පාකිස්තානුවන්ට ගුවන් තොටේදීම වීසා දීම න
පාකිස්තානුවන්ට ගුවන් තොටේදීම වීසා දීම නතර කරයි
පාකිස්තාන ජාතිකයන්ට මෙරට ගුවන්තොටුපළේදීම වීසා ලබාදීමේ පහසුකම (Visa on arrival) නතර කිරීමට රජය තීරණය කර ඇත. ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන්ද මේ පහසුකම යොදාගෙන ශ්රී ලංකාවට පැමිණීමේ අනතුර වැඩි වී ඇති නිසා මෙම වීසා පහසුකම නතර කිරීමට රජය තීරණය කර ඇත.
ශ්රී ලාංකික මුස්ලිම් ජාතිකයකු වූ ශකීර් හුසේන් චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගැනීමත් සමග පකිස්තාන අන්තවාදී සංවිධාන ශ්රී ලංකාව හා මාලදිවයින තම ත්රස්ත මෙහෙයුම සිදුකිරීමට සංක්රමණ ස්ථානයක් බවට පත්කරගෙන ඇතැයි හෙළි විය.
පකිස්තාන ජාතිකයන්ට පැමිණෙන විටදී වීසා ලබාදීමේ පහසුකම ගැන යළි සිතා බලන ලෙස ඉන්දීය ආරක්ෂක අංශ ද මෙරට බලධාරීන්ට දැනුම් දී තිබිණි.
divaina