පාඨලී චම්පික රණවන කතා කරයි - හෙළ උරුමයේ මාධ&#3

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    පාඨලී චම්පික රණවන කතා කරයි - හෙළ උරුමයේ මාධ&#3

    ‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියා. ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතය රාජකාරි කළ නිසා වැළකී ගියා.‘ යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

    හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත සහ ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමිවරු ද ඊට එක් වූහ.

    රණවක මහතා මෙසේ ද කීවේය.

    ‘ආරක්ෂක ලේකම්ගේ අනු දැනුමෙන් ව්‍යාජ බොදු සංවිධාන හදා ජාතික හෙළ උරුමය අඩ පණ කරන්න හැදුවත් එය සාර්ථක වුණේ නෑ.

    රාජපක්ෂවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරය කොතරම් ලජ්ජා සහගතද කියනවා නම් මේ මැතිවරණය සදහා බිලියන 250ක් පමණ ආණ්ඩුව වියදම් කළා. බුලත්කොළ නම නමා බණ කිව්වා.

    රාජපක්ෂ රාජ්‍ය බලය නැතිව තරග කළා නම් ඡන්ද විසි ලක්ෂයකින් පමණ අපි ජයග්‍රහණය කරනවා. මොවුන් වංචා කළ මුදල් ගැන මොවුන් කළ ක්‍රියාමාර්ග ගැන අපි එකිනෙක හෙළි කරනවා.

    මැතිවරණය සඳහා ජාවාරම්කරුවන්ගේ මුදල් ගෙන ගියේ හමුදා බෆල් රියවලින්.

    මේ අශීලාචාර රාජ්‍ය පාලනය බිඳ දැමීමෙන් ශ්‍රීලනිප අලුත් වෙයි.

    සියලු අපරාධකරුවන්ට අපි නීතියෙන් දඩුවම් දෙනවා.

    මහින්ද හා පවුලේ උදවිය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියැයි කියා කවුරුත් වෛර උපදවා ගන්න එපා. රාජපක්ෂවරුන් ජනතාව රැවටවූ හැටි පසුව හෙළි වෙයි.

    අපි බැඳ දමන්න ගෝඨාභය පොඩි වැඩියි. සමහර අපරාධකාරයන් රට හැර ගිහින්. නමුත් ඔවුනට එරෙහිව නීතියෙන් කටයුතු කළ හැකියි.

    මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා. ‘

    මේ කරන චෝදනා වේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය කියයි.

    මේ අතර යාපනයේ සාමාන්‍ය වැසියන් පිරිසක් අද (9) පෙරවරුවේ හමුදා කඳවුරක් වටලා ප්‍රහාරයක් එල්ල කළ බව කියන කතාවේ ඇත්තක් නොමැති බව ද බ්‍රිගේඩියර් වනගසුරිය පවසයි.

    උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/288738
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    1911802_807436075990838_9212767666597773795_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545

    Machan...
    Hamudawa dala karanta giye mokakda bn.. visthara tikak kiyahanko......
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රට ලේ විලක්‌ වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්‌තුතියි
    - පාඨලී චම්පික රණවක

    සිරිමන්ත රත්නසේකර

    රට ලේ විලක්‌ වීමට ගිය අනතුර නිර්භීතව මැඬපැවැත්වූ මැතිවරණ කොමසාරිස්‌තුමන්ට හා පොලිස්‌පතිතුමන්ට ගෞරවනීය ස්‌තුතිය පුද කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (09 වැනිදා) සඳහන් කළේය.

    ජනාධිපතිවරණ පරාජය ආසන්නවත්ම ආරක්‌ෂක අංශ මෙහෙයවා පරාජය ආපස්‌සට හැරවීමට ආරක්‌ෂක අංශ ප්‍රධානියකු කටයුතු කළ බවට හෙතෙම චෝදනා කර සිටියේය.

    එම අවස්‌ථාවේදී එම නිලධාරීන් නොබියව, නොපැකිලිව, කටයුතු කිරීම තුළින් රට ලේ විලකට යැමට තිබූ අනතුර වළක්‌වා ගැනීමට හැකිවූ බවත් පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

    පාඨලී චම්පික රණවක අදහස්‌ පළ කළේ ඊයේ (9 වැනිදා) බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    Code:
    http://www.divaina.com/2015/01/10/news12.html

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    සිංහලයා මෝඩයා....

    මෛත්‍රීට චෙන්දෙ දීපු අයත් අන්තිම ප්‍රතිපලය දිහා බලල දැන් දුක් වෙනවා, ඒත් අපි ඒක දන්න නිසා හරි කෙනාට දුන්න. ඒ පාපකර්මයට අත නොගහපු එක ගැන සතුටුයි. දැන් මෙතුමාව නිදහස් පක්ශයෙන් ඉවත් කරලා නායකත්වයට එන්න සැටලයිට් නැන්දා අරාඳිනවලු. එහෙම උනොත් නම් ආයිමත් චන්දේ ඒ පැත්තට යනවා බොරු ඉරල විසි කලත්. නැන්දා හිතාගෙන ඉන්න ඒව ඔය යහපාලනය ඇතුලෙම කරගන්න. මෙතුමාට අතක් තියන්න ආවොත් නැගිටිනවා නෙවෙයි නැගිට්ටවනවා රටම......
     
    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    මෛත්‍රීට චෙන්දෙ දීපු අයත් අන්තිම ප්‍රතිපලය දිහා බලල දැන් දුක් වෙනවා, ඒත් අපි ඒක දන්න නිසා හරි කෙනාට දුන්න. ඒ පාපකර්මයට අත නොගහපු එක ගැන සතුටුයි. දැන් මෙතුමාව නිදහස් පක්ශයෙන් ඉවත් කරලා නායකත්වයට එන්න සැටලයිට් නැන්දා අරාඳිනවලු. එහෙම උනොත් නම් ආයිමත් චන්දේ ඒ පැත්තට යනවා බොරු ඉරල විසි කලත්. නැන්දා හිතාගෙන ඉන්න ඒව ඔය යහපාලනය ඇතුලෙම කරගන්න. මෙතුමාට අතක් තියන්න ආවොත් නැගිටිනවා නෙවෙයි නැගිට්ටවනවා රටම......

    මහින්දට චන්දෙ දුන්න තොපිලා තමයි පාපකර්මෙ කලෙ. පොඩ්ඩක් ඉවසල හිටහන්. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු.