පාඨලී චම්පික කිව්ව ගවරා

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පාඨලී චම්පික කිව්ව ගවරා

    මේ ළඟදී පාඨලී මහත්තයා ගවරෙක් ගැන කිව්වනේ
    ගොඩක් කට්ටිය ඒ මොකාද කියලා වත් දන්නේ නැහැ
    ඒ නිසා මෙන්න ගවරා ගැන පොඩි සටහනක්

    මුලින්ම ඉන්දියානු ගවරා සහ ගවරාගෙ සංසන්දනාත්මක ප්‍රමාණයන් පෙන්වන්නම්

    30741002_1321888711246198_4260720012760711168_n.jpg


    30706087_1321888747912861_2445953350739427328_n.jpg

    ප්ලයස්ටොසීන යුගයේ සිට මෑත ඉතිහාසය දක්වාම ලංකාව තුල ජීවත්ව නශ්ඨව ගිය සත්ව විශේෂයක් තමයි ගවරා. ගවරා නාමයත් සමඟ විවිධ ජනප්‍රවාද, මිථ්‍යාවන් බැඳි පවතිනවා. ගවරා මස් ඉරා ආහාරයට ගත් සත්වයෙක්, ගවරුන්ගෙ දිව කටු සහිතයි වැනි ජනප්‍රවාදයන් තුලින් වැසී ගිය නශ්ඨ වු ප්‍රාග්ඓතිහාසික සත්ව විශේෂයක් ගැන තමයි මේ සටහන.

    ගවර් නැමැති ව්‍යවහාරික නාමයෙනුත් Bos gaurus නැමැති විද්‍යාත්මක නාමයෙනුත් හඳුන්වන්නෙ තද කළු පැහැ සමකින් යුත් බොවිනේ කුලයට අයත් සත්වයෙක්. බොවිනේ කුලය යනු ගවයන්, මීගවයන්, යැක් ගවයන් ආදිය අයත් වර්ගීකරණය. බොවිනේ සාමාජිකයන් අතරින් වඩාත් විශාලම සාමාජිකයන් වන්නෙ ගවරා. එමෙන්ම ගොඩබිම ජීවත්වන සතුන් අතරින් බරින් වැඩිම සත්ව විශේෂයක්. දකුණු ආසියාව තමයි මේ සත්වයන්ගෙ නිජබිම. වර්තමානයේදි ඉන්දියාව සහ අවට කලාපයෙ ගවරුන් ජීවත්ව සිටියත් ලංකාවේ ඔවුන් දක්නට නෑ. 1962 වර්ශයේදි පෝල් ඊ පීරිස් දැරණියගල මහත්මා විසින් අස්ථි කොටස් පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව ලංකාවට ආවේණික ගවරුන් විශේෂයක් ජීවත්ව සිටි බවට ප්‍රථම වතාවට තහවුරු කරනවා. ලංකාවට ආවේණික වඳව ගිය මෙම ගවරුන් විශේෂය වර්තමානයේදි ඉන්දියාවේ ජීවත්වන ගවර විශේෂයට වඩා ප්‍රමාණයෙන් කුඩා විශේෂයක්.

    ‍‍ෛඑතිහාසික සටහන් සහ ඇතැම් ග්‍රාම්‍ය ව්‍යවහාර, නාම ආදිය ලංකාවේ ජීවත්ව සිටි ගවරුන් ගැන ඉතිරිව ඇති සාක්ෂි. ගවරම්මන, ගවර එලිය, ගවර විල මෙන්ම ගවරමාන නැමැති පඳුරු විශේෂය (Garnotia exaristata) එවන් ඇතැම් ව්‍යවහාර නාම.

    ගවරුන් ගැන පැරණිතම සටහනක් වන්නෙ 1681 වර්ශයේදි රොබට් නොක්ස් විසින් තම An historical relation of Ceylon ග්‍රන්ථය‍ෙ තැබු සටහනක්. ඉන්පසුව 1812 දි ජෝන් ඩොයිලි, මේජර් ෆෝබ්ස් විසින් eleven years in ceylon ග්‍රනථයෙන් 1840 දි, ජේම්ස් එමර්සන් ටෙනට් විසින් Historical and Topographical 1859 දි දිගින් දිගටම සටහන් වෙනවා.

    එමෙන්ම එකල කාය ශක්තිය විදහා දැක්වීම පිණිස ගවරුන් හා සටනට පිවීසිම සම්ප්‍රදායක්ව තිබු බවට සාක්ෂි පවතිනවා. ගවරුන් හා සටන් කර ජයග්‍රහණය කරන්නන් රජුගෙ ආරක්ෂකයින් ලෙස තෝරාපත් කරගත් ක්‍රමයක් එකල තිබු බවට තොරතුරු පවතිනවා.

    මතක තබා ගතයුතු කාරණය තමයි ගවරා යනු ඉතාමත් විශාල සත්වයෙකු බව. ඉන්දියාවේ වර්තමානයේදි ජීවත්වන ගවර විශේෂය සලකා බැලුවොත් ව්‍යාඝ්‍රයන් පවා ඔවුන්ට පහර දීමට පසුබට වෙනවා.

    රත්නපුර ප්‍රදේශය‍ෙන් ගවරුන්ගෙ අස්ථි සහ දන්ත කොටස් ලැබී තිබුණත් P.E.Pදැරණියගල මහත්මා විසින් 1962 වර්ශයේදි ගවර කපාලයක් සොයාගැනිම නිසා ලංකාවේ ගවරුන් වෙනම විශේෂයක් බවට හඳුනා ගැනුනා. ඔවුන්ට ලබා දී ඇති විද්‍යාත්මක නාමය Bibos sinhaleyus. මෙලෙස ලැබී ඇති සියළු සාක්ෂි මඟින් උපකල්පනය කල හැක්කේ ලංකාවේ ගවරුන් මධ්‍ය කඳුකරය සිය වාසභූමිය කරගෙන සිටි බවයි. අදික දඩයමට ලක්වීමත්, බ්‍රිතාන්‍යන් විසින් මධ්‍ය කඳුකරයට සිදුකල විනාශත් නිසා මෙි සත්වයන් මිහිමතින් වඳව ගොස් හමාරයි. තව එක් උපකල්පනයක් පවතිනවා ලංකාවෙ ගවරුන් වඳ වීමට හේතුව ගෘහාශ්‍රිත ගවයන්ගෙන් බෝ වුන රෝගයක් හේතුවෙන් බව. එය පිලිගත හැකි කරුණක්. ඉන්දියාවේ වත්මන් ගවර විශේෂයටත් අවස්ථා කිහිපයකදි එලෙස රෝග සංක්‍රමණය වීම නිසා ගහණය අවම වුනා.

    ඔබ රත්නපුර කෞතුකාගාරයට ගියොත් ජීවමාන ප්‍රමාණයට සකස්කල ගවර යුවලකගේ ප්‍රතිනිර්මාණයන් දකින්න පුළුවන්. මා පෙර සඳහන් කල ප්‍රමාණයේ තරම එවිට ඔබට සිතාගත හැකිවනු ඇත.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    මූගේ කටු තියෙන දිවක ෆොටෝ එකක් නැද්ද බන්. බලන්න ආසයි. රෙප්+

    පාටලි මොකක්ද කිව්වෙ? ගවර කිරි පට්ටියක් දාන්නද හදන්නෙ:lol::lol:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    up (rep denna balu)







    ela ela TFS.


    +46 Rep.

    මූගේ කටු තියෙන දිවක ෆොටෝ එකක් නැද්ද බන්. බලන්න ආසයි. රෙප්+

    හොයාගන්න පුළුවන් උනොත් දාන්නම්

    පාටලි මොකක්ද කිව්වෙ? ගවර කිරි පට්ටියක් දාන්නද හදන්නෙ:lol::lol:

    පාඨලීගේ fb page එකේ තිබුණ වීඩියෝව



    :love:ස්තුතියි:love:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ප්ලයස්ටොසීන යුගයේ සිට මෑත ඉතිහාසය දක්වාම ලංකාව තුල ජීවත්ව නශ්ඨව ගිය සත්ව විශේෂයක් තමයි ගවරා. ගවරා නාමයත් සමඟ විවිධ ජනප්‍රවාද, මිථ්‍යාවන් බැඳි පවතිනවා. ගවරා මස් ඉරා ආහාරයට ගත් සත්වයෙක්, ගවරුන්ගෙ දිව කටු සහිතයි වැනි ජනප්‍රවාදයන් තුලින් වැසී ගිය නශ්ඨ වු ප්‍රාග්ඓතිහාසික සත්ව විශේෂයක් ගැන තමයි මේ සටහන.


    මූ මස් කන එකෙක්ද :shocked::confused:
     
    Last edited: