිසාම මිනිස්සුන්ගේ බොහෝ මරන අඩු වුණා. ඉස්සර මිනිස්සු මැරුනේ හදිස්සියට හොස්පිට්ල් එක්ක යන්න බැරිවීම නිසා පාරවල් එක්ක.
අනිත් කාරණාව දැන් ඔය දරුවෙක් ලංකාවෙන් පිටතට ගියාම ? එතකොට නළලේ කොටලා තියෙන ණය අහෝසි වෙනවද ?)
හැබැයි,
● එවකට රජය ලබා ගත්තේ ව්‍යාපෘති ණය. ඒ ණය ව්‍යාපෘති ආදායමෙන්ම ගෙවිය හැකියි.
● මහා බරක් ය කියන නෙළුම් කුළුණට වියදම් කළේ ඩොලර් මිලියන 100 යි. අපි තෙල් ගේන්න මාසෙට ඩොලර් මිලියන 400 ක් වියදම් කළා.
සතියකට තෙල් ගේන මුදලෙන් නෙළුම් කුළුණ හැදුවේ. නමුත් අද නෙළුම් කුළුණේ වාණිජ සහ සංකේතාත්මක වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවලා.
● ජේවිපි ආණ්ඩුව අදත් ණය ගන්නවා. මේ අවුරුද්දට ඔවුන් ඩොලර් බිලියනය ඉක්මවා ණය අරන් තියෙනවා. නමුත් රටට හැදුනු 'වැදගත්' සහ 'විශාල' ගොඩනැගිල්ලක්, පාරක්, පාලමක් නැහැ.
ඒ සල්ලි වලට ආණ්ඩුව මොකද කරන්නේ ?
ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහා ධම්මික පෙරේරාට දෙනවා. පාන්පිටි කනවා. ආණ්ඩුවට වාහන ගේනවා. රටට වෙන දෙයක් නැහැ.
යටිතල පහසුකම් දියුණු කිරීමෙන්, මුදල් වියදම් කිරීමෙන් තමයි රටක් දියුණු වෙන්නේ.
රටක් දියුණු වුණාම තමයි ඒ රටේ ව්‍යාපාර ආරම්භ වෙන්නේ. මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව වැඩිවෙන්නේ.
ඊටපස්සේ ඒ රටේ ආර්ථිකයත් දියුණු වෙනවා.
අපිට සල්ලි නැති නිසා, වියදම් නොකර, ගන්න ණයෙන් පාන් පිටි ගෙනල්ලා, තියෙන පොඩි බදු ආදායමත් හිඟන්නු වගේ රුපියක් මිලියනයක් දෙකක් ඉතිරි කරලා, ජෙපි ක්‍රමයට හිටියා නම් තාමත් කොළඹ මුඩුක්කුවක්. තාමත් අපි මුඩුක්කු රාජ්‍යයක්.
උපුටා ගැනීම
කි...