පාකිස්ථාන මුල්පෙල කඩා වැටෙයි
තෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයට දිවා භෝජනය සදහා තරගය නතර කරන විට පාකිස්ථාන කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් සිව්දෙනකු යළි ක්රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්රී ලංකා පන්දුයවන්නන් සමත් විය. ඒ අනුව තරගය නතර කරන විට පාකිස්ථාන කණ්ඩායම කඩුලු 4ක් දැවී ලබා සිටින ලකුණු ගණන 81කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින නායක මිස්බා උල්-හක් ලකුණු 10ක් හා අශාඩ් සහික් ලකුණු 12ක් ලබා සිටී. අද තරගයට ශ්රී ලංකාවේ ටී.එම්.ඩිල්ෂාන් ක්රීඩා නොකරන අතර ඔහු වෙනුවට යොවුන් ක්රීඩක දිනේෂ් චන්දිමාල් කැඳවා තිබේ. මහනුවර, පල්ලේකැලේ ක්රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා නායක මහේල ජයවර්ධන ප්රථමයෙන් පන්දුවට පහරදීම සදහා පාකිස්ථානයට ආරාධනා කළේය. ඒ අනුව පාකිස්ථානයේ ආරම්භක පිතිකරුවන් ලෙස මොහොමඩ් හෆීස් සහ තවුෆික් උමාර් පිටියට පිවිසියේය. ශ්රී ලංකා පන්දුයවනන් හමුවේ මුල් පන්දුවාර කිහිපය තුළදී හොදින් පන්දුවට පහරදීමට පාකිස්ථාන ආරම්භක පිතිකරුවන් යුගලයට හැකිවිය. පාකිස්ථාන ලකුණු පුවරුව 15ක් වනවිට නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ තවුෆ් උමාර් ලබාදුන් උඩපන්දුවක් පළමු ස්ලිප් හි සිටි තරංග පරණවිතාන අතින් ගිලිහි ගියේය. පාකිස්ථාන පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 35කට සීමා කිරිමට තිසර පෙරේරා සමත් විය. තිසරගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් මොහොමඩ් හෆීස් ලකුණු 22කට දැවි ගියේය. අනතුරුව යළිත්වරක් ක්රියාත්මක වූ තිසර, අසාර් අලී ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරිමට සමත් විය. මුළු ලකුණු ගණන 41ක් වනවිට දෙවන කඩුල්ල දැවී ගිය අතර ලකුණු 50ක් වනවිට පාකිස්ථානයේ තෙවන කඩුල්ල ද දැවී ගියේය. තෙවන කඩුල්ල ලෙස යුනිස් ඛාන් ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරිමට නුවන් කුලසේකර සමත් විය. පාකිස්ථාන පළමු ඉණිම ලකුණු 56ක් වනවිට තවුෆික් උමාර් දැවි ගියේය. තවුෆික් ලබාගත් ලකුණු ගණන 29කි. තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ සිව්වැනි කඩුල්ල ලෙසයි. පාකිස්ථානයේ මුල්පෙල කඩුලු 4 ලකුණු 21ක් තුළ දැවීයාම විශේෂත්වයකි. පන්දුයැවීමේදි තිසර පෙරේරා කඩුලු 3ක් දවාගත් අතර නුවන් කුලසේකර එක් කඩුල්ලක් දවා ගත්තේය http://pissupusagepalamalla.blogspot.com/2012/07/blog-post_548.html